Home

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, April 27, 2015

ආගම ධර්මයෙන් හෙළිවන රෝග නිවාරණ විධි


බුදුරජාණන්වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වසන සමයෙහි තෝදෙය්‍ය නම් පුරෝහිත බමුණාගේ පුත් සුභ නම් මානවකයා උන්වහන්සේ වෙත පැමිණ "තථාගත බුදුරජාණන්වහන්ස, මා මේ ප්‍රශ්න සියල්ලක් ම විමසනු ලබන්නේ මනුෂ්‍යයන් පිළිබදවයි මේ මනුෂ්‍යයන් අතර විවිධාකාර වෙනස්කම් ඇති මනුෂ්‍යයෝ සිටිති. මේ පිළිබද විමසා දැන ගැනීම මගේ බලවත් කැමැත්තයි. මා අසන මෙකී කරුණු දාහතර පිළිබද ව ඔබවහන්සේ කාරුණික අවධානය යොමු කොට පැහැදිලි කර දෙනු මැනවි" යැයි පැවසුවහ.
බුදුන් වහන්සේ වෙත ප්‍රශ්න දාහතරක් ඉදිරිපත් කරනු ලැබීය. ඒ ප්‍රශ්න අතරින් සුභ මානවකයා බුදුන් වහන්සේගෙන් විමසු තෙවෙනි සහ සිව්වන ප්‍රශ්නය වූයේ,
"බුදුරජාණන්වහන්ස, මේ ලෝකයෙහි විවිධ රෝගාබාධ සහිතව ජීවත්වන්නෝ සිටිති. භයානක රෝගයන්ටද ගොදුරුව බොහෝ දුක් විඳිති. කැස්ස, පීනස, පිළිකා රෝග, උණ රෝග, පපුවේ රෝග මේ ආකාරයට නොයෙකුත් චර්ම රෝග සහ අට අනූවක් වූ රෝගයාබාධයන්ගෙන් සහ එකක් දෙකක් හෝ තුනක් නිසා වේදනා විඳින්නෝ බොහෝය. මෙයට හේතුව කිමෙක්ද?"
"බුදුරජාණන්වහන්ස, එසේම රෝගාබාධ නැතැයි කිව හැකි තරම් අයද ඉතා අඩුවෙන් කලාතුරකින්, රෝගාබාධයක් වැළදෙනන් අප අතර සිටිති. කෙනෙක් ඉහත සඳහන් කල පරිදි අපමණ රෝග ආබාධයන්ගෙන් පීඩා විඳීමටත් තව කෙනෙකු කිසිඳු රෝගයක් නොමැතිව ජීවත් වීමටත් හේතුව කුමක්ද?"
එයට පිළිතුරු වශයෙන් බුදුන් වහන්සේ මෙසේ වදාරන ලද සේක.
"මානවකය තම තමන් කරනු ලබන හිංසාකාරී ක්‍රියාවන්ගෙන් ලැබෙන විපාක පිළිබද සිතා නොබලන බොහෝ දෙනා සත්ත්වයන්ට අතින්, පයින් පහර දෙති. අන් අයට අතින් පයින් ගසති. අවමන් කෙරෙති. නින්දා අපහාස කෙරෙති. අනුන්ගේ ගුණ මැකී යන පරිදි කතා කරති. ඕපාදූප කතා කරමින් අන් අයට නිග්‍රහ කෙරෙති. කෙනෙකුට හෝ සත්ත්වයෙකුටවත් ආහාර පාන ටිකක් නොදෙති. සැලකීමක් නොකරති. කාට හෝ වේවා නින්දාවක් ඇනුම් පදයක් කියති. බේත්-හේත් නොදෙති. ආත්මාර්ථකාමී ව වසංගත රෝග බෝවන හේතුවක් දුටු විට ඒවා වැළක්වීමට කිසිඳු වෑයමක් නොගනිති. අන් අයගේ දියුණුවට ඊර්ෂ්‍යා කෙරෙති. කෝපවන ගතියෙන් යුතුව නිතරම අන් අයට හිංසා පීඩා කරති. සතුන් කෙරේද කිසිඳු මානව දයාවක් නොදක්වති."
සුභ මානවකය මෙවන් වැරදි දේ අකුසල් කර ගත් ස්ත්‍රී පුරුෂ දෙපිරිසම ඔවුන් උපන් උපන් ආත්මවල අපරිමිත රෝගයන්ගෙන් පීඩිතව, ලැබූ ජීවිතය ප්‍රයෝජනයක් ගත නොහැකිව තදබල කුෂ්ඨරෝග, උමතු රෝග, අතපය අහිමිවීම් වැනි රෝගාබාධයන්ගෙන් අන් අයට එපාවුණු පුද්ගලයන්ව කාගේත් ඇනුම්,බැනුම් මත පිළිසරණයක් නොමැතිව ජීවත් වීම ඉහත සඳහන් අකුසල කර්මවල විපාක වශයෙන් සැලකිය යුතු යැයි වදාළ සේක. රෝග පීඩාදියට හේතු වශයෙන් මෙම කරුණු වදාළ පසු නිරෝගිතාවයෙන් යුතු ලෙඩ දුක් නැති ජීවිතයක් ලැබීමට හේතුව කුමක්දැයි සුභ මානවකයා ඊළඟට ප්‍රශ්න කළේය.
එයට පිළිතුරු දෙමින් බුදුන් වහන්සේ 'සුභ මානවකය, මොලොව දී ගුණයට ගරු කරන බොහෝ දෙනා සිටිති. ඔවුහු තව කෙනෙකුට වචනයෙන්වත් හිංසාවක් නොකරති. අවමන් නොකරති. අනුන්ගේ ඇද පලුදු නොසොයති. කෙකෙකුගේ ගුණය ඉස්මතු කොට පෙන්වති. කෝප නොවෙති.ඊර්ෂ්‍යා නොකරති. අනුන්ගේ දියුණුවට කැමතිවෙති. කාටත් සැපතක් වේවායි මෛතී‍්‍ර සහගත සිතම ඇත්තෙක්ව වෙසෙති. කරුණාවෙන් යුක්තය. ප්‍රියශීලීගති පැවතුම්වලින් යුක්තය. තව කෙනෙකුට කිසිඳු අයුරකින් හිරිහැරයක් හිංසාවක් නොකිරීම මෙබඳු අයගේ සිරිතයි. ගිලනුන්ට ඇප උපස්ථාන කෙරෙති. ගිලන් ශාලා ආරෝග්‍ය ශාලා තැනවීමට ඒවා ආරක්ෂා කිරීමට දියුණු කිරීමට ක්‍රියා කරති. ලෙඩ දුක් වසංගත රෝග වැළඳෙන ක්‍රම රෝග වැලක්වීමට කටයුතු කෙරෙති. රෝගීන්ට ඇප උපස්ථාන කෙරෙති.මෙවන් පුද්ගලයන් උපදින හැම ආත්මයකදීම ලෙඩ දුක් කරදර හිරිහැරවලින් තොර නිරෝගී සම්පතින් දුටු දුටුවන් පිනවන පැහැපත් පෙනුමකින් හා ප්‍රියශීලී කතා බහින් යුත් ඇත්තන් සේම උපත ලබතියි.' වදාළ සේක.
බුදුන් වහන්සේ තම ධර්මය දේශනාවන්ට පමණක් සීමා නොකොට ක්‍රියාවෙන් ම ඔප්පු කොට වදාළහ. ගිලනුන්ට උපස්ථාන කිරීම, වසංගත රෝග පීඩාවල දී රෝගීන් එයින් මුදා ගැනීම සඳහා සිදුකල කර්තව්‍යයන් පිළිබද ව සැලකීමේදී ඒ පිළිබද මනා ලෙස පැහැදිලි කර ගත හැකිය.
ගිලානෝපස්ථානය මෙන්ම වෛද්‍ය වෘත්තීය පිළිබද බුදු දහමේ විවිධ තැන්වල සඳහන් වේ. බුදුන් වහන්සේ බුදුවීමට පෙර සිටම ඉන්දියාවේ රෝගීන් සුවපත් කිරීම සඳහා භාවිත කර ඇත්තේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයයි. බුදුදහම සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අතර වෙසෙසි සම්බන්ධතාවයක් ඇත.
බෞද්ධ දර්ශනය සහ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පෙරදිග ආරම්භ වූ දර්ශනයකි. මූලික ව පැරණිවේද දර්ශනයන් වන ආයුර්වේදය සිද්ධාර්ථ කුමාරයා හැදෑරූ බව පැහැදිලි කරුණකි.
ආයුර්වේද වේදයේ කොටසක් වන අථර්වන් සහ සෘග්වේදයේ ආභාෂයක් මෙහි දක්නට ඇති බව පැහැදිලිය. එමෙන් ම බොහෝ අය දක්වන්නේ බුදුදහම ලෝකෝත්තර හා මිනිසාගේ ආධ්‍යාත්මිකත්වය සහ හිත සම්බන්ද වැඩිපුර යොමුවක් ලෙසය. එය ලඝුකර දැක්වීමේදී කායික පාර්ශවයෙන් නොව මානසික අංශයට වඩා යොමු වූවක් ලෙස සැලකිය යුතුවේ. එහෙත් නමුත් බෞද්ධ ත්‍රිපිටක ග්‍රන්ථයක් පෙර හැදෑරීමේදී,
විනය පිටකයේ මහාවග්ග පාලියේ භෛෂජ්ජඛන්ධක සූත්‍රයෙහි, 
ශරීරයෙහි හට ගන්න වූ රෝග හා ඒවාට ප්‍රතිකාර සඳහන් ව ඇත. මේ සියල්ල ආයුර්වේද මූලධර්ම මත පිහිටා කරන විග්‍රහයන්ය.
තවද විනය විනිශ්චය, සිඛවලද විනිස වැනි පොත්වලද ඕනෑම පැරණි බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථයකද අඩංගු බෞද්ධමය හා සෞඛ්‍යමය කරුණු ආයුර්වේද මූලධර්ම පදනම් කර පවතී.
ත්‍රිදෝෂ පංචෙන්ද්‍රිය , පංචඤාන , සප්තධාතු පදනම් වූ දර්ශනයක් ආයුර්වේදයේ ඇත. මින් අදහස් කරනුයේ බුදුදහමට පෙර බිහි වූ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයක් (ආයුර්වේද චතුර්වේදයේ අංගයකි.) බුදුදහම විසින් පෝෂණය කල බවත් එය එසේ වීම යුක්තියුක්ත බවත්ය.අනිත් වැදගත් කරුණ වන්නේ,
ආයුර්වේද මූල ග්‍රන්ථයන්ගේ ප්‍රධාන ග්‍රන්ථයක් වන චරක සංහිතාවේ දැක්වෙන මෙම ඡේද අතිශය වැදගත්ය. බුදු දහම සහ ආයුර්වේදය අතර ඇති සම්බන්ධතාවය මෙන්ම ආයුර්වේදයේ හා බුදුදහම එකම මාර්ගයක ගමන් ගත්තා යැයි සිතිය හැක. එනම්,
දර්ශාදී ඉන්ද්‍රියත් සැපතට හා දුකට හේතු නොවේ. රූප ආදී ඉන්ද්‍රයාර්ථයෝත් සුඛ-දු:ඛම හේතු නොවෙති.
ආත්ම - ඉන්ද්‍රි - මනස - බුද්ධිය ගෝචර වූ සැප - දුක කර්මයෙන් තොරව නොවන්නේය. සැප දුක් දෙකින් ඉච්ඡා ද්වෙෂාත්මක තෘෂ්ණාව පැමිණෙන්නේය.(උපදී) නැවත තෘෂ්ණාව ද සුඛ - දුකට කාරණයන්ය. තෘෂ්ණාව වේදනාවන්ගේ ආශ්‍රයයි.
රජස් නමස් ගුණයන්ගේ අභාවය කර්මයන්ගේ ක්ෂය වීම කර්ම සංයෝගයන්ගේ වියෝගය නිසා ඇතිවේ. අපූනර්මය (නැවත නොඉපදීම)නිවනට පත්වේ.
ඉපදීමෙන් මිදුනා වූ පුරුෂයන් විසින් මේ ස්මුර්තිය ම මොක්ෂයාගේ එකම උපාය යැයි නිර්දේශ කරන ලදී. යෝග කරණකොටගෙන ස්ව ස්මතෘ රූප මේවායේ බලලැබුවා වූ යොගීහු ශරීර හැර දැමීමෙන් පසු නැවත නොඋපදී.(නැවත නූපදී ) ත්‍රිපිටකයේ සඳහන්වන සෞඛ්‍ය විධි විධාන ආයුර්වේද මූල ග්‍රන්ථ හා එකඟ වූවක් වන අතර විශ්ව සාධාරණ මතයන්ය. මිනිසාගේ මෙන්ම සඳහන් කර සෞඛ්‍යට හිතකරය.
භික්ෂූන් වහන්සේ අරබයා කල දේශනා සහ ප්‍රකාශවල භික්ෂූන්ට සුදුසු ස්ථාන ශාලා, ආහාර ශාලා, වැසිකිලි හදන ස්ථානය, භාවනා ස්ථාන ගැන පැහැදිලි කර ඇත.
ගිරිමානන්ද සූත්‍රය ද බුදුන් වහන්සේ සතුව තිබූ වෛද්‍ය ඥානය පැහැදිලි ව දක්වාලයි. බලවත් සේ ගිලන් වූ ගිරිමානන්ද තෙරණුවන් අරභයා උන්වහන්සේ ආනන්ද හිමියන්ටද සංඥා දේශනා කල සූත්‍රය "ගිරිමානන්ද සූත්‍රය"යි. ආනන්ද හිමියෝ ගිරිමානන්ද තෙරුන් වෙත එළඹ මේ සූත්‍රය දේශනා කල කල්හි එම තෙරුන් සුවපත් වූ බව සූත්‍රයේ සඳහන්ය.
දස සංඥා අතරින් බුදුන් වහන්සේ ආදීනව සංඥා කවරේද යත් මෙසේ වදාළහ.
"ආනන්දයෙහි, මේ සස්නෙහි මහණ වනයට ගියේ වේවායි රුක් මුලට ගියේ වේවායි ශුන්‍යාගාරයට ගියේ වේවායි මෙසේ පළ කරන්නේය. බොහෝ දුක් ඇති මේ කය බොහෝ ආදීනව ඇත්තේය.මෙසේ මේ කයෙහි විවිධ ආබාධයෝ උපදනාහ. ඔහු කවරේද යත්?
චක්ඛු රෝගය, සෝත රෝගය, ඝාත රෝගය, ජීව්හා රෝගය, කාය රෝගය, සීස රෝගය,කණ්ණා රෝගය, දන්ත රෝගය, කසාය, ශ්වාසය, පීනසය, දාහය, පවරය, තුව්ජ් රෝගය, මුර්ජාය, පක්ඛන්දිකාය, ශූලය, විතූපිකාය, කුෂටය, ගණ්දය, කීලාසය, ස්වාසය, අපස්මාරය, දද්දුය, කණ්ඩුය, කච්ජුය, රඛසාය, විතච්ඡකාය, ලෝහිත පිත්තය, මධුමේහය, අසය, පිළිකාය, භගන්දරාය, පිතින් උපදිනා ආබාධය, වාතයෙන් උපදිනා ආබාධය, සන්නිපාතික ආබාධය, සෘතු පරිතාවයෙන් වන ආබාධය ,විෂම පරිහාරයෙන් උපදනා ආබාධය , උපනුවයෙන් උපදනා ආබාධය, කර්ම විපාකයෙන් උපදනා ආබාධය, ශීතය, උෂ්ණය, සා ය පව්‍යය, උච්චාරය, පස්සාවයි..." මෙසේ දක්වන ලද සියලුම රෝගාබාධයෝ ආයුර්වේදයෙහි ද දක්වා තිබේ.
ධම්පියා අටුවා ගැට පදය සහ ආයුර්වේද බෞද්ධ විද්‍යාව අතර පැහැදිලි සම්බන්ධතාවයක් ඇත. එහි සඳහන් ආයුර්වේද වෛද්‍ය වාක්‍ය වචන බොහොමයක් පවතී.
සුභානුපස්සිංහ විරන්තං
ඉන්ද්‍රියෙසු අසංවුතං
භොජනම්හි අමන්තඤ්ඩිං
කූසිත හීන වීරියං
තාවෝ පහසති මාරෝ 
වනෝ රුක්ඛං ච දුබ්බලං
යමෙක් රූපාදී අරමුණු සුබ වශයෙන් සලකමින් ඉන්ද්‍රිය සංවරයකුත් නැතිව කාමෙහි පමණකුත් නොදැන මාලිව වීර්යෙන් හීනව වෙසේද මාරයා හෙවත් මරණය ඔහු මැඩලයි. දුබල ගසක් මුලින් උපුටා හෙලන්නාක් මෙනි. (ධම්මපදය යමක වග්ගය)
ආරෝග්‍ය පරමා ලාභා
සන්තුඨී පරමං ධනං
විස්සාස පරමා ඤාති
නිබ්බාණං පරමං සුඛං
සියලු ලාභවලට වඩා උතුම්ම ලාභය නිරෝගීකමයි. සතුටුවීම තරම් උසස් ධනයක් නැත. විශ්වාසය තරම් වෙන නෑයෙක් ද නැත. නිවන තරම් උසස් සුවයක් නැත.
මෙකී කරුණු හැදෑරීමේ දී හා ගැලපීමේදී පෙනී යන්නේ බුදුදහමේ අඩංගු කරුණු ආයුර්වේදයේද අඩංගු බවය.


Sunday, April 26, 2015

අපේ රටේ විෂඝෝර සර්පයන්




අපේ රටේ සර්ප විශේෂ 94 ක් විතර ඉන්නවා. එම සර්ප විශේෂ 94න් 35කගෙ තමයි විෂ තියෙන්නේ. එතකොට 59ක්ම අයිති වෙන්නේ නිර්විෂ කියන ගොඩට.මේ විෂ තියෙනවා කියන 35න් 20ක් තමයි මාරාන්තික විෂ තියන ගොඩට අයිති වෙන්නේ. මේ 20නුත් 13 දෙනෙක්ම ඉන්නේ මුහුදේ. ඉතින් ගොඩබිම ඉන්න මාරාන්තික විෂ තියෙන සර්පයන් අතරින් 7 දෙනයි ඉතාම මාරාන්තික.


01. තෙල් කරවලා. Indian krait blue krait (Bungarus caeruleus)
ශ්‍රී ලංකාවේ මාරාන්තික විෂ ඇති සර්පයෝ 7 දෙනාගෙනුත් උග්‍රම විෂ ඇත්තා .
මෙයාගේ මතුපිට තෙල් ගාලා වගේ දිලිසෙනවා. රෑට තමයි වැඩිපුර ක්‍රියාකාරී. මිනිස් වාසස්ථාන ළඟ වේලිච්ච කොලරොඩු ගොඩවල් වල තමයි බහුලව සිටින්නේ. වැඩිපුරම ඉන්නේ වියලි කලාපිය ශුෂ්ක ප්‍රදේශ වල. තෙල් කරවලාගේ විෂ වලට මිනිස් ස්නායු පද්ධතිය විනාශ කරලා දාන්න පුළුවන් හැකියාවක් තියෙනවලු.
02. නයා Cobra (Naja Naja)
අපි කව්රුත් දන්නා කියන නයා . 
අපේ රටේ සීත අධික මධ්‍යම කඳුකරේ ඇරුනාම හැම තැනම ඉන්නවා. නයාගේ විෂ වලටත් මිනිස්සුන්ගේ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය නතර කරන්න පුළුවන් තරම් හැකියාවක් තියෙනවා. දෂ්ට කලොත් පැය 36ක් ඇතුලත බෙහෙත් නොකළොත් රෝගියා මැරෙනවා.
03. වැලි පොළගා Saw-scaled Viper (Echis carinatus carinatus)
වැලි පොළඟාගේ ඔලුව ත්‍රිකෝණාකාර හැඩයක් ගන්නවා. මෙයාව හම්බවෙන්න පුළුවන් වැඩිපුරම වියලි කලාපේ වෙරළබඩ (වැලි සහිත ප්‍රදේශ )පැති වලදී තමයි. රෑට තමයි ක්‍රියාකාරී. දවල්ට කොළ රොඩු ගොඩක් ඇතුලේ, පඳුරක් අස්සේ, බුරුල් වැලි පසේ හැංගිලා ඉන්නවා.ලෝකේ සර්ප විෂ ශරීර ගත වීමෙන් ලෝකයේ සිද්ද වෙන ගොඩක් මරණ වලට වග කියන්න ඕනේ වැලි පොළඟා යැයි කියැවේ.
04. තිත් පොළගා Russell's Viper (Daboia russelli)
තිත් පොළඟා අපිට උස සීත අධික කඳුකර ප්‍රදේශ වල ඇරෙන්න වෙන ඕනෙම තැනකදී හම්බවෙන්න පුළුවන්. මෙයා රෑට වගේම සමහර වෙලාවට දවල්ටත් දකින්න පුළුවන්. විෂ ශරීරගත වීමෙන් මිනිස් රුධිර සංසරණ පද්ධතිය විනාශ වීමත්, සෛල විනාශ වීමත්, ක්‍රමයෙන් හෘදයේ ක්‍රියාකාරීත්වය නතර වීමත් සිද්ධ වෙන්න පුළුවන්. ලංකාවේ වාර්ෂිකව සර්ප දෂ්ඨ කිරීම් නිසා සිදු වන මරණ වලින් වැඩි සංඛ්‍යාවක් සිද්ධ වෙන්න වග කියන්න ඕනේ තිත් පොළඟා යැයි කියැවේ.
05. පොළොන් තෙලිස්සා නැත්නම් කුණ කටුවා Merrem's hump-nosed Viper (Hypnale hypnale)
මේ එක එක පාට තියෙන වර්ග කිහිපයක සිටිනවාලු. ලංකාවේ හැම පළාතකම ඉන්නවලු. රෑට තමයි ක්‍රියාකාරී. දවල්ට කුණුගොඩවල් , ගල් යට වගේ තැන් වල සැඟවී සිටී. පන්න පන්නා දෂ්ඨ කරයි. ලංකාවේ සර්ප විෂ වලින් සිද්ධ වෙන මරණ වලින් 02% කට වග කියන්න ඕනේ මොවුන්.
06. මුදු කරවලා Ceylon krait (Bungarus ceylonicus)
මෙයා අපේ රටටම ආවේනික සත්වයෙකි. තද දම් නැත්නම් කළු පාට ඒ වගේම ඇගේ හරස් අතට සුදු පාට ඉරි තියෙන සතෙක්. මේ මුදු කරවලා දෂ්ඨ කිරීම නිසා මිනිස් ශ්වසන පද්ධතියේ ක්‍රියාකාරීත්වය අඩපණ වීමෙන් මරණයට පත් වේ.
07. දෙපත් කළුවා Sri Lanka Coral Snake (Calliphis melanurus sinhaleus)
වැලි පැහැයට හුරු කහ පැහැයක් ගන්නවා. රාත්‍රී කාලයේදී ක්‍රියාකාරී වේ. දවල් වෙලාවට කොළ රොඩු, ලී කොටන්, ගල් හා බුරුල් වැලි පසේ ජීවත් වෙනවා. ප්‍රධාන වශයෙන්ම ඉන්නේ වියළි කලාපයේ. එත් තෙත් කලාපයේ මාතලේ හා බලංගොඩ ප්‍රදේශ වලදීද දැක ගන්න පුළුවන්.
ඉතින් මෙන්න මේ සතුන් තමයි අපේ රටේ ඉන්නා උග්‍ර විෂ සර්පයින් වන්නේ. එහෙනම් අපි දැන් බලමු සර්ප දෂ්ඨනයකදී කෙසේ ක්‍රියා කළ යුතුද කියලා.
1. විෂ අධික හෝ නැතුවා අනිවාර්‍යයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුය.
2. සර්ප දෂ්ඨනයක්දැයි නොදනීනම්, ඇස් ඇරීමට අපහසුවීම, රූප බොඳවී පෙනීම, සිහිකල්පනාව මඳ බවට පත්වීම, හුස්ම ගැනීමේ අපහසුතාව, මාංශ පේෂි වේදනාව සාමාන්‍යයෙන් දක්නට ලැබෙන ලක්ෂණයි. ඊට අමතරව දළ ලකුණු පිහිටි තැන ඉදිමීම, බඩේ කැක්කුම වමනයත් ඇති විය හැකියි. කරවලා දෂ්ට කළ විට තදින් ම බලපාන්නේ ස්නායු පද්ධතියටයි. මේ නිසා හුස්ම ගැනීමේ අපහසුව වඩාත් දැනෙනවා. ඒ වගේ ම පොළඟා, නයා වැනි සර්පයන් සපා කෑ විට දළ ස්ථානවලින් රුධිරය වහනය වීමේ හැකියාව වැඩියි. එමෙන්ම මුත්‍රා සමඟ ලේ පිටවීමත් සිදුවෙන්න පුළුවන්.
සර්ප විෂ ශරීරගත වූ විට විනාඩි 20 – 30ක් වැනි කාලයක් ඇතුළත වුණත් ඉක්මනින් මෙම රෝග ලකුණු පහළ වෙනවා.
3. රෝගියාගේ මානසික තත්ත්වය බිඳ නොවැටීමට අන් අය වගබලා ගත යුතුයි. ඒ කියන්නේ රෝගියා අනවශ්‍ය විදිහට බය කරන්න එපා. බය වුණාම හෘද ස්පන්ධනය වැඩිවෙනවා. එවිට ශරීරයේ රුධිරය ගලනයත් වැඩිවෙනවා. රෝගියා රෝහලට ගෙනෙනතුරු කිසිම අත් බෙහෙතක් දෙන්න එපා. ඒ වගේම තුවාලය තැවීම, වෙනත් කෙනෙක් මුඛයෙන් විෂ උරා ඉවත් කිරීම කිසි විටෙකත් නොකළ යුතුයි.
කළ යුත්තේ පිරිසුදු ඇල් දියෙන් තුවාල වුණු තැන සෝදා පිරිසුදු රෙදිකඩකින් වෙලා රෝගියා කාලය නාස්ති නොකර හැකි ඉක්මනින් රෝහලට ගෙනඒමයි. තවද තුවාලය මැදි වන සේ රෙදි පටිවලින් තද කර බඳින්න එපා. රෝගියාගේ පාදය සෙළවෙන විට තුවාලයේ ලේ ගැලීම නැවැත්වීමට පමණක් ආධාරකයක් යෙදුවාට කමක් නෑ.
4. රෝහලට ගෙනයන තෙක් කන්න බොන්න කිසිවක් දෙන්න එපා.
5. විශේෂයෙන් වමනය යා හැකි නිසා සහ සිහිකල්පනාව අඩුනම් පැත්තකට හරවා රෝගියා ගෙන ඒම සුදුසුයි.
6. හැකි ඉක්මනට රෝහලට රැගෙන යායුතු වන අතර බොහෝ ප්‍රමාද වුණොත් තුවාල ඉදිමී පටක විනාශ වෙන්න පුළුවන්. ඒ වගේ ම වකුගඩුවල හෘදය වස්තුවට, ස්නායු පද්ධතියට, මාංශපේෂිවලට බලපෑ හැකිය. ඒ නිසයි හැකි ඉක්මනින් රෝගියා ළඟම ඇති රෝහලට රැගෙන යා යුත්තේ.
සර්පයින් දෂ්ඨ කිරීම් වලක්වාගන්නට
ඒ ඒ පරිසර ලක්ෂණවලට අනුගතව ජීවත්වන සර්ප විශේෂ සිටියත් බොහොමයක් පුද්ගලයන් සර්පයන්ගේ සපා කෑමට ලක්වන්නේ ගෘහාශ්‍රිතව සහ ගොවි බිම්වලදීයි. නිදසුනක් හැටියට ගතහොත් කරවලා නැමති විෂ අධික සර්පයන් බොහෝ විට මිනිසුන්ට දෂ්ට කරන්නේ රාත්‍රි කාලයේ දී නිදි පැදුරේදියි. උන් මැටි ගෑ නිවෙස්වල, පොල්අතු, පිදුරු සෙවිලි ආශ්‍රිත නිවෙස්වල බහුලයි. දොර ජනෙල්වල හිඩැස් ආදි අනාරක්ෂිත තැන්වලින් උන් නිවෙස් තුළට, නිවැසියන් නිදන ඇද, කොට්ට මෙට්ට තුළට පහසුවෙන් ඇතුළු විය හැකියි.
තිත් පොළඟා රාත්‍රි කාලයේ බොහෝ විට හේන්, කුඹුරුවල ගැවසෙනවා. තණකොළ සහිත බිම්වලට උන් කැමැතියි. විශේෂයෙන් උතුරු මැද පළාතේ තිත් පොළඟා දෂ්ට කිරීම වැඩියි.
පෙබරවාරි, මාර්තු, වැනි අස්වනු නෙළන සමයේ උන්ගෙන් අනතුරු විය හැකිය. කුණ කටුවා රොඩු ගොඩවල් ආශ්‍රිතව සිටිනවා. ඒ වගේ ම වැලි පොළඟා වැලි පස සහිත මන්නාරම, යාපනය වැනි කලාපවල ජීවත්වෙනවා.
අපගේ පැරණි සර්ප වෙදුන් "ඛන්ධ" පිරිතෙන් බෙහෙත් මතුරා සර්පයින් දෂ්ඨ කළ රෝගීන්ට දෙන්නට පුරුදුව තිබෙනවා. ඒ පමණක් නොවෙ අපගේ පැරැන්නෝ ඛන්ධ පිරිතෙන් වැලි සහ පැන් 108 වරක් මතුරා සර්ප උවදුරු ඇති ගෙවතු වල, හේන් වල කුඹුරු වල ඉස තිබෙනවා.
පිරිත් දේශනා මන්ත්‍ර නොවුනත්. යම් මන්ත්‍රයකින් යම් ඵලයක් ලැබෙනවානම් ඊට වඩා බලයක් මේ පිරිත තුළ නොතිබෙන්නට බැහැ. එක් දිනක් සර්පයෙක් දෂ්ඨ කළ භික්ෂුවක් කළු්‍රිය කිරීම අසා භාග්‍යවතුන් වහන්සේ සර්පරාජ කුළ හතරට මෙත් සිත වැඩීම ඇතුළත් මේ ඛන්ධ පිරිත ආරක්ෂක් පිරිතක් ලෙස දේශනා කළ සේක.
විශේෂයෙන්ම මතක තාබාගත යුතු
මෙම පිරිතෙන් ගුණ ලැබීමටනම් කිසිම සර්පයෙක් මැරීමෙන් වලකින්න. සර්පයා අල්ලාගෙන කිසිවෙකුට අනතුරක් නැති තැනකට ඈතර ගොස් දමන්න. එහෙම නැතිව සර්පයින් මැරුවොත් මේ පිරිතෙන් කිසිම ගුණයක් ලැබිය නොහැක. මෙත් සිතේ බලය තමයි මෙම පිරිතේ හරය.
ඛන්ධ පිරිත
සබ්බාසිවිසජාතිනං
දිබ්බමන්තාගදං විය
යං නාසෙසී විසං ඝොරං
සෙසං චාපි පරිස්ස යං
ආණක්ඛෙත්තමහි
සබ්බත්‍ථ සබ්බදා සබ්බපාණි නං
සබ්බසොපි විනාසෙති,
පරිත්තං තං භණාමහෙ
එවං මෙ සුතං එකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනෙ අනාථ පිණ්ඩිකස්ස ආරාමෙ තෙන ඛො පන, සමයෙන සාවත්ථියං අඤ්ඤතරො භික්ඛු අහිනා දටෙඨා කාලකතො හොති. අථ ඛො සමබහුලා භික්ඛු. යෙන භගවා තෙනූපසංකමිංසු, උප සංකමිත්වා. භගවන්තං අභිවාදෙත්වා, එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛු භගවන්තං එතදවොචූං. ඉධ භන්තේ සාවත්ථි යං අඤ්ඤතරො භික්ඛු අහිනා දිට්ඨෙ කාලකතො. ති නහ නූන සො භික්ඛවෙ භික්ඛු චත්තාරි අහිරාජ කුලානි මෙත්තේන චිත්තේන එරී. සචෙ හි සො භික්ඛවෙ භික්ඛු චත්තාරී අභි රාජකුලානි මෙත්තේන චිත්තේන එරෙය්‍ය. න හි සො භික්ඛවෙ භික්ඛු අහිනා දට්ඨෙ කාලං කරෙය්‍ය - කතමානි, චත්තාරි අහිරාජකුලානි - විරුක්පක්ඛං අහිරාජකුලං - එරාපථං, අහිරාජකුලං ඡබ්බ්‍යාපුත්තං, අහිරාජකුලං- කණහාගොතමකං, අහිරාජකුලං - නහ නූන සො, භික්ඛවෙ භික්ඛු - ඉමානි චත්තාරි අහිරාජකුලානි මෙත්තේන චිත්තෙන එරි - සචෙහි සො භික්ඛවෙ භික්ඛු - ඉමානි චත්තාරි අහිරාජනකුලානි- මෙත්තේන චිත්තෙන එරෙය්‍ය, නහිසො භික්ඛවෙ භික්ඛූ - අහිනා දට්ඨෙ කාලංකරෙය්‍ය - අනුජානාමි භික්ඛවෙ ඉමානි චත්තාරි අහිරාජකුලානි - මෙත්තේන චිත්තේන එරිතුං - අත්තගුත්තියා, අත්තරකඛාය අත්තපරිත්තයාති ඉදමමොච භගවා - ඉදං වත්වා සුගතො අථාපරං ඒතදවොච සත්‍ථා -
විරූපකේඛහි මෙ මෙත්තං , මෙත්තං එරාපථෙහි මෙ ඡබ්බ්‍යාපුත්තේහි මෙ මෙත්තං, මෙත්තං කණහාගොතම කෙහි ච. අපාදකෙ හි මෙ මෙත්තං, මෙත්තං දිපාදකෙහි මෙ චතුප්පදෙහි මෙ මෙත්ත මෙත්තං බහුප්පදෙහි මෙ මා මං අපාදකො හිංසි, මා මං හිංසි දිපාදකො - මාමං චතුප්පදො හිංසි මා මං හිංසි බහුප්පදො - සබ්බෙ සත්තා, සබ්බේ පාණා සබ්බේ භූතා ච කේවලා - සබ්බේ භද්‍රානි පස්සන්තු මා කඤචි පාපමාගමා - අප්පමාණො බුද්ධෝ - අප්පමාණො ධම්මො - අප්පමාණො සංඝෝ පමාණවන්තාති සිරිංසපානි, අහි විචඡිකා සතපදි උණ්ණානාභි- සරබූ මූසිකා , කතා මෙ රක්ඛා, කතා මෙ පරිත්තා - පටික්කමන්තු භූතානි, සො හං නමො භගවතො, නමො සත්තාන්නං සම්මා සම්බුද්ධානන්ති
ඛන්ධ පිරිත :තේරුම
මා විසින් මේ සූත්‍රය මෙසේ අසන ලදී. හේ කෙසේද, එක් කාලයෙක් හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ ජේතවන නම් ලද අනේපිඬු මහසිටුන් ආරම්භි වැඩ වාසයක කරන සේක. එසමයෙහි දී සැවැත් නුවර එක්තරා භික්ෂූ කෙනෙක් සර්පයෙකු විසින් දෂ්ට කරන ලද්දේ කලුරිය කළේ වේ.
එකල්හි බොහෝ භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ කරා එළඹ බුදුන් වැද එකත් පසෙක වැඩ උන්නාහුව එකත් පසෙකම උන්නා වූ ඒ භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට මෙසේ සැළ කළාහුය. ඒ කෙසේද? ස්වාමින් වහන්ස, මේ සැවැත්නුවර එක් භික්ෂූන් වහන්සේ නමක් සර්පයෙකු විසින් දෂ්ඨ කරන ලදුව කලුරිය කළේය කියායි.
මහණෙනි, ඒ කලුරිය කළ මහණ තෙම මේ සිව් සර්ප කුලයත් මෙත් සිතත් නො පැතිර විය. මහණෙනි ඉදින් ඒ මහණතෙම සතර නාරදි කුලයත් මෙත් සිතින් පහළ වී නම් මහණෙනි ඒ මහණතෙම නාරදහු විසින් දෂ්ට කරන ලද්දේ කලුරිය නො කරන්නේ ය. ඒ සිව්සස් රාජ කුලයෝ කවරහුද? යත් විරූපාක්ෂ නම් සර්පරාජ කුලය ඒරාවත නම් සර්පරාජ කුලය ඡභ්‍යා පුත්ත නම් සර්පරාජ කුලය කණ්හා ගෝතවක නම් සර්පරාජ කුලය යන මොහු ය.
මහණෙනි, ඒ මහණ තෙම ඒකාන්තයෙන් මේ සප්රජ කුලයත් මෙත් සිතින් නො පැතිර විය. මහණෙනි ඉදින්ඒ මහණතෙම මේ සිව් සර්ප රාජ කුලයන් මෙත්සිත් පැතිර වූයේය.
මහණෙනි ඒ මහණතෙම නාරද වියන් ඔතන ලද්දේ කලුරිය නො කරන්නේ ය. මහණෙනි තමහට ආවරණය පිණිසද තමනට ආරක්ෂා පිණිසද තමන්හට මෙත් පිරිත් පිණිසද මේ සජ් සර්ප රාජ කුලයත් මෙත් සිතින් මතුරුවන්නට අනුදමිනි හෙවත් නියම කරමි. භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය වදාළ සේක.
සුගත නම් ලද ශාස්තෘන් වහන්සේ මෙය වදාරා නැවත මතු මත්තෙහි විරූපක්ඛෙහි මේ මෙත්තංයනාදී මේ පරිත්‍රාණ ධර්මය දේශනා කර වදාළ සේක.
විරූපාක්ෂ නම් නාගකුලයන් හා මාගේ මෛත්‍රිය වේවා,
එරාපත නම් නාග කුලයන් හා මාගේ මෛත්‍රිය වේවා,
ඡබ්‍යා පුත්ත නම් නාග කුලයට මාගේ මෛත්‍රිය වේවා.
කන්හාක ගෝතමක නම් නාග කුලයන් හා මාගේ මෛත්‍රිය වේවා
මෙසේ මේ සිව් නාග කුලයන් දක්වා සාමාන්‍යයෙන් මෛත්‍රි භාවනාව දක්වන්නහුට පා රහිත සත්ත්වයන් සමග මාගේ මෛත්‍රිය වේවා, දෙපා සහිත සත්ත්වයන් සමග මාගේ මෛත්‍රිය වේවා, සිව් පා සතුන් හා සමග මාගේ මෛත්‍රිය වේවා, බොහෝ පා ඇති සත්ත්වයන් සමග මාගේ මෛත්‍රිය වේවා.
මෙසේ මෛත්‍රි භාවනාවෙහි ස්වරූපය දක්වා දැන් භාවනා වශයෙන් රක්ෂා විධිය දක්වන්නාහු, පා නැත්තා වූ සත්වයෙක් මා නොපොළවා- දෙපා සහිත වූ සත්ත්වයෙක් මා නොපොළාවා, සතරපාද ඇත්තා වූ සත්වයෙක් හෝ බොහෝ පා ඇත්තාවූද සත්වයෝ මා නො පොළාවා සියලු සත්වහුද, සියලු ප්‍රානීහුද සියලු භූතයෝ ද යන මේ සියල්ලෝ යහපත් කාරණයන් දකිත්වා, ඒ කිසි පුද්ගලයෙකුට දුකක් කරදරයක් නො පැමිණේවා, බුදු ගුණය ක්ලෙසාදිය නැති බැවින් පමණ නැත්තේ ය. දහම් ගුණය පමණ නැත්තේ ය.
සංඝ ගුණය පමණ නැත්තේ ය. දීඝ ජාති හුය සර්පයෝ ය. ගෝනුස්සෝ ය, පත්තෑයෝ ය, මකුළුවෝ ය, සිකනන්ලු ය, මීයෝ ය යන මොහු පමණ ඇත්තාහුය. මා විසින් ආරක්ෂා කරන ලද්දෝ ය. අභිත අදහස් ඇති සත්වයෝ පහ වෙත්වා ඒ මම භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරමි. පෙර කාලයෙහි වූ විපස්සී ආදී සත් බුදුවරයන් වහන්සේලාට මම නමස්කාර කරමි.
මේ තොරතුරු බොහෝ ජනයාට හිත සුව පිණිස සර්පයින්ගෙන් සිදු වන දුක් පීඩා වලින් දුරු වීම පිණිස උපකාර වේවා.
තෙරුවන් සරණයි..


Mahamegha

Total Pageviews