Home

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, March 20, 2015

පතිවත රැකීමේ ආනිසංස


















බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි ඉතා පි්රය මනාප හැසිරීමෙන් යුත් කාන්තාවක් එනුවර විසුවා ය. දිවි දෙවෙනි කොට පතිව්රතා ධර්මය ආරක්ෂා කළ ඕතොමෝ ස්වාමියාට ඉතා කීකරුය. සැමියාගේ වචනය ඉක්මවා නොයන්නීයකිසි විටෙකත් සැර පරුෂ වචන කථා නොකරන මිහිරි වදනින් සැමියා සනසන ඉවසීමේ ගුණය පුහුණු කළ ස්වාමියාට නිරන්තරයෙන්ම ඇප උපස්ථාන කරමින් ගෞරව කළ ආදර්ශමත් කාන්තාවක වූවා ය
සැමියා උපයන වස්තුව ඉතා අරපිරිමැස්මෙන් පරිහරණය කළ ඈ ධාන්ය කොටන විට ඉතිරිවන කුඩු පවා ඉවත නොදමා ගත හැකි ප්රයෝජන ගැනීමට තරම් සුපරීක්ෂාකාරී වූවා යරත්නත්‍රය කෙරෙහි ශ්රද්ධාව ඇති ව හැකි හැම අවස්ථාවකදීම දාන මානාදී කුසල කර්මයන්හි නිරත වූවා යඈ තුළ පැවති ඉතාම උතුම් ගුණය වූයේ සත්යවාදී බවය. මේ අන්දමින් යහපත් දිවි පෙවෙතක් ගත කළ ඈ කර්මානුරූපව රෝගයකට ගොදුරු වීමෙන් අකාලයේ මිය පරලොව ගියා ය
ජීවත්ව සිටියදී අමුතු පින්කමක් නො කළ ද ඇය මහත් භක්තියෙන් ආරක්ෂා කළ පතිව්රතා ධර්මයේ බලයෙන් තව්තිසා දෙව්ලොව අලංකාර දිව්ය විමානයක උපන්නායවිශාල පරිවාර සම්පත්තියෙන් ද මහත් වූ දිව්‍ය ඓශ්චර්යයෙන් ද අනෙකුත් දෙවඟනන් අතර කැපී පෙනෙන රූප ශෝභාවක් ද ලැබුවා ය
මුගලන් මහ රහතන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩි එක් අවස්ථාවකදී උන්වහන්සේගේ අවධානයට ලක් වූයේ මේ දෙවඟනයමිනිස් ලොව දී ඇය ආරක්ෂා කළ පතිව්රතා ධර්මයේ මහිමයෙන් මේ සියලු සම්පත් ලත් බව උන්වහන්සේ දනිතත් ඇගේ මුවින්ම එය කියවීම පතිව්රතාවේ මහිමය අනික් දෙවඟනන්ට ද ප්‍රත්‍යක්ෂව අවබෝධ කරවීමට මහඟු පිටිවහලක් වන නිසා මෙසේ විමසූහ
පින්වත් දේව දියණියෙනි ඔබගේ දිව්ය ඓශ්චර්යය වර්ණනා විෂයාතික්රාන්තය, සිතූ පැතූ සම්පත්, දහස් ගණන් පරිවාර දිව්ය ස්ත්රීන්, විසිතුරු දිව්ය විමානය, සෘද්ධිබලය ආදිය නිසා ඔබ අනිත් දෙවඟනන් අතර විශේෂයෙන් ඉස්මතු වී පෙනෙන්නෙහියශරීරයෙන් නික්මෙන කාන්තියෙන් හාත්පස බබළන්නේ යඔබගේ විධානය පක්ෂි නාදයෙන් ගීතවත් යමෙසේ මහානුභාව සම්පන්න දිව්ය ඓශ්චර්යයක් ලබන්නට හේතු වාසනා වූයේ මනුෂ්ය ලෝකයේ කරන ලද කවර නම් පුණ්යකර්මයක් නිසාද?
ඊට පිළිතුරු වශයෙන් ඇය මිනිස් ලොව දී ආරක්ෂා කළ පතිව්රතා ධර්මයත්, ආගමානුකූල ඇවතුම් පැවතුම් රටාවත් පිරූ ගුණ ධර්මත් විස්තර වශයෙන් උන්වහන්සේට හෙළි කළේ අධිකතර සන්තෝෂයෙනි’‘ස්වාමිනි මේ සියල්ල මට ලැබුණේ අනික් කුසලයක් නිසා නොව ස්වාමි භක්තියෙන් පතිව්රතාව ආරක්ෂා කරමින් ගත කළ දැහැමි ජීවන රටාව නිසාමය
එම දෙවඟනගේ කථාව මුල් කර ගනිමින් සෙසු දෙවඟනන්ට දහම් දෙසූ මුගලන් මහ රහතන් වහන්සේ පෙරළා මිනිස් ලොවට පැමිණීමෙන් පසු බුදුරජාණන් වහන්සේට ද සැළ කර සිටියහඊට සවන් යොමු කළ උන්වහන්සේ ඇයගේ දහම් දිවි පෙවෙත අගය කරමින් රැස්ව සිටි පිරිසට ධර්ම දේශනා කළ සේකඒ ධර්ම දේශනය බොහෝ දෙනාගේ හිත සුව පිණිසම හේතු වූයේ ය
පතිව්රතා දර්මය යනු මෙලොව විවාහක ස්ත්රියකට ඇති ඉහලම ගණයේ ආභරණයකිමෙලොව කෙතරම් ආභරණ පලඳා ගත් ස්ත්රීන් සිටියද ඔවුන්ගේ ආභරණ වල ව්ටිනා කම මෙලොවට පමණි නමුත් මෙම උතුම් ගුණ දරාගත් ස්ත්රියකගේ වටිනාකම රන් ආභරණ කෝටියකට වඩා උසස්ය.මෙවන් උතුම් ගුණ ඇති ස්ත්රිය මෙලොව පරලොව දෙකෙහිදීම සැපයෙන් සැපයටම පත්වන බව අවිවාදිතය
තෙරුවන් සරණයි
ධර්ම දානය පිණිස මිතුරන් අතර බෙදා හරින්න
රුහුණ විශ්වවිද්යාලයේ පාලි හා බෞද්ධ අධ්යනාංශ ප්රධාන ජ්යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය උණුවතුරබුබුලේ මහින්ද හිමි


Rathana Suthraya





Maha Mangala Suthraya


Thursday, March 19, 2015

ඖෂධ පිදීමේ ආනිශංස


ඖෂධ/බෙහෙත් පිදීමේ ආනිශංස දහය
ඖෂධ සූදානම් කිරීම උතුම් කටයුත්තක් නිසා අපි බොහෝම පිරිසිදුව, ගෞරවයෙන් යුතු ව තමයි මේ කටයුතු ඉටුකරන්න ඕනි. හැම ඖෂධයක් ම සකස් කරන්නට පෙර සිට ම ‘‘සියළු සත්වයෝ සුවපත් වෙත්වා!කියන පින් සිතුවිල්ල මුදුන් පත් කරගන්න ඕනි. පූජා කිරීම සඳහා පාත‍්‍රයක් හෝ පිරිසිදු වට්ටියක් තෝරා ගැනීම සිදුකරන්න ඕනි. පාත‍්‍රය හොඳින් කහ වතුරින් හෝ සුවඳ පැනින් සෝදා පිරිසිදු කර තමන්ට රිසි සේ සරසා ගන්න පුළුවන්.ඖෂධ ලබාගන්න කලින් ඉඳලා ගස් වැල්වලට අපි ගරු බුහුමන් කරන්න ඕනි. ඒ වගේ ම ඖෂධ ලබා ගන්න පෙර සිට ම ඖෂධ සකසා අවසන් වනතුරු ම බුදුගුණ සිහි කිරීම ගොඩක් වටිනවා.
භේසජ්ජං සුගතේ දත්වා
සංඝේ ගණවරුත්තමේ
දනානිසංසේ අනුභෝමි
කම්මානුච්ඡවිකේ මම
ආයුවා බලවා වීරෝ වණ්ණවා යසවා සුඛී
අනුපද්දවෝ අනීතීච හෝමි අපචිතෝ සදා
න මේ පියවියෝගත්ථි තස්ස නිස්සන්දතෝ
මම බුදුරජාණන් ප්රමුඛ මහා සංඝයා වහන්සේට අවශ්ය බෙහෙත් වර්ග පූජාකිරීමේ බලයෙන් ආනිශංස දහයක් භවයේදී ලැබූයෙමි.

1. දීර්ඝායු සම්පත් ලැබීම.
2.
ශරීර ශක්තිය ලැබීම.
3.
ධෛර්ය සම්පන්න පුද්ගලයෙක් වීම.
4.
පැහැපත් වර්ණයකින් යුක්ත වීම.
5.
යහපත් කීර්ති රාවයක් ඇත්තෙකු වීම.
6.
ශරීර සැපය ලැබීම.
7.
කවර උපද්‍රවයකට වත් හසු නොවන්නෙකු වීම.
8.
අන් අයගේ දෝෂාරෝපණයන්ගෙන් වැළකුණු කෙනෙක් වීම.
9.
කාගේත් ගෞරවයට ලක්වූ කෙනෙක් වීම.
10.
තම දරුවන්, බිරිඳ සහෝදර සහෝදරියන්, මව්පියන් අකාලයේ මරණයට පත් නොවීම එවැනි ප්‍රිය විප්‍රයෝග දුකකට පත් නොවීම.

Mahamegha

Total Pageviews