Home

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, September 26, 2015

Derana T.V Patibha.

Derana T.V Patibha.


























෴෴සූවිසි නියත විවරණ෴෴



01.පළමු වැනි නියත විවරණය ...දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් 
දීපංකර බුදුහිමි පාද මූලයෙහි වේද මන්ත්ර ධරන්නා වූ ත්රිවේදය සහිත නොයෙක් ශාස්ත්රයන්හි පාරප්රාප්තව සිට තවුස් පැවිද්දෙන් පැවිදිව අෂ්ට සමාපත්ති ,පඤ්ච අභිඥා ලාභී ,සුමේධ තවුස්ව සිට එම බුදුන් වඩින මගක මඩ සහිත බිමක් සකස් කරමින් සිටිය දී බුදුන් වැඩිය හෙයින් බුදුන් ප්රධාන මහා සඟ රුවනට වැඩමවීම පිණිස ඒ දණ්ඩක් සේ එම මඩ බිමෙහි ජීවිත ආශාව රහිතව මුනින් වැතිර සිටීම ....
02.දෙ වැනි නියත විවරණය ...කොණඩඤ්ඤ බුදුරජාණන් වහන්සේගෙන් 
කොණඩඤ්ඤ බුදුහිමි පාද මූලයෙහි විජිතාවී නම් සක්විති රජව සක්වළගල හිමිකොට ඇති මහසයුර ඇතුළුව ආධිපත්ය පවත්වමින් සිට බුදුන් වහන්සේ ප්රමුඛ කොටිලක්ෂයක් රහතුන් වහන්සේලා මධුර වූ ආහාරයෙන් සන්තර්පණය කිරීම ....
03.තුන්වැනි නියත විවරණය ...මංගල බුදුරජාණන් වහන්සේගෙන්
මංගල බුදුහිමි පාදමූලයෙදී සුරුචි නම් ත්රිවේදයෙහි පාරප්රාප්ත බ්රාහ්මනයෙක්ව සිට බුදුන් වෙත එළඹ බුදුන් සරණ ගොස් බුදු පාමොක් මහා සඟනට ගඳ මලින් පුදා එළකිරියෙන් පමණක් පිසූ භෝජනයෙන් සැතැපීම ...
04.සතරවන නියත විවරණය ...සුමන බුදුරජාණන් වහන්සේගෙන්
සුමන බුදුහිමි පාද මූලයෙදී අතුල නම් සෘධි ඇති , පිනැති නා රජෙක්ව නෑයන් සමඟ නාග භාවයෙන් නික්ම ද්රිව්ය තූර්යයෙන් බුදුපාමොක් මහා සඟනට උපස්ථාන කොට කොටිලක්ෂයක් භික්ෂූන් ආහාර පානයෙන් සන්තර්පණය කර වස්ත්ර යුග්මයක් බැගින් එක එක භික්ෂුවට පුදා බුදුන් සරණ යාම ...
05.පස්වන නියත විවරණය ...රේවත බුදුරජාණන් වහන්සේගෙන්
රේවත බුදුහිමි පාද මූලයෙදී අතිදේව නම් බ්රාහ්මනයෙක්ව බුදුන් වෙත එළඹ බුදුන් සරණ ගොස් උන්වහන්සේ ගේ නිරුත්තර වූ ශීල ,සමාධි ,ප්රඥා ගුණයට පැසසිය යුතු පරිද්දෙන් උතුරු සළුව පිදීම ...
06.සයවැනි නියත විවරණය ...සෝභිත බුදුරජාණන් වහන්සේගෙන්
සෝභිත බුදුහිමි පාද මූලයෙදී සුජතනම් බ්රහ්මනයෙක්ව සිට බුදු පාමොක් මහා සංඝ රත්නයට ආහාර පානයෙන් සන්තර්පණය කිරීම ...
07.හත්වැනි නියත විවරණය ...අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගෙන්
අනෝමදස්සී බුදුහිමි පාද මූලයේදී මහේශාක්ය වූ මහත් ඉර්ධි ඇති යක්ෂ රාජයෙක්ව බුදුන් වහන්සේ ඇතුළු මහා සඟ රුවනට මධුර වූ ආහාර පානයෙන් සන්තර්පණය කිරීම ...
08.අටවැනි නියත විවරණය ...පදුම බුදුරජාණන් වහන්සේගෙන්
පදුම බුදුහිමි පාද මූලයේදී මෘගාධිපති සිංහ රජයෙක්ව සිට මහවෙනෙහි නිරෝධ සමාපත්තියට සමවන් බුදුන් දැක දෙපා සඟල මුදුනින් වැඳ පැදකුණු කොට කොට තුන් වරක් සිංහ නාද කොට සතියක් මුළුල්ලෙහි උවටැන් කිරීම ....
09.නවවැනි නියත විවරණය ...නාරද බුදුරජාණන් වහන්සේගෙන්
නාරද බුදුහිමි පාද මූලයේදී උග්ර වූ කෙලෙස් තැවීම් ඇති පඤ්ච අභිඥාවන්හි පාරප්රාප්තව අහසෙහි හැසිරෙන ජටා ධරයෙක්ව සඟුන් සහිත අසමසම බුදුන් වහන්සේ ,උපාසක ජනයාද ,මිහිරි වූ ආහාර පානයෙන් සන්තර්පණය කොට සඳුනෙන් පිදීම ....
10.දසවැනි නියත විවරණය ...පදුමුත්තර බුදුරජාණන් වහන්සේගෙන්
පදුමුත්තර බුදුහිමි පාද මූලයේදී ජටිල නම් රැටියෙක්ව බුදුපාමොක් මහා සඟනට ආහාර සහිතව සිවුරු පූජා කිරීම ...
11.එකොලොස්වන නියත විවරණය ...සුමේධ බුදුරජාණන් වහන්සේගෙන්
සුමේධ බුදුහිමි පාද මූලයේදී උත්තර නම් ශ්රාවකයෙක්ව බුදු පාමොක් මහා සඟනට තම ගෙයි රැස්කළ අසූ කෝටියක් වස්තුව පුදා බුදුන් සරණ කොට පැවිදි වීම ....
12.දොළොස්වන නියත විවරණය ...සුජාත බුදුරජාණන් වහන්සේගෙන්
සුජාත බුදුහිමි පාද මූලයේදී සතර මහද්වීපයට ප්රධාන වූ අහසේ හැසිරෙන මහත්සේනාවක්ව ඇති සක්විති රජව බුදුන්වහන්සේ වෙත එළඹ වැඳ සතර මහා සතර මහා රාජ්යයෙන්ද ,සප්ත රත්නයෙන්ද බුදුන් පුදා පැවිදි වීම ...
13.දහතුන්වන නියත විවරණය ...පියදස්සී බුදුරජාණන් වහන්සේගෙන්
පියදස්සී බුදුහිමි පාද මූලයේදී ත්රිවේදයන්හි පාරප්රාප්ත කාශ්යප නම් බ්රාහ්මණයෙක්වබුදුන් වහන්සේගෙන් බණ අසා ප්රසාදයට පැමිණ කොටි ලක්ෂයක් කහවනු වියදම් කොට සංඝාවාසයක් කරවා බුදුරදුන්ට පුදා බුදුන් සරණ කොට පඤ්ච ශීලය දැඩිව රැකීම ....
14.දාහතර වන නියත විවරණය ...අත්ථදස්සී බුදුරජාණන් වහන්සේගෙන්
අත්ථදස්සී බුදුහිමි පාද මූලයේදී උග්ර වූ තපස් ඇති පෘතුවියෙහි ශ්රේෂ්ඨ යැයි සම්මත වූ සුසීම නම් ජටිලයෙක්ව මදාරා මල්ද ,පියුම්ද ,පරසතු මල්ද දෙව්ලොවින් ගෙනත් බුදුරදුන්ට පිදීම....
15.පහළොස්වන වන නියත විවරණය ...ධම්මදස්සී බුදුරජාණන් වහන්සේගෙන්
ධම්මදස්සී බුදුහිමි පාද මූලයේදී පුරින්ද නම් සක්දෙව් රජව ද්රිවය ගඳ මලින්ද ,පංචාගික තූර්යයෙන් බුදුන් පිදීම ..
16.දාසය වන නියත විවරණය ...සිද්ධත්ථ බුදුරජාණන් වහන්සේගෙන්
සිද්ධත්ථ බුදුහිමි පාද මූලයේදී උග්ර තේජස් ඇති අභිනවනය නොකළ හැකි පංචාභිංඥා බලයෙන් යුක්ත මංගල නම් තවුසේක්ව දඹරුකකින් ඵල ගෙනවුත් බුදුන්ට පිදීම ...
17.දාහත් වන නියත විවරණය ...තිස්ස බුදුරජාණන් වහන්සේගෙන්
තිස්ස බුදුහිමි පාද මූලයේදී ...සුජාත නම් රජෙක්ව මහත් සම්පත් හැර සෘෂී ප්රවුජ්යාවෙන් පැවිදිව බුදුන් ලෝ පහල වූ බව දැන මහත් ප්රීතියෙන් ද්රිව්යමය මදාර මල්ද ,පරසතු මල්ද ,පියුම්ද දෝතින් ගෙන බුදුරදුන් මස්තකයේ දැරීම .....
18. දහ අට වන නියත විවරණය ...ඵුස්ස බුදුරජාණන් වහන්සේගෙන්
ඵුස්ස බුදුහිමි පාද මූලයේදී විජිතාවී නම් රජෙක්ව මහා රාජ්යය හැරපියා බුදුන් සමීපයෙහි පැවිදි වීම ...
19. දහ නව වන නියත විවරණය ...විපස්සී බුදුරජාණන් වහන්සේගෙන්
විපස්සී බුදුහිමි පාද මූලයේදී මහත් සෘද්ධි ඇති පුණ්යවත් පැහැපත් අතුල නම් නා රජෙක්ව කොටි ගණන් නාගයන් පිරිවරා ද්රිව්ය තූර්යය වයමින් බුදුන් වෙත එළඹ මිණිමුතු රුවන් ඔබ්බවන ලද සර්වාකාරයෙන් හොබවන රන් පුටුවක් පිදීම ....
20. විසි වන නියත විවරණය ...සිඛී බුදුරජාණන් වහන්සේගෙන්
සිඛී බුදුහිමි පාද මූලයේදී අරින්දව නම් නා රජෙක්ව බුදු පාමොක් මහා සඟ රුවනට ප්රණීත රස ආහාර පානයෙන් සංග්රහ කිරීම ...
21. විසි එක් වන නියත විවරණය ...වෙස්සභු බුදුරජාණන් වහන්සේගෙන්
වෙස්සභු බුදුහිමි පාද මූලයේදී සුදර්ශන නම් රජෙක්ව මධුර වූ ආහාරපානයෙන් හා වස්ත්රයෙන් බුදුරදුන් සහිත සංඝයා පුදා පැවිදි වීමත් ආචාර ගණන් යුක්ත වතින් හා ශීලයෙන් බුදු සසුනේ සිත් අලවා වාසය කිරීම ....
22. විසි දෙවන නියත විවරණය ...කකුසඳ බුදුරජාණන් වහන්සේගෙන්
කකුසඳ බුදුහිමි පාද මූලයේදී ඛෙම නම් නා රජෙක්ව තථාගතයන් වහන්සේටද ,මහා සංඝ රත්නයටද බොහෝ දැන් දී පාත්රයන්ද ,සිවුරුද , අඳුන්ද,වැල්මී ආදී පතන සියල්ල පිළියෙළ කොට යෙදීම ....
23. විසි තුන්වන නියත විවරණය ...කෝනාගමන බුදුරජාණන් වහන්සේගෙන්
කෝනාගමන බුදුහිමි පාද මූලයේදී මිත්රාමත්යන්ද වාහන සේනා ඇති පබ්බ නම් රජෙක්ව බුදුන්ගෙන් ධර්මය ශ්රවනය කොට කැමති පරිදි දන් දී නොයෙක් දේශයන්ගේ වටිනා වස්ත්රයෙන් බුදු පාමොක් මහා සඟනට පිදීම ....
24. විසිහතර නියත විවරණය ...කාශ්යප බුදුරජාණන් වහන්සේගෙන්
කාශ්යප බුදුහිමි පාද මූලයේදී වේද හදාරණ ,වෙද මන්ත්ර දරන්නා වූ ,ත්රිවේදය හා නොයෙක් ශාස්ත්රයන් ගේ පරප්රාප්ත ජෝතිපාල නම් මානවකයෙක්ව ඝටිකාර මිත්රයන් සමඟ බුදුන් වෙත එළඹ බණ අසා පැවිදි වී පටන් ගත වෙර ඇති වතාවත්හි දක්ෂවී , සීල සමාදානයේ කිසි තැනක් නොපිරිහෙලා බුදු සසුන පිරීම ....
෴෴වැදගත් කරුණු ෴෴
***
බ්රහ්මදේව නම් බුදුන් දවස මනොප්රනිධිය ආරම්භකළ භාවයේ පටන් යශෝධරා දේවියද නොයෙක් ආත්මභාවයන් ලබමින් බෝධි සත්වයන් වහන්සේ දීපංකර බුදුන් ගෙන් නියත විවරණ ලැබුවාසේම විවරණ ලබන ලදී ...ඒ සඳහා දීපංකර බුදුන් වඩින මඟට ගොස් මානෙල් මල් අට මිටක් පුදා සුමේධ තවුසන් බුදුවන භවයේ යස්හදරා දේවිය වීමටත් ,රාහුල නම් පුතණුවත් තම කුසින් වඩා දීමට ප්රාර්ථනා කාලය ... බුදුරදුන් නියත විවරණ දී වදාළ සේක ...දීපංකර බුදුන් දවස යශෝදරා දේවිය සුමිත්රා නම් පරිබ්රාජිකාවක ලෙස පැවිදිව සිල් රක්ෂා කරමින් සිට නියත විවරණ ලබන ලදී ....
***සම්මා සම්බුද්ධත්වය පතා පෙරුම් පුරන මේ සෑම බෝසත්වරයකු ම බුදු බව ලැබීමට නම් බුදුරජාණන් වහන්සේ ගෙන් නියත විවරණ ලැබිය යුතු ය. නියත විවරණය ලබාගැනීම ට පෙර සෑම බෝසත්වරයෙක් ම මනෝ ප්රණිධානය හා වාග් ප්රණිධානය සම්පූර්ණ කොට තිබිය යුතු ය. මනෝ ප්රණිධානය යනු පුණ්ය කර්ම කොට මේ පිනින් මට බුදුබව ලැබේ වා යි සිතින් සිතීම යි. මේ මනෝ ප්රණිධානය බෝසත්වරයකු විසින් සත් අසංඛ්ය කල්ප ලක්ෂයක් සම්පූර්ණ කළ යුතු වේ. මෙ සේ මනෝ ප්රණිධානය සම්පූර්ණ කළ බෝසත්වරයා ඊළඟ ට වාග් ප්රණිධානය පුරන්න ට පටන් ගනියි. වාග් ප්රණිධානය යනු පින්කම් සිදුකොට මට මේ පිනෙන් බුදුබව ලැබේ වා!" යැ යි වචනයෙන් ම ප්රකාශ කිරීම යි. මෙ සේ වාග් ප්රණිධානය නව අසංඛ්ය කල්ප ලක්ෂයක් සම්පූර්ණ කළ යුතු ය. 
මෙ සේ මනෝ ප්රණිධානය හා වාග් ප්රණිධානය සම්පූර්ණ කළ බෝසත්වරයා නියත විවරණය ලබා ගැනීමට සුදුසුකම් ලබයි. නියත විවරණය ලබා ගැනීම ට බුදුරජාණන් වහන්සේ නමක් වෙතට එළඹෙන බෝසත්වරයා කරුණු අටකින් සමන්විත විය යුතු ය.
මනුස්සත්තං ලිංග සම්පත්ති
හේතු සත්ථාර දස්සනං
පබ්බජ්ජා ගුණ සම්පත්ති
අධිකාරෝ ච ඡන්දතා
අට්ඨ ධම්ම සමෝධානා
අභිනීහාරෝ සමිජ්ඣති
යනුවෙන් දක්වා ඇත්තේ එ ම කරුණූ අටයි. මනුෂ්යත්වය යනු මිනිසකු වී සිටීම යි. පළමු වන නියත විවරණයෙන් පසු ලබන නියත විවරණවල ට මේ අවශ්යතාව නැත. අප ගෞතම බුදුරජාණන් වහන්සේ සිව් වැනි වරට සුමන බුදුරදුන්ගෙන් විවරණ ලබා ගන්නේ අතුල නම් නාරජෙක් ව සිටියදී ය. සත් වෙනුව විවරණය ලබාගත්තේ අනොමදස්සී බුදුරදුන්ගෙනි. ඒ යක්ෂ සේනාධිපතියෙක් ව සිටිය දී ය. අට වන වර පදුම බුදුරදුන්ගෙන් විවරණ ලබාගන්නේ සිංහරාජයකුව සිටිය දී ය.
ලිංග සම්පත්තිය යන්නෙන් ගණන් ගැනෙනුයේ පුරුෂයකු වීම යි. හේතු යනු නියත විවරණය ලබන ආත්මභාවයේම රහත් වී නිවන් දැකීමට හේතු සම්පත් තිබීමයි. අපේක්ෂාව පැතුම් බුද්ධත්වය බැවින් හේතු සම්පත් ඇතත් රහත් භාවයට පත් නොවේ. සත්ථාර දස්සනය නම් සම්බුදුවරයන් වහන්සේ නමක් දැකීම යි. ප්රථම නියත විවරණය චෛත්යයක් බෝධියක් ඉදිරියේ දී ලබාගත නොහැක. බුදුරදුන් පිරිනිවි කල්හි ශ්රාවකයකුගෙන් ද ලබාගත නො හැක. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරිපිට දීම ලබාගත යුතු ය. පබ්බජ්ජා වශයෙන් හඳුන්වන්නේ පැවිදි වී සිටිය යුතු බවයි. නියත විවරණය පළමුවෙන්ම ලබාගන්නා තැනැත්තා බුද්ධශාසනයෙහි හෝ කර්ම, කර්මඵල පිළිගන්නා තාපස කොටසක හෝ පැවිදි වී සිටිය යුතු ය. ගුණසම්පත්ති නම් පැවිදිව ධ්යානාදී ගුණයන් ලබා තිබීමයි. පැවිදිව සිටිය ද පඤ්ච අභිඥා අෂ්ට සමාපත්ති නොලබා සිටින කෙනකුට පළමු වැනි නියත විවරණය ලබා ගත නොහැක. අධිකාරය නම් ජීවිත පරිත්යාගය යි. එ දා අප ගෞතම බුදුරජාණන් වහන්සේ සුමේධ තාපසයන්ව දීපංකර බුදුරදුන්ගෙන් ප්රථම නියත විවරණය ලබන විට බුදුරදුන්ට සහ විසි දහසක් මහා සංඝරත්නයට තම පිට ඒදණ්ඩක් කොට මඩෙහි දිගා වි සිටියේ ජීවිත පරිත්යාගයෙනි. ඡන්දතා යනු බුදුවීම සඳහා ඇති බලවත් කැමැත්ත ය. බුදුවීම සඳහා ඕනෑ ම කැපවීමක් කිරීමට හැකියාවක් ඇති තැනැත්තාට ම නියත විවරණය ලැබේ.
ගෞතම බෝසතාණන් වහන්සේට එදා දීපංකර පාදමූලයේ දී මෙ කී කරුණු සම්පූර්ණ වී තිබුණු හෙයින් ප්රථම නියත විවරණය ලබාගැනීමට හැකි විය.
***අප ගෞතම බුදුන් වහන්සේට මෙම භද්ර කල්පයට විසි අසංඛ්ය කල්ප ලක්ෂයකට පෙර නන්ද නම් වූ අසංඛයෙහි ලොව පහල වූ බ්රහ්මදේව බුදුන් පාමුල අතිදේව නම් රජව සිට බුදුන්වෙත එළඹ පසඟ පිහිටුවා වැඳ විසිතුරු මහා පියුම් 3ක් සමඟින් නොයෙක් රුවණින් බුදුන්පුදා ලොව්තුරා බුදු වෙම්වායි සිතින් සිතා එතැන් පටන් මනොප්රනිධිය සප්තඅසංඛ්යතුල ලොව පහල වූ එක ලක්ෂ විසි පන්දහසක් (125000) බුදුන් දකිමින් මනොප්රනිධානය මස්තකප්රාප්ත කර ගත්හ ... එසේම මෙම භද්ර කල්පයට තෙලෙසාසංඛ්ය කල්ප ලක්ෂයකට පෙර සර්ව භද්ර අසංඛයෙහි ලොව පහළවී සිටි ගෞතම බුදුන් දවස සාගරන නම් සක්විති රජව රත් සඳුනෙන් ප්රසාද ලක්ෂයක් කොට බුදුන් පුදා නුඹ වහන්සේ මෙන්ම බුදුව සූවිසි අසංඛ්යයක් සත්වයන් සසර බන්ධනයෙන් මුදවමියි වචනයෙන් ප්රකාශ කොට නවාසංඛ්ය කල්ප ලක්ෂයක් තුල පහල වූ තුන් ලක්ෂ අසූ හත්දහසක් (387000)බුදුන් දකිමින් වාක් ප්රණිධානය මුදුන්පත් කළහ ...මෙසේ ලොලසසංඛ්ය කල්ප ලක්ෂයක් තුල පහල වූ පන්ලක්ෂ දොළොස් දහසක් (512000) බුදුන් දකිමින් මහදන් පවත්වා මනෝ වාක් පාරමී ඇති බෝසතුන්ට පළමු නියත විවරණය දීපංකර බුදුන් පාද මූලයෙහි ලැබිණි ...එතැන් පටන් සාරාසංඛ්ය කල්ප ලක්ෂයක් සමතිස් පාරමිතා සම්පූර්ණ කරමින් සූවිසි විවරණ ලැබූහ ..


Saturday, September 5, 2015

කර්මයට අනුව පුද්ගලයා වෙනස් වන අයුරු


බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩසිටින කල්හි බුදු රජාණන් වහන්සේ වෙත පැමිණි සුබ මානවකයා උන්වහන්සේ අමතා.
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ ලෝකයෙහි අඩු ආයුෂ ඇත්තෝ වෙති. වැඩි ආයුෂ ඇත්තෝ වෙති. බොහෝ ආබාධ ඇත්තෝ වෙති. ලෙඩ රෝග ඇත්තෝ වෙති. විරූපී ඇත්තෝ ද වෙති. රූප සම්පත් ඇත්තෝ ද වෙති. මහත් පිරිවර ඇත්තෝ ද වෙති. මහත් පිරිවර නැත්තෝ ද වෙති. වස්තු සම්පත් ඇත්තෝ ද වස්තු සම්පත් නැත්තෝ ද වෙති. පහත් කුල ඇත්තෝ ද, අඥානයෝ ද වෙති. මේ අයුරින් සත්ත්වයාගේ උස් පහත් භේදයට හේතුව නම් කුමක්ද? “
එවිට බුදු රජාණන් වහන්සේ විසින් කර්මයම සත්ත්වයාගේ උස් පහත් බවට හේතු වන්නේ යැයි දක්වමින් කර්මය අනුව සත්ත්වයා ආකාර දහ හතරකට බෙදා වඳාළ සේක.
සත්ත්වයා ආයුෂ අඩුවෙන් උපත ලබන්නට හේතු
මානවකය, මෙලොව යම් ස්ත්‍රීයක් හෝ පුරුෂයෙක් කිසිදු අනුකම්පාවක් දයාවක් නැතිව සත්ත්ව ඝාතනය සිදු කරන්නේ ද හෙතෙම ඒ අකුසල කර්මයේ බලයෙන් මරණින් මතු අපායෙහි උපදින්නේය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භාවයට පැමිණිය ද අඩු ආයුෂ ඇත්තෙක් වන්නේය.
සත්ත්වයා දීර්ඝායුෂ ලැබීමට හේතු
මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් සත්ත්ව ඝාතනයෙන් වළකින්නේ ද, සියලු සතුන් කෙරෙහි දයාව අනුකම්පාව දක්වයි ද ඒ තැනැත්තා ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දිව්‍ය ලෝකයෙහි උපත ලබන්නේය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භාවයට පැමිණියෙහි නම් උපදින උපදින සෑම භවයක දීම දීර්ඝායුෂ ඇත්තෙක් වන්නේය.
සත්ත්වයා බොහෝ ලෙඩ රෝග ඇත්තෙක් වීමට හේතු
මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අතින් පයින් හෝ දඩු මුගුරු වලින් හෝ ආයුධ වලින් හෝ සත්ත්වයන්ට හිංසා පීඩා කරන්නේ ද හෙතෙම අකුසල කර්මය බලයෙන් අපායෙහි උපත ලබා දුක් විඳින්නේය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භාවයට පැමිණියහොත් උපදින උපදින භවයක් පාසා බොහෝ ලෙඩ රෝග ඇත්තෙක් වන්නේය.
සත්ත්වයා නිරෝගී වීමට හේතු
මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අතින් පයින් හෝ දඩු මුගුරු වලින් හෝ ආයුධ වලින් හෝ සත්ත්වයන්ට හිංසා පීඩා නොකරන්නේ ද ඒ තැනැත්තා ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දෙව්ලොව උපත ලබන්නේය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භාවයට පැමිණියේ ද උප නුපන් භවයන්හි නීරෝගි වූවෙක් වන්නේය.
සත්ත්වයා දුර්වර්ණ වීමට හේතුව
මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ක්‍රෝධ කරන්නේ වේද, බලවත් සිත් තැවුලෙන් පෙලෙන්නේ වේද, සුළු වරදක් පෙන්වා දුන් විට පවා කිපෙන්නේ වේද, තරහව උපදවන්නේ ද, කෝපය, ද්වේශය, නොසතුටු බව ප්‍රකාශ කරන්නේ වේද ඒ තැනැත්තා ඒ අකුසල කර්මයෙහි බලයෙන් මරණින් මතු අපායෙහි උපදින්නේය. යම් හෙයකින් මනුෂ්‍යාත්ම භාවයෙහි උපදින්නේ නම් උපදින උපදින භවයක් පාසා විරූප වූයේ වෙති.
සත්ත්වයා ලස්සන වීමට හේතුව
මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ක්‍රෝධ නොකරන්නේ වේද, සිත් තැවුලෙන් යුක්ත නො වන්නේද, වරද පෙන්වා දුන් විට නො කිපෙන්නේ වේද, කෝපය, ද්වේශය, නොසතුට බව ප්‍රකාශ නො කරන්නේ වේද හෙතෙම ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දෙව්ලොව උපත ලබන්නේ ය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භාවයට පැමිණියේ නම් උපදින උපදින භවයක් පාසා ලස්සන වන්නේය. රූප සම්පත්තියෙන් යුක්ත වන්නේය.
සත්ත්වයා අල්පේ ශාක්‍ය වීමට හේතු
මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ඊර්ෂ්‍යා කරන්නේ වේද, අන්‍යයන්ගේ ලාභ සත්කාර, ගරු කිරීම්, වැදීම්, පිදීම් ආදීන් හි ඊර්ෂ්‍යා කරන්නේ වේද හෙතෙම ඒ අකුසල කර්මයේ බලයෙන් අපායෙහි උපදින්නේය. යම් හෙයකින් මනුෂ්‍යාත්ම භාවයට පැමිණියේ නම් උපදින උපදින භවයක් පාසා අල්පේ ශාක්‍ය වන්නේය. පිරිවර ජනයා නොමැත්තෙක් වන්නේය.
සත්ත්වයා මහේ ශාක්‍ය වීමට හේතු
මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ඊර්ෂ්‍යා නොකරන්නේ වේද, එසේම අනුන්ගේ ලාභ සත්කාර, ගරු සත්කාර, වැඳීම් පිදීම්, ආදීන්හි ඊර්ෂ්‍යා නොකරන්නේ වේද හෙතෙම ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දිව්‍ය ලෝකයෙහි උපත ලබන්නේය. යම් හෙයකින් මනුෂ්‍යාත්ම භාවයට පැමිණියේ නම් උපදින භවයක් භවයක් පාසා මහේ ශාක්‍ය වන්නේය. බොහෝ පිරිවර ඇත්තෙක් ද වන්නේය.
සත්ත්වයා මහා භෝග සම්පත් ඇත්තෙක් ව උපත ලබන්නට හේතු
මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් මහණ බමුණන්ට දස දාන වස්තුවෙන් සංග්‍රහ කරන්නේ වේද ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දිව්‍ය ලෝකයෙහි උපත ලබන්නේය. යම් හෙයකින් හෙතෙම මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවේ නම් උපනුපන් හැම භවයකදීම මහා භෝග සම්පත් ඇත්තෙක් වන්නේය. බොහෝ ධනයෙන් යුක්ත වූවෙක් වන්නේය.
සත්ත්වයා අඥාන වීමට හේතු
මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් මහණ බමුණන් වෙත පැමිණ ස්වාමීනි, කුසල් නම් කවරේද? අකුසල් නම් කවරේද? නිවැරදි දේ කවරේද? ඇසුරු කළ යුතු නොකළ යුතු අය කවරේද? මා හට බොහෝ කාලයක් හිත සුව පිණිස කළ යුතු දෑ කවරේද? ආදී වශයෙන් නොඅසන්නේ නම් හෙතෙම ඒ අකුසල කර්මයේ විපාකයෙන් මරණින් මතු දුගතියෙහි උපත ලබන්නේය. යම් හෙයකින් මනුෂ්‍යාත්ම භාවයකට පැමිණියේ නම් භවයක් භවයක් පාසා අඥානයෙක්ම වන්නේය. මෝඩ පුද්ගලයෙක් වන්නේය.
සත්ත්වයා ප්‍රඥාාවන්ත වීමට හේතු
මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් මහණ බමුණන් වෙත පැමිණ ස්වාමීනි , කුසල් නම් කවරේද? අකුසල් නම් කවරේද? නිවැරදි දේ කවරේද? ඇසුරු කළ යුතු නොකළ යුතු අය කවරේද? මා හට බොහෝ කාලයක් හිත සුව පිණිස කළ යුතු දෑ කවරේද? ආදී වශයෙන් අසන්නේ නම් හෙතෙම ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දිව්‍ය ලෝකයෙහි උපත ලබන්නේය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භවයකට පැමිණියේ නම් උපදින භවයක් භවයක් පාසා ප්‍රඥාවන්තයෙක්ම වන්නේය.
චුල්ල කම්ම විභංග සුත්‍රය - මඡ්ඣිම නිකාය -> http://pitaka.lk/20135/cs,aps
අද අද එයි මරු පින් කර ගන්නේ
කෙලෙස ද සෙට මරු නේති සිතන්නේ
කිකලද මහසෙන් මරු ඇප වන්නේ
කුමට ද කුසලට කම්මැලි වන්නේ

මාවුස්සාගොල්ලේ මුදිත හිමි

Mahamegha

Total Pageviews