Home

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Showing posts with label මහාමේඝ. Show all posts
Showing posts with label මහාමේඝ. Show all posts

Monday, February 22, 2016

වැලි ස්ථුපයක් කළ ගොපලු දරුවාගේ කථාව

වනවැසි බුද්දකතිස්ස තෙරනම තරුණ කාලයේදීම රහත් බවට පැමිණියේය. එතුමා " ඉදින් මම නගරයක හෝ ගමක වසන්නෙම් නම් ඉගැන්වීම් ආදි පලිබෝධ ඇ...තිවන්නේය, එබැවින් වනයක ගොස් වසන්නෙමි" යි සිතා ආරණ්‍යගත විය. එකම පවුලක් තෙරුන්ට තිස් අවුරුද්දක් උපස්ථාන කළේය. තෙරනම තමාගේ ආයුෂ පවත්නා ප්‍රමාණය බලා ගෘහපතියාට " අද ඔබ පමණක් විහාරයට යා යුතුය; අන්‍යයන් නොයායුතුය" යි කීය. " ස්වාමීනි ඔබ වහන්සේ කියන දෙයක් කරන්නෙමි" යි කීවිට එසේ නම් වෑය ද පොරොව ද රැගෙන එවයි තෙරනම කීය. ගෘහපතියා ඒ කීසේ විහාරයට ගියේය. තෙරනම දර කපා ගෙනවුත් ගලඋඩ ගොඩගසව යි කීවිට උපාසකයා එසේ කළේය.
තෙරනම මැටිපාත්‍රය ලෑලි ඇදයට නවා තබා ගණ්ඨිය ගැටගසා ඒ ලෑලි තට්ටුව මත්තේ පලග බැද හිදගෙන පිරිනිවියේය. උපාසකයා මැදරැය දක්වා දර කපා මහත් දරගොඩක් ගසා නොකල්හි ගමට යා නොහැකැයි සිතා වනමෘගයන්ට භයින් තෙරුන්ගේ කුටියටම ඇතුල් වී නිදා ගත්තේය. මධ්‍යම රාත්‍රියේදී තෙරනම පිරිනිවියේ යි දේවතාවෝ මිනිසුන්ට දැන්වූහ. මිනිස්සු කල් ඇතිවම ආදාහනේත්සවය පැවත්වීම සදහා මල්-සුවද-වස්ත්‍ර ආදිය රැගෙන පිටත් වූහ. උපාසකයා ද උදෑසනින් නැගිට තෙරුන් පිරිනිවි බව නොදැන ආශ්‍රමයෙන් පිටවී තෙරනම සුදුසු කාලයේදී ගෙදරට එනවා ඇතැයි සිතමින් සිය නිවස දෙසට ගියේය. ඒ යන හෙතෙම අසපුවට යන මිනිසුන් දැක "කොහි යව්දැ" යි විචාරා තෙරුන්ගේ ආදාහනය කිරීමට යන්නෙමු" යි කීවිට " තෙරනම ජීවත්ව සිටී; මම දැන් එතැන සිට එමි" යි උපාසකයා කීය. " ඔබ නොදත්තෙහි" යයි කියමින් මිනිසුන් ඒ දෙසටම යනවිට සැක සිතූ හෙතෙම එසේත් විය හැකැයි කියමින් මිනිසුන්ගේ ඉදිරියෙන් ඉදිරියෙන් ගොස් තෙරුන්ගේ ආස්වාස ප්‍රාස්වාසයන් නැති බව දැන මුලින් කපා දැමූ ගසක් මෙන් බිමවැටී හඩන්ටත් පෙරළෙන්ටත් පටන්ගෙන " අවුරුදු තිහක් උපස්ථාන කළ මට නොදන්වා කිසිවක් නොකියා පිරිනිවියේය" යි විලාප කීය.
ශක්‍රතෙමේ විශ්වකර්මයා ලවා දොරටු පසක් ඇති කුළුගෙයක් මවා නන් අබරණින් සැරසුණු දේවතාවන්ට එය ඔසවාගන්ට සලස්වා කැපකරු උපාසකයා විසින් ඔසවන ලද මෘතදේහය කුළුගෙයි තබ්බවා සත්දවසක් පූජෝත්සව පැවැත්වීය. නැවත තුන්දිනක් මුළුල්ලේ දිවසදුන් සුණු ද මදාරා - කොබෝලීල - පරසතු මල් ද අහසින් වැටීමෙන් කුළුගෙය හාත්පස යොදුන් තුනක පෙදෙස වැසී ගියේය. යම් යම් ගස් කොඩි දරන්නට තරම් ශක්තිමත් වූවාහු නම් ඒ ගස්වල දිව්‍යවස්ත්‍රයෙන් සෑදූ කොඩි එල්වන ලදහ. දිව්‍යතූර්යනාදයෝ පැවැත්තාහ. දෙවියෝ මිනිසුන්ට පෙනෙමින් සිටියාහ. සත්දිනක් මුළුල්ලේ සාපිපාසාවක් හෝ මලමූත්‍ර පහකිරීමක් හෝ නොවීය. දරසෑයමත්තෙහි සදුන් සුණු විසුරුවා ගිනි දැල්වූහ. මෙසේ දෙවිමිනිස්සු එතුමන්ට මහත් සත්කාර සම්මාන දැක්වූහ.
ඒ තෙරුන්ගේ පූර්වකර්මය මෙසේයි:- මින්පෙර භවයකදී හෙළදිව උපන් හෙතෙමේ ගොපලු දරුවෙක් විය. ගවයන් රැකි හෙතෙම වැලිවලින් චෛත්‍යයක් සාදා නොයෙක් වනමල් එක්කොට එයට පුදා උණකිලිල්වලින් කොඩි සාදා බැද බටලී නලාවක් පිඹ තමාගේ බඩ බෙරයක් මෙන් සිතා වාදනය කෙළේය. ඒ උණකිලිල්කොඩිවල විපාකයෙන් දිව්‍යමය කොඩි පහළ වූහ. බටලි නලාව පිඹීම නිසා දිව්‍ය තූර්යනාද ඇති වූහ. මල් පිදීමේ අනුසසින් දිව්‍යමය මල් වැටුණාහ.
-------
පුලින (වැලි) ථූපිය ථෙරාපදානය -> http://pitaka.lk/47178/cs,aps

57
’’
හිමවතට නුදුරෙහි යමක නම් පර්‍වතයක් විය. (එහි) මට මැනවින් කරන ලද අසපුවක් විය. පන්සැලක්ද මොනවට නිම කරන ලදී.
58
’’(
මම) නම්න් නාරද නම්වූ, උග්‍ර තපස් ඇති ජටිලයෙක් වෙමි. තුදුස් දහසක් ශිෂ්‍යයෝ මා පිරිවරත්.
59
’’
මම එකල්හි විවේකව හුන්නේ, මෙසේ සිතීමි. සියළු ජන තෙමේ මා පුදයි. මම (කිසිවෙකුට) කිසිවක් නොපුදමි.
60
’’
මට කිසි ඔවා දෙන්නෙක්ද නැත. (කිසිවෙකුට කරන) කිසි වතාවතකුදු නැත. මම ආචාර්‍ය්‍ය, උපාධ්‍යාය විරහිතව වනයෙහි වෙසෙමි.
61
’’
මම යමෙකු වෙත එළඹෙන්නේ නම් හේ (මා කෙරෙහි) ගුරුවරයෙක යන සිත උපදවා ගන්නේය. මට එබඳු ගුරුවරයෙකු නැත. වනයෙහි විසීම නිරර්ත්‍ථකය.
62
’’
මම එසේ ගරුභාවනීයවූ උතුමෙකු සොයන්නෙමි. (එබඳු උතුමෙකු) ඇසුරු කෙළේ වසමි. එවිට (කිසිවෙක්) (මට) නොගරහන්නේය.
63
’’
නොගැඹුරු ඉවුරු ඇති, මනාවූ කුඩා තොටුපොල ඇති, මනොඥවූ සුදෝ සුදු වැලිතලාවන්ගෙන් ගැවසීගත් කුඩා ගඟක් මගේ අසපුවට නුදුරෙහි විය.
64
’’(
එය) අමරිකා නම්වූ නදියකි. එකල්හි මම (එතැනට) එළඹ, වැලි එකතුකොට වැලි සෑයක් (පුලින චෛත්‍යයක්) කෙළෙමි.
65
’’
භවය කෙළවර කරන්නාවූ යම් ඒ සර්‍වඥ මුනිවර කෙනෙක් වෙත් නම් මෙබඳුවූ සෑයක් (තනන්නේ) උන්වහන්සේ නිමිතිකොට මම මේ සෑය කරමි.
66
’’
වැලිගොඩෙහි සෑයක් කොට මම ස්වර්‍ණ නිර්‍මාණය කෙළෙමි. රන් කිකිණි මල් තුන් දහසක් පූජා කෙළෙමි.
67
’’
හටගත් ප්‍රීති ඇත්තේ, බඳින ලද ඇඳිලි ඇත්තේ සවස හා උදයෙහි නමදිමි. සම්බුදුන් හමුයෙහිදී මෙන් පුලින චෛත්‍යය (වැලි සෑය) වඳිමි.
68
’’
යම් කලෙක්හි ගිහිගෙට අයත් ක්ලේශ විතර්‍කයෝ හටගනිත්ද, එකෙණෙහි සර්‍වඥ ස්ථූපය සිහි කරමි. ප්‍රත්‍යවෙක්‍ෂා කරමි.
69
’’
සාර්ත්‍ථවාහකවූ, විනායකවූ බුදුරජුන් ඇසුරුකොට වසන්නේ, ක්ලේශයන්හි ගැටී වසන්නෙහි නම් නිදුකාණෙනි, (එය) ඔබට නුසුදුසුය.
70
’’
එකල්හි සෑය සිහිකළ කෙනෙහි මාගේ සිත්හි ගෞරවය ඇතිවේ. අකුස්සෙන් පෙළන ලද ඇතෙකු මෙන් මිත්‍ථ්‍යා විතර්‍කයන් දුරු කෙරෙමි.
71
’’
මෘත්‍යුරාජයා මෙසේ වසන්නාවූ මා වැසීය. මම එහි කළුරිය කළේ, බඹලොවට ගියෙමි.
72
’’
මම එහි දිවි ඇතිතාක් වසා, තාවතිංස දෙව්ලොවෙහි උපනිමි. අසූවරක් දේවේන්‍ද්‍රව දිව්‍ය රාජ්‍යය කරවීමි.
73
’’
මම තුන්සිය වරක් සක්විති රජ වීමි. (කරවන ලද) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් (මෙතෙකැයි) ගිණිය නොහැකිය.
74
’’
මම එම පිදූ කිංකිණි පුෂ්පයන්ගේ විපාකය අනුභව කරමි. භවයෙහිදී සියක් දහසක් කිරි මව්වරු මා පිරිවරත්.
75
’’
සෑය පිළිදැගුම් කරන ලද බැවින් දැලි කුණු නොතැවරේ. සිරුරෙහි ඩහ නොවැගිරෙයි. මම ප්‍රභා සහිත (පැහැපත්) වූයේ වෙමි.
76
’’
ආශ්චර්‍ය්‍යයකි, මා විසින් මැනවින් කරන ලද සෑයකි. (එසේම) ඇමෙරිකා නදියද මැනවින් දක්නා ලදී. වැලිතලාවෙහි සෑයක් කොට අචලපදය වූ නිවණට පැමිණියේ වෙමි.
77
’’
කුසල් කරනු කැමැත්තාවූ (නිර්‍වාණ) සාරය ගන්නාවූ සත්ත්‍වයා විසින් (එයට) මෙය කෙතය, මෙය නොකෙතයයි (වෙන්කොට ගතයුත්තක්) නැත. ප්‍රතිපත්ති තොමෝම අර්ත්‍ථසාධක වන්නීය.
78
’’
බලවත් පුරුෂයෙක් තෙම සාගරය තරණය කරන්නට උත්සාහ කරන්නේද, යම්සේ (හේ) කුඩා දඬු කැබැල්ලක් ගෙන මහ සයුරට පණින්නේ නම්, මම මේ දඬු කැබෙල්ල නිසා මහ සයුර තරණය කරන්නෙමැයි උත්සාහයෙන්ද, වීර්‍ය්‍යයෙන්ද (එම) මනුෂ්‍යතෙම සයුර කරණය කරන්නේය.
79
80
’’
එසේම මා විසින් යම් කර්‍මයක් කරන ලද නම් (එය) කුඩාය. ඉතාම සුළුය. (එහෙත්) එම කර්‍මය නිසා සසර ඉක්මවීමි.
81
’’
එම කුශල මූලයෙන් මෙහෙයන ලදුයේ, අන්තිම භවය පැමිණි කල්හි, පළමුකොටම සැවැත්නුවර ආඪ්‍යවූ මහාසාර කුලයෙහි උපන්නේ (වෙමි.)
82
’’
මාගේ දෙමාපියෝ සැදැහැත්තාහුය. බුදුරජුන්ගේ සරණ ගියෝය. මේ දෙදෙනාම දක්නා ලද (නිර්වාණ) පදය ඇත්තෝය. ශාසනයටද අනුව පවතිත්.
83
’’(
ඔවුහු) බෝධියෙහි පතුරක් ගෙන රන් සෑයක් කරවූහ. බුදුරජුන්ගේ හමුවෙහි උදේ සවස නමස්කාරද කෙරෙත්.
84
’’
පොහෝ දිනයෙක්හි ස්වර්‍ණ ස්තූපය පිටතට ගන්නාහුය. බුදුරජුන්ගේ ගුණ කියමින් ත්‍රියාම රාත්‍රියම ගත කළාහුය.
85
’’
මම (ස්වර්‍ණ) ස්තූපය දැක, ඒ සමගම පුලින චෛත්‍යය (අතීතයෙහි පිදූ වැලි සෑය) සිහි කෙළෙමි. එම අසුනෙහිම හිඳ රහත් බවට පැමිණියෙමි.
දෙවිසිවන බණ වරයි.
86
’’
එම වීරවූ ( බුදුරජුන්) සොයන්නේ, ධර්‍ම සේනාපතීන් වහන්සේ (සැරියුත් තෙරුන්) දුටිමි. ගිහිගෙන් නික්ම උන්වහන්සේගේ සමිපයෙහි පැවිදිවීමි.
87
’’
උත්පත්තියෙන් සත් හැවිරිදි කල්හි රහත් බවට පැමිණියෙමි. පසැස් ඇති බුදුරජතෙම (මාගේ) ගුණ දැන (මා) උපසම්පදා කරවූහ.
88
’’
මා විසින් දඟර කල්හිම (මාගේ) (නිවන් සඳහා කළයුතු) කටයුතු නිමකරන ලදී. ශාක්‍යපුත්‍රවූ බුදුරජුන්ගේ සසුනෙහි කටයුතු දෙය අද මා විසින් කරන ලදී.
89
’’
මහා වීරවූ ඎෂීන් වහන්ස, සියළු මෛර හා භය ඉක්මවන ලදුයේ වෙමි. සියළු කෙලෙසුන්ද ඉක්මවන ලදුයේ වෙමි. (මම) ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි. ස්වර්‍ණ පුෂ්ප පූජාවෙහි මේ විපාකයයි.
90
’’
මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
91
’’
ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
92
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුලින ථූපිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

Wednesday, December 23, 2015

අද උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයයි!



දොළොස් මහේ පොහොය අතුරින් උඳුවප් පුර පසළොස්වක පොහොය ලාංකේය වනිතාවට සුවිශේෂී වූ දිනයකි. එකල පරාධීනව පසු වූ ලාංකේය වනිතාවගේ විමුක්තිය උදා කළ පහන් ටැඹ වූ සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේගේ ලංකාගමනය සිදු වූයේ අද වැනි උඳුවප් පුර පසළොස්වක පොහොය දිනක ය.
ප්‍රඥාව ඇත්නම් නිවන් පුරයට පිවිසෙන මාවතට එළැඹීමට මුළුගැන්වුණු ස්ත්‍රීත්වය බාධාවක් නොවේ. ඒ බව පසක් කරලමින් අනුලා දේවිය ප්‍රමුඛ කාන්තා පිරිස අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ශ්‍රවණය කර සෝවාන් මග ඵල ලබා නොබෝ කලකින් උතුම් වු සකෘදාගාමි මාර්ග ඵල ද ලැබූහ. දස සිල් සමාදන්ව කසාවතින් සැරසුණු ආර්ය ශ්‍රාවිකාවන් පැතු පැවිදි බව ලබා දී සදහම් ගංඟාව දස අත ගලා යවමින් ලක්දිව් තලයේ භික්ෂුණී ශාසනය පිහිට වූයේ සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ වැඩම කරවීම නිසාවෙනි.
මෙවන් වූ මෙහෙයක් වෙනුවෙන් දේවානම්පියතිස්ස නිරිඳුන් දැක්වූ රාජ්‍ය අනුකූලතාව ශ්‍රේෂ්ඨය. සඟමිත් තෙරණිය සමඟ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාඛාවක් වැඩම කරවීමට අවශ්‍ය බව දන්වන සංදේශයක් ද රැගෙන අරිට්ඨ කුමරු ප්‍රමුඛ දූත පිරිස දඹදිව රම්‍ය වු පැළලුප් නුවරට පිටත් කළහ. සිරිලක් වනිතාව ද මේ සංසාර දුක් සයුරෙන් එතෙර කරලීමේ උතුම් අපේක්‍ෂාවෙන් සඟමිත් තෙරණිය තම පිය රජතුමාට කාරුණිකව කරුණු අවබෝධ කරලීමෙන් පසුව මිහිඳු මහ රහතන් වහන්සේගේ වචනයට ද ගරු කරමින් අශෝක මහ රජතුමා තම දියණිය ලංකාවට එවීමට එකඟ විය.
ශ්‍රද්ධාවන්ත අශෝක රජු “මාගේ දරු පිරිස සිංහල ජාතියට සේවය පිණිසවේවා” යි ප්‍රාර්ථනය කරමින් ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාඛාවක් ලබා ගන්නේ කෙසේ දැයි මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේගෙන් කරුණු විචාළේය. එහිදී බුදුරදුන් පිරිනිවන් මංචකයේ දී දේශනා කළ අධිෂ්ඨානයන් ගැන දැනුවත් වූ රජතුමා බුද්ධාලම්භන පී‍්‍රතියෙන් ඔද වැඩී ගියේ ය. දෑගිලි බැඳගත් රජු බෝධි වෘක්ෂය දෙස බලා සත්‍ය ක්‍රියා කළේය. එම බලයෙන් දක්‍ෂිණ ශාඛාව සම්බන්ධ සතර රියන් පමණ ප්‍රදේශය හැර සියලුම ශාඛාවෝ ඍද්ධි ප්‍රාතිහාර්ය දැක්වීය. මුල් සියයක් අද්දවමින් දක්‍ෂිණ ශාඛාව රන් කටාරමෙහි පිහිටන විට හිම වළාගැබක් අතරට වැදි මහ පොළොව කම්පිතව ප්‍රාතිහාර්ය පෑවේ ය. දෙව් මිනිසුන්ගේ මහත් වු බහුමානයන් මධ්‍යයේ බෝධින් වහන්සේගේ ඵලයන් හා පත්‍රවලින් සවනක් රැස් විහිදුවමින් මුළු දඹදිව් තලයම ඒකාලෝක කරවීය. මේ අසිරිමත් දර්ශනයෙන් අපරිමිත පී‍්‍රතියට පත් ධර්මාශෝක නිරිඳුන් දඹදිව් රාජ්‍යයට බෝ සමිඳුන්ට පිදුවේ බෝධිරාජයාණන් වෙන්වීමේ දරාගත නොහැකි ශෝකයෙන් කඳුළු වගුරවමිනි. ගී‍්‍රවය දක්වා ජලයෙහි බැසගත් දම් සෝ නිරිඳුන් බෝධිරාජයාණන් ඔසවා ගෙන නැවෙහි තැම්පත් කළේ උඳුවප් මස ශුක්ල පක්‍ෂයෙහි පෑල වියේදී ය. බෝධියේ ආරක්‍ෂාවට සිව් රඟ සේනාවත් සංඝමිත්තා මහ රහත් තෙරණිය ප්‍රමුඛ උත්තරා , හේමා, පසාදපාලා, අග්ගිමිත්තා, දාසිකා, ඵෙග්ගු, පබ්බතා, මත්තා, ධම්ම දිසා, මහාදේවි, පදුමා, හෙමාසා, උන්නලා, අඤ්ජලී, සහ සුමා භික්ෂුණීන් වහන්සේලා සමඟ අරිට්ඨ කුමරු ලංකාගමනය ඇරැඹීය. රාජ්‍ය දූත පිරිස රැගත් ගංගා නම් නදිය මත්තේ සැරසිල්ලෙන් අලංකාර වු ධර්ම යාත්‍රාව සත් දිනක් මුළුල්ලේම වින්ධ්‍යා වනය පසුකරමින් තාමලිත්ති නැව් තොටට පැමිණ මහ සයුර තරණය කරද්දි රළ සිදි සත්වනක් පියුම් පිපි මේඝ වර්ෂා වැටෙමින් මහා ප්‍රාතිහාර්ය දැක්වී ය. ගුවනේ තූර්යෝ වැයුණේ ය. නාග සේනාවෝ මහා බෝධිය ලබා ගැනීමේ අපේක්‍ෂාවෙන් ඍද්ධී විකුර්ණය කළහ.
මෙවන් අසිරිමත් සිදුවීම් පෙළක් මධ්‍යයේ ශ්‍රී මහාබෝධියේ දක්‍ෂිණ ශාඛාව වඩා හිඳුවාගෙන ලක් දිව් තලයේ දඹකොළ පටුනට වැඩම කළ සගමිත් තෙරණියගේ ලංකාගමනය, සනාථ කිරීමට සාංචි ස්ථූපයේ නැඟෙනහිර වාහල්කඩ මුදුනේ නිරූපිත කැටයම සාක්‍ෂි දරන බව මහාචාර්ය ගෛර් පඬිතුමා සිය ඉංගී‍්‍රසි පරිවර්තනයෙන් ද සඳහන් කරයි. විශේෂ මණ්ඩපයක වඩා හිඳ වූ ශ්‍රී මහා බෝධි රාජයාණන්ගේ දක්‍ෂිණ ශාඛාව නොයෙකුත් පුෂ්ප මාලාවන්ගෙන් ද ධජ පතාක ආදියෙන්ද සැරසුණු සුදු වැලි අතුල අලංකාර මාවත දිගේ ගෞරව බහුමානයෙන් යුක්තව මහා පෙරහරින් අනුරපුර මහමෙවුනාවට වැඩම කරවීය. මනෝරම්‍ය වු ස්ථානයක පිහිටුවීමට සීරුවෙන් වඩා හිඳුවාලූ මොහොතේ බෝ සමිඳු අසුරියනක් ගුවන් ගැබේ සවනක් රැස් විහිදුවාලීය. මෙවන් ප්‍රාතිහාර්යෙන් ප්‍රසන්න වූ දේවානම්පියතිස්ස නිරිඳුන් ලංකා රාජ්‍ය බෝධිරාජයාට පුදනු ලැබුවේ දොහොත් මුදුන් දී නමස්කාර පූර්වකව ය.
ලොවුතුරා බුද්ධත්වයට සෙවණ දුන් බෝ සමිඳුන්ට අනිමිස ලෝචන පූජාවෙන් ද බුදුරජාණන් වහන්සේ කළ ගුණ සැලකූ සේක. සැදැහැති බෞද්ධයාගේ ප්‍රසාද සංවේගය ජනිත කරවා බුද්ධත්වයේ සංකේතය ලෙස පූජනීය වූ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව අද වැනි පින්බර පොහොය දිනක උරුම වීම ලක්දිව බෞද්ධයා ලද මහත් වූ භාග්‍යයකි.
සුමන සමන් දෙවිරදගේ ආරාධනාවෙන් රහතන් වහන්සේලා පන්සියයක් සමඟ සමනොළ කන්දට වැඩම කළ ගෞතම මුණිඳුන්ගේ වම් පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පත් කළ ශ්‍රී පාදස්ථානය කරුණා කිරීම ඇරැඹෙන්නේ ද උඳුවප් පුර පසළෙස්වක පොහොය දිනයේ සිට ය.
සම්මත වර්ෂ අවසානයේ යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහොය මෙවන් සුවිශේෂී සිද්ධීන් රැසක් නිසා සමස්ත බෞද්ධ ජනතාවට සුවිශේෂිත වූ දිනයක් බවට පත් වී ඇත.
තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!
ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!
සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!
සියලුම ලිපි : www.maharahathunwadimagaosse.org

Wednesday, December 2, 2015

පාත්ර ධාතුව


බුදුරජාණන් වහන්සේ දන් වැළඳීමට ගත් බඳුන “පාත්ර ධාතුව“ නම් වේ. බුදුරදුන් තමන් වහන්සේ ගේ ජීවිත කාලය තුළ දී පාත්ර කිහිපයක් භාවිතා කර ඇති බව පෙනෙයි.
මහ බ...ෝසතුන් බුදු බව ලබා ගැනීමට පෙර භාවිතා කළ මැටි පාත්රයක් ගැනත් රන් තලියක් ගැනත් ධර්ම සාහිත්යයේ සඳහන් වේ. මහ බෝසතුන් ගිහිගෙයින් නික්ම පැවිදි බව ලබාගත් දිනයෙහි ඝටීකාර බ්රහ්ම රාජයා බෝසතුන්ට අටපිරිකරක් පිදුවේය. ඒ තුළ වූයේ මැටි පාත්රයකි. මෙය උන් වහන්සේ පරිහරණය කළ මුල් ම පාත්රය යි. සුජාතා සිටුදියණිය කිරිපිඬු පූජා කරන අවස්ථාව දක්වා සිද්ධාර්ථ ගෞතම තාපසතුමා පරිභෝග කළේ ඝටීකාර බ්රහ්ම රාජයා පිදූ මේ මැටි පාත්රය යි. සිටුදියණිය කිරිපිඬු පූජා කරන කල්හි මේ මැටි පාත්රය අතුරුදහන් වූ බව ජාතක අටුවා නිදාන කථාවේ දැක්වේ.
මෙයට පසුව මහ බෝසතුන් දන් වැළඳූ බඳුනක් ගැන සඳහන් වන්නේ බෝසතුන් බුදුවීමට පෙර අජපාල නුගරුක මුල වැඩ සිටින අවස්ථාවේ දී ය. එහි දී සුජාතා සිටුදියණිය මහ බෝසතුන්ට රන් තලියකින් කිරිපිඬු පූජා කළ අතර දන් වැළඳූ බෝසතුන් නේරංජනා නදිය වෙත ගොස් “ඉදින් අද මා බුදු වන්නේ නම් මේ තලිය උඩු ගං බලා යේවා ! බුදු නොවේ නම් යටි ගං බලා යේවා !” යි කියා අදිටන් කොට රන් තලිය ගඟට දැමුවේය. තලිය ක්රමයෙන් ගඟ මැදට ගියේය. ගඟ මැදට ගොස් මහා වේගයෙන් උඩු ගං ගොස් නදියේ ගිලී ගියේය.
නදියේ ගිලුණු ඒ රන් තලිය කාලනාග රාජ භවනට ගියේය. මෙසේ අප බෝසතුන් කිරිපිඬු වැළඳූ රන් තලිය පමණක් නොව කකුසඳ, කෝණාගම, කාශ්යප යන තුන් බුදුවරයන් වහන්සේලා බෝසත් සමයෙහි කිරිපිඬු වළඳා නදියේ පා කළ තලි තුන ද ඒ නාග ලෝකයේ මේ දක්වා තැන්පත් ව ඇත.
මෙයට පසුව නැවත වරක් පාත්ර ධාතුවක් ගැන සඳහන් වන්නේ බුදුරදුන් බුද්ධත්වයට පත්වී සත් වැනි සතිය අවසානයේ දී ය. බුදුහු බුද්ධත්වයට පත් වී සත් වැනි සතිය “රාජායතන” නම් වූ කිරිපලු රුකමුල වැඩ සිටි සේක. ඒ සතිය අවසානයේ එතැනට පැමිණි තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයෝ බුදුරදුන්ට බැදපු සහල් පිටි හා මී පැණි යොදා කළ අග්ගලා පූජා කිරීමට සූදානම් වූහ. බුදුරදුන්ට ඒ ආහාරය පිළිගැනීමට කිසිවක් නොවීය.
මේ බව දුටු සතරවරම් දෙව්රජ දරුවෝ ඉÁද්රනීල මාණික්ය පාත්ර සතරක් බුදුරදුන්ට පූජා කළහ. බුදුහු එය ප්රතික්ෂේප කළහ. ඉන් පසු සතරවරම් දෙව්රජ දරුවෝ ගල් පාත්ර සතරක් බුදුරදුන්ට පිළිගැන්වූහ. බුදුහු දෙව්රජ දරුවන් කෙරෙහි අනුකම්පාවෙන් ඒ ගල් පාත්ර සතර පිළිගත්හ. පිළිගෙන ඒ පාත්ර සතර එකපිට එක තබා පාත්ර සතර එකක් වීමට අදිටන් කළසේක. එය එසේ ම විය. බුදුහු ඒ ගල් පාත්රයෙන් දන් පිළිගෙන වැළඳූහ. බුද්ධත්වයට පත් වීමෙන් පසුව උන් වහන්සේ මුලින් ම දන් වැළඳුවේ මේ පාත්රයෙනි. එබැවින් මේ පාත්ර ධාතුව මුළු මහත් බෞද්ධ ලෝකයාට ම ඉතා වැදගත් වෙයි.
බුදුරදුන් ගේ මේ පාත්ර ධාතුන් වහන්සේට දඹදිව දේවපුත්ර නුවර දී “පාත්රමහ” නම් වූ විශේෂ පූජාවක් පවත්වා ඇත. මේ ගැන වැඩි විස්තර සද්ධර්මාලංකාරයේ නන්දිරාජ වර්ගයේ කඤ්චනදේවී වස්තුව කියැවීමෙන් දත හැක.
ක්රි. ව. 5 වැනි සියවස වන විට මේ පාත්ර ධාතූන් වහන්සේ පකිස්ථානයේ පුරුෂ පුරයේ (පෙෂාවෝරයේ) අලංකාර ධාතු මන්දිරයක තැන්පත් කර තිබූ බව ෆාහියන් හිමියන් තම වාර්තාවේ සඳහන් කර ඇත. එසේ ම ඒ වාර්තාවේ පාත්ර ධාතූන් වහන්සේගේ ස්වරූපය කෙබඳු දැ’යි කියාත් සඳහන් කර ඇත. එය මෙසේයි.
“බුදුන් වහන්සේ ගේ පාත්ර ධාතුව තිබෙන්නේත් පුරුෂ පුරයේ ය... මේ පාත්රයට බුසල් 1/4 ක ප්රමාණයේ ද්රව්ය දැරිය හැකි ය. එය විවිධ වර්ණයෙන් යුක්ත ය. එහෙත් කාල වර්ණය අවශිෂ්ට වර්ණයන් අබිබවා සිටී. පැහැදිලි ලෙස ම මේ පාත්රයේ ස්ථර 4ක් දැක්ක හැකිය. එය දළ වශයෙන් අඟලෙන් 1/5 ක් පමණ ඝන ය. එයින් තියුණු කාන්තියක් විහිදෙයි...”
හියුං සියං හිමියන් ද මේ පාත්ර ධාතුව ගැන සඳහන් කරයි. හියුං සියං හිමියන් එහි ගියේ ෆාහියන් හිමියන් එහි ගොස් වසර දෙසීයකට පමණ පසුව ය. ඒ වන විට පාත්ර ධාතු මන්දිරයේ නටබුන් දක්නට තිබූ අතර පාත්ර ධාතුන් වහන්සේ වැඩ සිටියේ පර්සියා (ඉරාන) දේශයේ රජතුමා ගේ මාලිගාවේ ය. ඒත් මේ වන විට ඒ පාත්ර ධාතූන් වහන්සේ කුමන ස්ථානයක වැඩ සිටිනවා දැ’යි කිව නොහැක.
විශාලා මහනුවරට තරමක් ඈතින් කේසාරියාහි මහා ස්තූපයක නටබුන් දක්නට ඇත. මේ ස්තූපය තුළ බුදුරදුන් ගේ පාත්ර ධාතුවක් තැන්පත් ව ඇතැ’යි සැලකේ. මේ මහා ස්තූපයේ කැණීම් හා සංරක්ෂණ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතී.
සර්වඥ පාත්ර ධාතූන් වහන්සේ මධුරා පුරයේ වැඩ සිටින බව බුද්ධවංස පාළියේ දැක්වේ. “මධුරායං භගවතො පත්තො” යනුවෙන් එහි සඳහන් කර තිබුණත් එයට වඩා විස්තරයක් දක්වා නැත. ධර්මාශෝක මහාධිරාජයා සතුව බුදුරදුන් ගේ පාත්ර ධාතුන් වහන්සේ නමක් තිබී ඇත. මිහිඳු මහ රහතන් වහන්සේ ගේ ඉල්ලීමකට අනුව ධර්මාශෝක මහ රජු තමා සමීපයේ තිබූ බුදුරදුන් දන් වැළඳූ ඒ පාත්ර ධාතුන් වහන්සේත් එම පාත්ර ධාතුව පුරා සර්වඥ ධාතුන් වහන්සේලාත් සුමන සාමණේරයන් වහන්සේට දුන්නේය. සුමන සාමණේරයන් වහන්සේ සර්වඥ ධාතූන් වහන්සේලා සහිත පාත්ර ධාතුන් වහන්සේ ලංකාවට වැඩම කර වූහ.
දේවානම්පියතිස්ස රජු සර්වඥ ධාතු නිදන් කර ලංකාවේ යොදුනෙන් යොදුන විහාර කරවා පාත්ර ධාතුව තම මැදුරේ තබා ගෙන පුද සත්කාර පැවැත්වීය.
එතැන් පටන් පාත්ර ධාතූන් වහන්සේ සිංහල රජ දරුවන් ගේ මහත් වූ පුද සත්කාර ගෞරව ලබමින් ආරක්ෂා විය. මේ අතර වළගම්බා රජු සමයේ දී එක් සොළියෙක් සර්වඥ පාත්ර ධාතුව පැහැර ගෙන ඉන්දියාවට පලා ගියේය. ගජබා රජු (ක්රි. ව. 114 – 136) ඉන්දියාවට ගොස් පාත්ර ධාතුන් වහන්සේ නැවත ලංකාවට වැඩම කරවීය. මේ බව රාජාවලියේ දැක්වේ.
සිංහල රජ දරුවෝ දළදා වහන්සේත් පාත්ර ධාතූන් වහන්සේත් එක ම මැදුරක් තුළ ආරක්ෂිත ව තැන්පත් කර පුද පූජා පැවැත්වූහ. යමෙකුට ලංකාවේ රජ බවට පත්වීමට අවශ්ය නම් ඔහු හෝ ඇය සතුව මේ ශුද්ධ වස්තූන් දෙනම තිබිය යුතු යයි පිළිගැනීමක් විය.
බුද්ධදාස මහ රජුගේ දෙටු පුත්රයා වූ උපතිස්ස රජු (ක්රි. ව. 365 – 406) සමයේ දී ලංකාවේ දුර්භික්ෂයක් හා රෝග බියක් හට ගත්තේ ය. එකල්හි උපතිස්ස රජු භික්ෂු සංඝයා ගේ උපදෙස් පරිදි සර්වඥ ධාතු තැන්පත් කර ඝන රන් බුද්ධ ප්ර්රතිමාවක් තනවා පාත්ර ධාතුවට පැන් පුරවා පැන් සහිත පාත්ර ධාතුව ප්රතිමාවේ දෝතෙහි තබා ඒ බුද්ධ ප්රතිමාව මැනවින් සරසන ලද රථයක තැන්පත් කරවීය.
පසුව රජු සිල් සමාදන් වී මහජනයා ද සීලයෙහි පිහිටුවා නුවර මැනවින් සරසවා භික්ෂු සංඝයා පිරිවරා ගෙන මහමගට බැස්සේ ය. භික්ෂු සංඝයා රතන සූත්රය දේශනා කරමින් පිරිත් පැන් ඉසිමින් නුවර වටා වැඩම කළහ. පසුදා හිරු නැඟෙන කල්හි මහ වැසි වැස්සේය. සියලු දුර්භික්ෂ හා රෝග බිය දුරු වී ගියේ ය. රටට සියලු යහපත උදා විය.
මෙයින් මහත් වූ සතුටට පැමිණි උපතිස්ස රජු “අනාගතයේ ලක්දිව මෙවැනි දුර්භික්ෂයක් හා රෝග බියක් ඇති වුව හොත් මෙසේ ක්රි්රයා කරන්නැ’යි කියා නියෝගයක් ද කළේය. මේ කථා පුවත චූළවංශයේ දැක්වේ.
මෙසේ සිංහල රජ දරුවන් ගේ මහා සත්කාර ලබමින් ආරක්ෂා වූ සර්වඥ පාත්ර ධාතුන් වහන්සේ මේ වන විට කුමන ස්ථානයක තැන්පත් ව ඇද්දැ’යි කියා නිශ්චිත ව කිව නොහැක. පාත්ර ධාතූන් වහන්සේ තැන්පත් ව ඇති ස්ථානය ගැන විවිධ මත දක්නට ඇත.
දළදා මැදුර ඉදිරිපිට නාථ දේවාල භූමියේ ඇති ස්තූපය තුළ හෝ ඒ සමීපයේ ඇති අනෙක් ස්තූපය තුළ හෝ දළදා මැදුර තුළ ඇති කුඩා ස්තූපය තුළ හෝ මල්වතු මහා විහාරයේ ස්තූපය තුළ හෝ සර්වඥ පාත්ර ධාතූන් වහන්සේ තැන්පත් ව ඇතැ’යි සැලකේ.
ඇතැම් ජනප්රවාදවලට හා ඇතැම් ලේඛනවලට අනුව අප ලොව්තුරා බුදුරදුන් දන් වැළඳූ පාත්ර ධාතූන් වහන්සේ තැන්පත් ව ඇත්තේ ඓතිහාසික බෙලිගල රජ මහා විහාරයේ ස්තූපය තුළ යි. ප්රමාණයෙන් ඒ තරම් විශාල නොවන මේ ස්තූපය බෙලිගල දෙතිස් ඵලරුහ බෝධීන් වහන්සේ සමීපයේ පිහිටා ඇත.
බටහිර ඉන්දියාවේ මුම්බායි නගරයට උතුරින් පිහිටි සුප්පාරක පටුනේ (සොපාරාහි) තිබී එක් පුරාණ ස්තූපයක් හමු වී ඇත. මේ ස්තූපය ගෝතමීපුත්ර නමැති රජෙකු විසින් කරවා තිබේ. මෙහි කළ කැණීම්වලින් සර්වඥ පාත්ර ධාතූන් වහන්සේ ගේ කැබලි කිහිපයක් ද තවත් බොහෝ අගනා පුරාවස්තු ද හමු වී ඇත.
අතිපූජ්ය හික්කඩුවේ ශශ්රී සුමංගල නාහිමියන් කළ ඉල්ලීමකට අනුව මේ පාත්ර ධාතු කැබලිවලින් කොටසක් ලංකාවට ලැබුණි. එසේ ලැබුණු සර්වඥ භික්ෂා පාත්ර ධාතු කොටස 1882 ඔක්තෝබර් මස 26 වැනි දින කොළඹ මාලිගාකන්ද විද්යෝදය පිරිවෙණේ දී මහජනයාට ප්රදර්ශනය කර ඇත. මේ වන විට එම පාත්ර ධාතූන් වහන්සේ හික්කඩුවේ ශ්රී සුමංගල නාහිමියන් වැඩ සිටි දෙමහල් මැදුරේ උඩ ඇති පාත්ර ධාතු මන්දිරයේ ආරක්ෂිත කරඬුවක් තුළ වැඩ සිටිති.
මේ භික්ෂා පාත්ර ධාතු කොටස ප්රමාණයෙන් අඟලකට වඩා විශාල නැත. අළු පැහැයට හුරු දුඹුරු පැහැයකි. පාත්ර ධාතුන් වහන්සේ බොහෝ කලකට පසුව 2007 වසරේ දී මෙන් ම මේ වසරේ දී ද වෙසක් පොහොය වෙනුවෙන් දින කිහිපයක් මහජනයා සඳහා ප්රදර්ශනය කළ අතර අතිවිශාල ජනකායක් ඉතා දුර්ලභ වූ මේ ශුද්ධ වස්තුව සියැසින් දැක බලා ගෙන වන්දනා කිරීමට විද්යොදය පිරිවෙණට පැමිණියහ.
මෙසේ බුදුරදුන් දන් වැළඳූ පාත්ර කිහිපයක් ගැන ධර්ම ග්රන්ථයන්හි සඳහන් ව තිබුණත් ලංකාවාසීන් වන අපට දැනට සියැසින් දැක බලා ගෙන වන්දනා කිරීමට ඇති පාත්ර ධාතූන් වහන්සේ කොළඹ මාලිගාකන්ද විද්යොදය පිරිවෙණේ වැඩ සිටින මේ පාත්ර ධාතූන් වහන්සේය.

Source Internet 


Friday, October 23, 2015

මෛත්‍රී බුදුරජාණන් වහන්සේ


මෙම මහාභද්‍ර කල්පයේ පහල වන අවසාන සම්මා සම්බුදුරාජාණන් වහන්සේ වශයෙන් මෛත්‍රී බුදුරජාණන්ලොව පහල වන්නේ ය. භද්‍ර යනුවෙන් හඳුන්වන්නේ කාලපරිච්චේදයක උපරිම, උසස් ම යන අරුත යි. එක් භූමියක හෙවත් පෘථිවිතලයක පහලවිය හැකි බුදුවරු උපරිම සංඛ්‍යාව පස්නමකැ යි දේශනා කර තිබේ. එය භද්‍ර කල්පය නමින් හඳුන්වයි. ඒ අනුව මේ පෘථිවි තලයේ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප සහ ගෞතම නමින් සම්මා සම්බුදුවරු සිව්නමක් මේ වනවිටත් පහල වී පිරිනිවී අවසාන ය. පස්වන සහ අවසාන සම්මා සම්බුදුරාජාණන් වහන්සේ ලෙස මෛත්‍රී බුදුන් ලොව පහල වන්නේ ය. මෛත්‍රී බුදුන් ගේ පිරිනිවීමෙන් කලකට පසු මේ පෘථිවි තලය විනාශ වී නැවතත් බොහෝ කාලයක ඇවෑමෙන් නැවත පොළවක් සකස් වන්නේ ය. ඉන්පසු ඇරඹෙන්නේ නව කල්පයකි. එ ම කාලය තුළ නැවත කොපමණ කල්ප ප්‍රමාණයකින් නැවත බුදුවරයකු උපදී දැ යි කීමට අපහසු ය. හේතුව බුද්ධ ශුන්‍ය කල්ප ඉතා අධික වීම යි. )
මෛත්‍රී බුදුන් පහලවන කාලය
මෛත්‍රී බුදුන් පහල වීම සම්බන්ධයෙන් අප ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධවංශ දේශනාව අවසානයේ දී සැරියුත් මහරහතන් වහන්සේ ගේ අයැදීම මත අනාගත වංශ දේශනාව වදාළ සේක. ගෞතම බුද්ධ ශාසනය සම්පුර්ණ වශයෙන් ලොවින් අන්තර්ධාන වූ පසු ක්‍රමක්‍රමයෙන් මිනිසුන් ගේ පරිහාණිය වර්ධනය වේ. ඊට අනුරූප ව මිනිසුන් ගේ ආයුප්‍රමාණය ද, අඩුවෙමින් ගොස් අවසානයේ දසවර්ශය දක්වා පහත වැටෙන බව දේශනා කර ඇත. ඉන්පසු නැවත මිනිසුන් ගේ ගුණධර්ම ක්‍රමයෙන් වර්ධනය වන කාලයක් උදාවන බව ත් ඊට අනුරූප ව මිනිසුන් ගේ ආයුප්‍රමානය ද, ක්‍රමක්‍රමයෙන් වර්ධනය වන බව දේශනා කොට තිබේ. අවුරුදු අසංඛ්‍යෙය ප්‍රමාණයක් දක්වා ආයුෂ වර්ධනය වන්නේ ය. ඉන් අනතුරුව නැවත ගුණධර්ම පිරිහී ආයුෂ ප්‍රමාණය අවුරුදු අසූදහසකට පැමිණෙන කාලයේ දී මෛත්‍රී බුදුරාජාණන් වහන්සේ ලොව පහල වන බව බුද්ධ දේශනාවේ සඳහන් ව ඇත.
උන්වහන්සේ ගේ පරමායුෂ අවුරුදු අසුදහසකි. උන්වහන්සේ ගේ පරිනිර්වාණයෙන් අනතුරුව ද, ශාසනය අවුරුදු එක්ලක්ෂ අසුදහසක් තරම් කාලයක් ලොව පවතින බව සඳහන් වේ. වීර්යාධික බුදුවරයානකෙනෙකු බැවින් පළමු නියත විවරණය ලබා සොළොසාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පුරාවට සමතිස් පාරමිතා සම්පුර්ණ කර ඇත. එ නම් අප ගෞතම සර්වඥයන් වහන්සේ බෝසත් අවධියේ නියත විවරණ ලබන්නට ත් බොහෝ කලකට පෙර සිට ම මෛත්‍රී බෝධිසත්වයන් පාරමිතා ධර්ම සම්පුර්ණ කිරීම ට උත්සාහවත් වී ඇති බව තේරුම් ගත යුතු ය.
මෛත්‍රී බෝධිසත්ව ප්‍රථම අභිනිහාරය. (පළමු නියත විවරණය)
මෛත්‍රී බෝධිසත්වයන් පෙර එක් භවයක චක්‍රවර්ති රජෙක් ව ඉපිද සතර මහද්වීප වැසියන් පංච ශීල ප්‍රතිපදාවේ පිහිටුවා කටයුතු කරන සමයක මුහුත්තර නම් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ලොව පහල විය. ඒ බව දැන පිරිස සමග ගොස් බුදුන් පුදා දහම් අසා සක්විති රාජ සම්පත් අතහැර රතන නමින් පැවිදි විය. එ තැන් පටන් මහත් දානාදී පින්කම් සිදුකළේ ය. අන්‍ය භික්ෂුන් වහන්සේලා ට ආශ්චර්යයක් ගෙන දෙන පමණින් පින්කම් සිදුකරන්නට යෙදුනු බව කියවේ. ඒ අනුව මුහුත්තර බුදුරාජාණන් වහන්සේ "මෙ ම භික්ෂුව මෙ තැනින් සොළොසාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් ගියතැන මෛත්‍රී නමින් සම්මා සම්බුදු වන්නේ ය" යි දේශනා කොට වදාළ සේක. ඒ මුහුත්තර බුදුරාජාණන් වහන්සේගෙන් ලද නියත විවරණය ප්‍රථම නියත විවරණය යි.
මෛත්‍රී බෝධිසත්ව අවසාන නියත විවරණය.
අප ගෞතම සර්වඥයන් වහන්සේ තව්තිසා දෙව්ලොව වස් වසා අවසානයේ මහත් වූ අසිරියෙන් දෙවාරෝහනයන් සහිත ව දෙවියන් ද, පිරිවරමින් දෙව්ලොවින් සංකස්සපුරයට වැඩමවූ සේක. ඒ අසිරිය දුටු බොහෝ ජනයා පැවිදි විය. ඒ අතර ට මෛත්‍රී බෝධිසත්වයන් ද, විය. එ කල මෛත්‍රී බෝධිසත්වයෝ සංකස්ස පුරයේ සිරිවඩ්ඪන නම් පුත්‍රයකු ව සිටින්නා හ. දිනක් තමන් ට ලද වස්ත්‍ර යුගලකින් බුදුකුටියට වියනක් කොට පිදී ය. ඒ අරභයා දහම් දේශනා කළ බුදුන් වහන්සේ "මෙ ම වස්ත්‍ර යුගලකින් මා පිදූ ආර්ය මෛත්‍රී භික්ෂුව අනාගතයේ මෛත්‍රී නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වන බව දේශනා කළ සේක. මෙය මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ගේ අවසාන නියත විවරණය යි. එ මෙන් ම මෙයින් උන්වහන්සේ ගේ පාරමිතා කාලසීමාව ද, අවසන් වන්නේ ය. එ නම් බුද්ධත්වය ලැබීම සඳහා කළයුතු සියලු ම කෘත්‍යයන් ඉටු කර අවසන් බව යි.
මෙලොව පහළ වීම.
සියලු ම පාරමිතා පුරා අවසන් වූ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මේ වන විට වාසය කරන්නේ තුසිත දිව්‍ය ලෝකයේ ය. එය සියලු ම බුදුරජාණන් වහන්සේලා ට පොදු වූ ධර්මතාවයකි. උන්වහන්සේ දසදහසක් දෙව්බඹුන් ගේ ආරාධනා මැද පස්මහා බැලුම් බලා අජිත නමින් ලොව පහල වන බව වදාළ සේක. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ නැවත මෙ ලොව උත්පත්තිය ලබන්නේ මිනිස් ආයුෂ අසූ දහසක් වන කල් හි බව ඉහත දී සඳහන් කළෙමි. එ කල් හි බරණැස් නුවර ධන ධාන්‍යයෙන් ආඪ්‍ය වූ කේතුමතී නම් නගරයක් වන්නේ ය. සංඛ නම් වූ සක්විති රජ කෙනෙක් ඒ නගරය පාලනය කරන්නේ ය. ඔහු ට අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසන කරන සුබ්‍රහ්ම නම් වූ පුරෝහිත බ්‍රාහ්මණයෙක් සිටින්නේ ය. එ කල් හී සුබ්‍රහ්ම නම් බමුණා ට දා ව බ්‍රහ්මවතී බැමිණිය ගේ කුස තුළ මෛත්‍රී බෝධිසත්වයන් පිළිසින්දගන්නා බව සඳහන් වේ.
අභිනිෂ්ක්‍රමණය
උන්වහන්සේ ගිහිගෙයි අවුරුදු දහ අට දහසක් වාසය කරන්නේ ය. අවසන තම අග බිසව වන චන්ද්‍රමුඛී දේවිය, බ්‍රහ්මවර්ධන නම් පුත්කුමරු බිහි කරන දිනයේ දී සතර පෙර නිමිති දැක් ගිහි ගෙය පිළිබඳව කලකිරී සියලු සැප සම්පත් හැර දමා උතුම් වූ නිර්වාණ සුවය සොයා යන්නේ ය. එ සේ සිතා උඩුමහල් තලයට ගොස් සත්දිනක් දුෂ්කරක්‍රියා කරයි. සියලු සම්බුද්ධයන් වහන්සේලා බුදුවන වෙසක් පුරපසළොස්වක පොහෝ දින මහාබිනික්මන් කරමි යි සිතු පමණින් ම රැකවල් ළා සිටි මහපිරිස් සමගින් අහසින් බෝ මැද ට වඩනා බව ත් වදාළ හ. චන්ද්‍රමුඛී දේවිය විසින් ම කිරිපිඬු දානය පුජා කරන බව ත්, බඹුන් විසින් සිවුරු පුජා කිරීමෙන් පැවිදි වෙස් ගෙන නා බෝධි මුලය වෙත වැඩම කරන බව ද, වදාළ සේක. නා බෝධින් වහන්සේ ට පිට දී අලුයම යාමයේ සියලු කෙලෙස් නසා උතුම් සම්‍යක් සම්බෝධියට පත් වන බව ද, වදාළ සේක.
මෛත්‍රී බෝසතාණන් සහ ගෞතම බෝසතුන් හමු වූ පෙර භවයක් ( ගෞතම බෝසතුන් කොටිදෙනකගේ බඩගින්නක් නිවූ ආකාරය )
එක්තරා කාලයක මනුෂ්‍ය ලෝකයේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ වගේම අපේ බෝසතාණන් වහන්සේත් උපත ලබා හිටියා. මෛත්‍රී බෝසතුන් ඒ භවයේදී ගුරුවරයෙක් විදිහට කටයුතු කළා. අපේ බෝසතුන් ඒ ගුරුවරයා සමීපයේ හිටිය හොඳම ගෝලයා වුණා.
දවසක් මේ ගුරුතුමයි ගෝලයයි ගමනක් යන්න පිටත් වුණා. මේ ගමන යන පාර වැටිලා තිබුණේ කැළෑවක් මැදින්. කැළෑව මැදින් යද්දී මේ දෙන්නා දැක්කා එක කොටි දෙනෙක් සහ ඇගේ අලුත උපන් පැටවුන් ගල් ගුහාවක් ගාව ඉන්නවා.
ඒ වෙලේ කොටි දෙනට ලොකු බඩගින්නක් තිබුණු නිසා තමන්ගේ පැටව් කන්න තමා සූදානම් වෙලා හිටියේ. මේ වෙලාවේ ගුරුතුමා තමන්ගේ ගෝලයාට මෙතනට වෙලා මොකද වෙන්නේ කියලා විමසිල්ලෙන් බලාගෙන ඉන්න නියම කරලා කොටි දෙනගේ බඩගින්න නිවන්න කෑමක් අරගෙන ඉක්මණින් එන්නම් කියලා පිටත් වුණා.
තමන්ගේ ගුරුතුමා දැන් එයි දැන් එයි කියලා ගෝලයා බලාගෙන හිටියා. ඒත් ගුරුතුමා එන්න ප්‍රමාදයි. කොටි දෙන දැන් පැටවු ගිලින්න යන්නේ. මේක බලාගෙන ඉන්න බැරිම තැන ගෝලයා ඒ අවස්ථාවේ හැටියට කොටි දෙනගේ බඩගින්න නිවන්න පුලුවන් හොඳම ආකාරය මේකයි කියලා හිතලා ඒ කොටි දෙනට බිලිවුණා.
අන්තිමට කොටි දෙනට කන්න යමක් හොයාගෙන ආපු ගුරුතුමා තමන්ගේ ගෝලයාට මොකද වුණේ කියලා විමසිල්ලෙන් බලද්දී පෙනුණා කොටි දෙන ගාව තමන්ගේ ගෝලයාගේ ඇඳුම් පැළඳුම්වල කෑලි එහෙම වැටිලා තියෙනවා.
සිද්ධ වුණේ මොකක්ද කියලා තේරුම් ගත්තු ගුරුතුමා ඉක්මන් බුදුන් බුදු වුණාවේ කියන ප්‍රකාශය කරලා එතනින් පිටත් වුණා.
“ එතැනදි මෛත්‍රී බෝසතාණන් එක් ප්‍රාර්ථනාවක් කරනවා. මට කලියෙන් ගෞතම බෝසතාණන් බුදු විය යුතුයි කියලා. ”
ඉතින් ඊළඟට බුදුවෙන්න නියමිතව තිබුණු මෛත්‍රී බෝසතුන්ටත් කලින් අපේ බෝසතුන්ට බුදු වෙන්න ඒ කුසල කර්මය නිසා පුලුවන්කම ලැබුණාය කියලා තමා කියන්න.
මෛත්‍රී බුදුන් දකින්නෝ සහ නො දකින්නෝ.
මෛත්‍රී සර්වඥයන් වහන්සේ දකින්නෝ කවරහු ද යත්, පන්සිල් රැක්කාහු ද, දස කුසල්වල යෙදුනෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. දාගැබ් කරවූවෝ ද දාතු කරඩු පිදුවෝ ,ද දාන ශාලා තැනුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. වැව් පොකුණු බැන්දෝ ද, ඒදඩු පාලම් තැනුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ධර්ම දේශනා කළෝ ද, ධර්ම ශ්‍රවණය කළෝ ද, ධර්මය ලියන ලද්දෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. පන්සල් තැනුවෝ ද, ගිලන් හල් තැනුවෝ ද, අනාථාගාර ඉදි කරවූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ආදර බහුමානයෙන් මහණදම් පිරුවෝ ද, මහජනයා කුශල් හි යෙදවූවෝ පැවිද්දෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ආහාර පාන දන් දුන්නෝ ද, ගෙවල් දොරවල් නිවාස තනා දුන්නෝ ද, මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. කෙත්වතු පිදුවෝ ද, සිවුරු රෙදිපිලි පිදුවෝ ද, මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ශිල්ප ශාස්ත්‍ර හැදෑරීම ට ආධාර උපකාර කළෝ ද, භාෂා ශාස්ත්‍ර දියුණුව ට පොත පත කරවූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. පිළිම ගෙවල් ඉදිකරවූවෝ ද පෙති පිළිම කරවූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. බෝධිසත්ව චරිත කථාවන් අඹවන ලද්දෝ ද, ඒවා බිතු සිතුවම් කරවූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ගිලනුන් ට උපස්ථාන කළො ද, රෝග තුරන් කිරීමට වෙහෙස මහන්සි වූවෝ ද, වසංගත රෝග වළක්වාලුවෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. සතුනට කරන හිංසා වැලැක්වූවෝ ද, ගිලන් සතුනට බේත්හේත් කළෝ ද, බන්ධනගත සතුන් මුදා හැරියෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය.
තව ද මවුපියන්ට උපස්ථාන කලෝ ද, ගුරුවරාදීන්ට සංග්‍රහ කළෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. තුණුරුවන් උදෙසා උඩුවියන් පාවඩ පිදුවෝ ද, ශබ්ද පූජා පැවැත්වූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. සුවද දුම් පිදුවෝ ද, පහන් ගෙවල් තැනුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. බණ අසන්නට හඩගෑවෝ ද, බණ දෙසන කල් හි සාධුකාර දුන්නෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. මහජන සුබසෙත සැලසූ රජමැති ඇමති සිටු ආදී නරදෙටුවෝ ද, වැසියන් නො තලා අයබදු ගත් රජදරුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. පැවිද්ද සඳහා දරුවන් පූජා කළ මව්පියෝ ද, වස් ආරාධනා කොට ඇප උපස්ථාන කළෝ ද, වස් කාලයන් හි පිළිවෙත් පිරූ ගිහි පැවිද්දෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය.
මහජන කරුණාවෙන් සේවය කළ නිලදරුවෝ ද, මංමාවත් ඉදිකර වූවෝ ද, අම්බලම් තැනුවෝ ද, දන්සැල් පැවැත්වූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ත්‍රිවිධ රත්නය උදෙසා පෙරහැර පැවැත්වූවෝ ද, බුදු සිරිතෙන් සරසා වෙසක් තොරණ බැන්දෝ ද, තුණුරුවන් උදෙසා පහන් කූඩු විසිතුරු කළෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. නැති බැරි අය ගේ මංගල අවමංගල කටයුතු සම්පාදනය කළෝ ද, මරණාධාර සමාගම් පැවැත්තුවෝ ද, ගරු කල යුත්තන්ට ගරු සරු දැක් වූවෝද ගුරු ගෞරවය පැවැත්වූවෝ පැවිද්දෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ඝණ්ඨාර පිදුවෝ ද, දාගැබ් විහාර පන්සල් සුණු පිරියම් කළෝ ද, බලූ කපුටු ආදී සතුන්ට ආහාර දුන්නෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. කඨින පින්කම් කළෝ ද, වන්දනා ගමන් ගියෝ ද, ගෞතම බුදුපියාණන් උපත ලද, බුදු වූ, දම් දෙසූ, පිරිණිවන් පෑ, තැන් වැද පුදා ගත්තෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. මරණය ට කැප වූ සතුන් මරණ භයින් මුදවා අභය දානය දුන්නෝ ද, ඉගැන්වීම් ආදියෙන් බුද්ධි දානය දුන්නෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. වෙහෙර විහාරස්ථාන හා පාසල් ‐ රෝහල් ‐ අනාථ නිවාස සඳහා ඉඩ කඩම් පිදුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය.
තව ද අනුන්ට ඊර්ෂ්‍යා නො කලෝ ද මුදිතාව දියුණු කළෝ ද මෙත් වැඩුවෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. වෛර නො කළො ද කරුණාව පැතිරවූවෝ ද සාමය රැක්කෝ ද ප්‍රිය වචන කථා කළෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. බුදු පිළිම කරවා නේත්‍ර පිහිටවූවෝ ද සලාක දන් දුන්නෝ ද කොඩි කුඩ පහන් පිදුවෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. සිප්හල් පිහිටුවා සර්වඥ ධර්මය ඉගැන්වූවෝ ද බෝධිඝර කරවූවෝ ද අන්ධයන්ට පෙනීම ලබා දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. අනාථයත්ට උපකාර වූවෝ ද බෙහෙත් ගස් සිටුවූවෝ ද ගස් කොලන් වැවුවෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ජලාශ පිහිටවූවෝ ද සතුන් ට ඛෙහෙත් කළෝ ද පෙහෙවස් රකින්නවුන්ට උවටැන් කළෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. මියගිය ඥාති මිත්‍රාදීන් උදෙසා පින්කම් කළෝ ද, වන සෙනසුන් පෝය ගෙවල් තැනුවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය.
ඉහත දැක්වූ කුශල ධර්මයන් හි යෙදුනෝ මෛත්‍රී බුදුරජානන් වහන්සේ දකින්නාහු කවරහෙයින්ද යත් මෙ කී නො කී පිංකම්වල කුසල බලය නිසා ඔවුහු සියල්ලෝ ම මරණින් මතු චාතුර්මහාරාජිකය, තාවතින්සය, යාමය, තුසිතය, නිර්මාණරතිය, පරනිම්මිතවසවර්තිය යන සදිව්‍ය ලෝකයන් හි සහ බ්‍රහ්ම පාරිසජ්ජය, බ්‍රහ්මපුරෝහිතය, මහා බ්‍රහ්ම ආදී ලෝකවල උපත ලබා ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ දී මිනිස් ලොවට බට තුසිත දිව්‍ය භවනය හා සමාන වූ සකල සම්පත්තියෙන් අනූන කේතුමතී නම් රාජධානියෙ හි රජ ‐ මැති ‐ ඇමති ‐ පවුල්වල උපත ලබන්නාහු ය. සිටු පවුල් බ්‍රාහ්මණ පවුල් සහ ගෘහපති පවුල්වල ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාවය යන කරුණු පසින් සපිරුණු පිංවතුන් ‐ පිංවතියන් ව ඉපිද, ඒ මෛත්‍රී බුදුන් දකින්නාහු ම ය.
මෙසේ සසර දී පුරණ ලද මේරූ පිං ඇතිව උපන් ස්ත්‍රී පුරුෂයෝ ඒ මෛත්‍රී බුදුන් දැක තම තමන් පැතූ පරිදි ම ඒ මෙතේ බුදු රජාණන් වහන්සේගෙන් බණ අසා දන් පහන් පවත්වා පිළිවෙත් පුරා අමා මහ නිවන් දක්නාහු ය.
මෛත්‍රී සර්වඥයන් වහන්සේ නො දකින්නෝ කවරහුද යත් මව් මැරුවෝ ද, පියා මැරුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. රහතුන් වහන්සේලා මැරුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. ලෝහිතුප්පාදක (බුදුන් ගේ ඇඟේ ලේ සෙලවීම) පාප කර්මය කලෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. සංඝ බේදය කළෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. දාගැබ් බින්ඳෝ ද පෙති පිළිම බෝ ගස් වැනසුවෝ ද රන් රිදී ආදිය නිසා බුදු පිලිම සොරකම් කළෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.
බණ පොත් විනාශ කලෝ ද සඟසතු දේපල ගසා කෑවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. මහණ බමුණන්ට හිරිහැර කළෝ ද, මව් පියන්ට හිංසා පීඩා කළෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. සිල්වත් ගුණවත් උතුමන්ට බොරු චෝදනා කළෝ ද, දන් වැට පුද පඩුරු ගසා කෑවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. මහජන සන්තක දේ අයථා ලෙස පරිහරණය කළෝ ද, කපටි වංචනිකයෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.
මෙලොවක් නැත පරලොවක් නැත පිනක් පවක් නැතැයි කීවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. ප්‍රාණඝාත කළෝ ද ඒවා ට අනුබල දුන්නෝ ද සොරකම් කලෝ ද සොරකම ට අනුබල දුන්නෝ ද අනාචාරයෙ හි හැසිරුණෝ ද එයට අනුබල දුන්නෝ ද, බොරු කීවෝ ද පරුෂ වචන කීවෝ ද සම්පප්‍රලාප දෙඩුවෝ ද එකී පාපයන් ට අනුබල දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. මත් පැන් බීවෝ ද මත් පැන ට අනුබල දුන්නෝ ද, මත් ද්‍රව්‍ය පැතිර වූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. සතුන් මරා මස් කෑවෝ ද එය ට අනුබල දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. මරණු පිණිස සතුන් ඇතිකළේ ද මැරීමට විකුණනු ලැබූවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.
බොරු සාක‍ෂි දුන්නෝ ද බොරුවට දිවුරුවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. ණය ගෙන ණය නුදුන්නෝ ද ගිනි පොලීකරුවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. අන් හට ලැබෙන දෙය වැළැක්වූවෝ ද අනුන් නො මග යැවූවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. නිසි ලෙස මහණදම් නො පුරමින් දුසිල් ඡීවිත ගත කළෝ ද පැවිදි ව පැවිදිකම් හි නො යෙදුනෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. අල්ලස් ගත්තෝ ද ඒ පාපය ට අනුබල දුන්නෝ ද ගේ දොර ගිනි තැබුවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය ගහ කොළ භෝග වගාවන් විනාශ කළෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. වස විෂ කැව්වෝ ද හදි හූනියම් කලෝ ද එකී පාපයන් ට අනුබල දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. හොර ජාවාරමි කරුවෝ ද අධික මිලට වෙළහෙලදාම් කළෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. බොරුවෙන් වන්චාවෙන් මැති ඇමති වරුන් නරදෙටුවන් නො මග යැව්වෝ ද නපුරු අවි ආයුධ තැනුවෝ ද එකී පාපයන් ට අනුබල දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.
අනේකාකාර ක්‍රම උපක්‍රමවලින් රට වැසියාට හිංසා පීඩා පැමිණ වූ රජ මැති ඇමති පාලකයෝ ද වැව් පොකුණු ගංඟා ආදී ජලාශයන් අපිරිසිඳූ කළෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. දරුවන් නො මග යැව්වෝ ද, යුතුකම් පැහැර හැරියෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. සර්වඥ ධර්මය පහත් කොට සැලකුවෝ ද මාන්න අධික ව අනුන් පහත් කොට තමන් උසස් ලෙස සැලකුවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. අඹුදරුවන් අතරමං කළෝ ද, අනුන් බය ගැන්නුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.
ඉහත කී පරිදි අකුසල් කළෝ ඒ මෛත්‍රී බුදුන් නො දකින්නේ කවර හෙයින්ද යත් මේ පාපකර්මයන් කිරීම නිසා මරණින් මතු සංජීවය, සංඝාතය, කාලසූත්‍රය, රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය, අවීචිය යන අටමහ නරකයන් ට වැටී ඔවුහු අනන්ත අප්‍රමාණ කාලයක් අප්‍රමණ දුක් විදින්නාහුය ඒ මෛත්‍රී සර්වඥයන් වහන්සේ ගේ කාලය වන විට ද මෙකී නො කී පවුකම් කළෝ ඒ අපායන් හි ම වෙසෙන බැවින් ඔවුන්ට ඒ මෛත්‍රී බුදු රජාණන් වහන්සේ නො දැකිය හැකි වන්නේ ම ය.


(උපුටා ගන්නා ලද්දකි...)

Saturday, September 26, 2015

෴෴සූවිසි නියත විවරණ෴෴



01.පළමු වැනි නියත විවරණය ...දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් 
දීපංකර බුදුහිමි පාද මූලයෙහි වේද මන්ත්ර ධරන්නා වූ ත්රිවේදය සහිත නොයෙක් ශාස්ත්රයන්හි පාරප්රාප්තව සිට තවුස් පැවිද්දෙන් පැවිදිව අෂ්ට සමාපත්ති ,පඤ්ච අභිඥා ලාභී ,සුමේධ තවුස්ව සිට එම බුදුන් වඩින මගක මඩ සහිත බිමක් සකස් කරමින් සිටිය දී බුදුන් වැඩිය හෙයින් බුදුන් ප්රධාන මහා සඟ රුවනට වැඩමවීම පිණිස ඒ දණ්ඩක් සේ එම මඩ බිමෙහි ජීවිත ආශාව රහිතව මුනින් වැතිර සිටීම ....
02.දෙ වැනි නියත විවරණය ...කොණඩඤ්ඤ බුදුරජාණන් වහන්සේගෙන් 
කොණඩඤ්ඤ බුදුහිමි පාද මූලයෙහි විජිතාවී නම් සක්විති රජව සක්වළගල හිමිකොට ඇති මහසයුර ඇතුළුව ආධිපත්ය පවත්වමින් සිට බුදුන් වහන්සේ ප්රමුඛ කොටිලක්ෂයක් රහතුන් වහන්සේලා මධුර වූ ආහාරයෙන් සන්තර්පණය කිරීම ....
03.තුන්වැනි නියත විවරණය ...මංගල බුදුරජාණන් වහන්සේගෙන්
මංගල බුදුහිමි පාදමූලයෙදී සුරුචි නම් ත්රිවේදයෙහි පාරප්රාප්ත බ්රාහ්මනයෙක්ව සිට බුදුන් වෙත එළඹ බුදුන් සරණ ගොස් බුදු පාමොක් මහා සඟනට ගඳ මලින් පුදා එළකිරියෙන් පමණක් පිසූ භෝජනයෙන් සැතැපීම ...
04.සතරවන නියත විවරණය ...සුමන බුදුරජාණන් වහන්සේගෙන්
සුමන බුදුහිමි පාද මූලයෙදී අතුල නම් සෘධි ඇති , පිනැති නා රජෙක්ව නෑයන් සමඟ නාග භාවයෙන් නික්ම ද්රිව්ය තූර්යයෙන් බුදුපාමොක් මහා සඟනට උපස්ථාන කොට කොටිලක්ෂයක් භික්ෂූන් ආහාර පානයෙන් සන්තර්පණය කර වස්ත්ර යුග්මයක් බැගින් එක එක භික්ෂුවට පුදා බුදුන් සරණ යාම ...
05.පස්වන නියත විවරණය ...රේවත බුදුරජාණන් වහන්සේගෙන්
රේවත බුදුහිමි පාද මූලයෙදී අතිදේව නම් බ්රාහ්මනයෙක්ව බුදුන් වෙත එළඹ බුදුන් සරණ ගොස් උන්වහන්සේ ගේ නිරුත්තර වූ ශීල ,සමාධි ,ප්රඥා ගුණයට පැසසිය යුතු පරිද්දෙන් උතුරු සළුව පිදීම ...
06.සයවැනි නියත විවරණය ...සෝභිත බුදුරජාණන් වහන්සේගෙන්
සෝභිත බුදුහිමි පාද මූලයෙදී සුජතනම් බ්රහ්මනයෙක්ව සිට බුදු පාමොක් මහා සංඝ රත්නයට ආහාර පානයෙන් සන්තර්පණය කිරීම ...
07.හත්වැනි නියත විවරණය ...අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගෙන්
අනෝමදස්සී බුදුහිමි පාද මූලයේදී මහේශාක්ය වූ මහත් ඉර්ධි ඇති යක්ෂ රාජයෙක්ව බුදුන් වහන්සේ ඇතුළු මහා සඟ රුවනට මධුර වූ ආහාර පානයෙන් සන්තර්පණය කිරීම ...
08.අටවැනි නියත විවරණය ...පදුම බුදුරජාණන් වහන්සේගෙන්
පදුම බුදුහිමි පාද මූලයේදී මෘගාධිපති සිංහ රජයෙක්ව සිට මහවෙනෙහි නිරෝධ සමාපත්තියට සමවන් බුදුන් දැක දෙපා සඟල මුදුනින් වැඳ පැදකුණු කොට කොට තුන් වරක් සිංහ නාද කොට සතියක් මුළුල්ලෙහි උවටැන් කිරීම ....
09.නවවැනි නියත විවරණය ...නාරද බුදුරජාණන් වහන්සේගෙන්
නාරද බුදුහිමි පාද මූලයේදී උග්ර වූ කෙලෙස් තැවීම් ඇති පඤ්ච අභිඥාවන්හි පාරප්රාප්තව අහසෙහි හැසිරෙන ජටා ධරයෙක්ව සඟුන් සහිත අසමසම බුදුන් වහන්සේ ,උපාසක ජනයාද ,මිහිරි වූ ආහාර පානයෙන් සන්තර්පණය කොට සඳුනෙන් පිදීම ....
10.දසවැනි නියත විවරණය ...පදුමුත්තර බුදුරජාණන් වහන්සේගෙන්
පදුමුත්තර බුදුහිමි පාද මූලයේදී ජටිල නම් රැටියෙක්ව බුදුපාමොක් මහා සඟනට ආහාර සහිතව සිවුරු පූජා කිරීම ...
11.එකොලොස්වන නියත විවරණය ...සුමේධ බුදුරජාණන් වහන්සේගෙන්
සුමේධ බුදුහිමි පාද මූලයේදී උත්තර නම් ශ්රාවකයෙක්ව බුදු පාමොක් මහා සඟනට තම ගෙයි රැස්කළ අසූ කෝටියක් වස්තුව පුදා බුදුන් සරණ කොට පැවිදි වීම ....
12.දොළොස්වන නියත විවරණය ...සුජාත බුදුරජාණන් වහන්සේගෙන්
සුජාත බුදුහිමි පාද මූලයේදී සතර මහද්වීපයට ප්රධාන වූ අහසේ හැසිරෙන මහත්සේනාවක්ව ඇති සක්විති රජව බුදුන්වහන්සේ වෙත එළඹ වැඳ සතර මහා සතර මහා රාජ්යයෙන්ද ,සප්ත රත්නයෙන්ද බුදුන් පුදා පැවිදි වීම ...
13.දහතුන්වන නියත විවරණය ...පියදස්සී බුදුරජාණන් වහන්සේගෙන්
පියදස්සී බුදුහිමි පාද මූලයේදී ත්රිවේදයන්හි පාරප්රාප්ත කාශ්යප නම් බ්රාහ්මණයෙක්වබුදුන් වහන්සේගෙන් බණ අසා ප්රසාදයට පැමිණ කොටි ලක්ෂයක් කහවනු වියදම් කොට සංඝාවාසයක් කරවා බුදුරදුන්ට පුදා බුදුන් සරණ කොට පඤ්ච ශීලය දැඩිව රැකීම ....
14.දාහතර වන නියත විවරණය ...අත්ථදස්සී බුදුරජාණන් වහන්සේගෙන්
අත්ථදස්සී බුදුහිමි පාද මූලයේදී උග්ර වූ තපස් ඇති පෘතුවියෙහි ශ්රේෂ්ඨ යැයි සම්මත වූ සුසීම නම් ජටිලයෙක්ව මදාරා මල්ද ,පියුම්ද ,පරසතු මල්ද දෙව්ලොවින් ගෙනත් බුදුරදුන්ට පිදීම....
15.පහළොස්වන වන නියත විවරණය ...ධම්මදස්සී බුදුරජාණන් වහන්සේගෙන්
ධම්මදස්සී බුදුහිමි පාද මූලයේදී පුරින්ද නම් සක්දෙව් රජව ද්රිවය ගඳ මලින්ද ,පංචාගික තූර්යයෙන් බුදුන් පිදීම ..
16.දාසය වන නියත විවරණය ...සිද්ධත්ථ බුදුරජාණන් වහන්සේගෙන්
සිද්ධත්ථ බුදුහිමි පාද මූලයේදී උග්ර තේජස් ඇති අභිනවනය නොකළ හැකි පංචාභිංඥා බලයෙන් යුක්ත මංගල නම් තවුසේක්ව දඹරුකකින් ඵල ගෙනවුත් බුදුන්ට පිදීම ...
17.දාහත් වන නියත විවරණය ...තිස්ස බුදුරජාණන් වහන්සේගෙන්
තිස්ස බුදුහිමි පාද මූලයේදී ...සුජාත නම් රජෙක්ව මහත් සම්පත් හැර සෘෂී ප්රවුජ්යාවෙන් පැවිදිව බුදුන් ලෝ පහල වූ බව දැන මහත් ප්රීතියෙන් ද්රිව්යමය මදාර මල්ද ,පරසතු මල්ද ,පියුම්ද දෝතින් ගෙන බුදුරදුන් මස්තකයේ දැරීම .....
18. දහ අට වන නියත විවරණය ...ඵුස්ස බුදුරජාණන් වහන්සේගෙන්
ඵුස්ස බුදුහිමි පාද මූලයේදී විජිතාවී නම් රජෙක්ව මහා රාජ්යය හැරපියා බුදුන් සමීපයෙහි පැවිදි වීම ...
19. දහ නව වන නියත විවරණය ...විපස්සී බුදුරජාණන් වහන්සේගෙන්
විපස්සී බුදුහිමි පාද මූලයේදී මහත් සෘද්ධි ඇති පුණ්යවත් පැහැපත් අතුල නම් නා රජෙක්ව කොටි ගණන් නාගයන් පිරිවරා ද්රිව්ය තූර්යය වයමින් බුදුන් වෙත එළඹ මිණිමුතු රුවන් ඔබ්බවන ලද සර්වාකාරයෙන් හොබවන රන් පුටුවක් පිදීම ....
20. විසි වන නියත විවරණය ...සිඛී බුදුරජාණන් වහන්සේගෙන්
සිඛී බුදුහිමි පාද මූලයේදී අරින්දව නම් නා රජෙක්ව බුදු පාමොක් මහා සඟ රුවනට ප්රණීත රස ආහාර පානයෙන් සංග්රහ කිරීම ...
21. විසි එක් වන නියත විවරණය ...වෙස්සභු බුදුරජාණන් වහන්සේගෙන්
වෙස්සභු බුදුහිමි පාද මූලයේදී සුදර්ශන නම් රජෙක්ව මධුර වූ ආහාරපානයෙන් හා වස්ත්රයෙන් බුදුරදුන් සහිත සංඝයා පුදා පැවිදි වීමත් ආචාර ගණන් යුක්ත වතින් හා ශීලයෙන් බුදු සසුනේ සිත් අලවා වාසය කිරීම ....
22. විසි දෙවන නියත විවරණය ...කකුසඳ බුදුරජාණන් වහන්සේගෙන්
කකුසඳ බුදුහිමි පාද මූලයේදී ඛෙම නම් නා රජෙක්ව තථාගතයන් වහන්සේටද ,මහා සංඝ රත්නයටද බොහෝ දැන් දී පාත්රයන්ද ,සිවුරුද , අඳුන්ද,වැල්මී ආදී පතන සියල්ල පිළියෙළ කොට යෙදීම ....
23. විසි තුන්වන නියත විවරණය ...කෝනාගමන බුදුරජාණන් වහන්සේගෙන්
කෝනාගමන බුදුහිමි පාද මූලයේදී මිත්රාමත්යන්ද වාහන සේනා ඇති පබ්බ නම් රජෙක්ව බුදුන්ගෙන් ධර්මය ශ්රවනය කොට කැමති පරිදි දන් දී නොයෙක් දේශයන්ගේ වටිනා වස්ත්රයෙන් බුදු පාමොක් මහා සඟනට පිදීම ....
24. විසිහතර නියත විවරණය ...කාශ්යප බුදුරජාණන් වහන්සේගෙන්
කාශ්යප බුදුහිමි පාද මූලයේදී වේද හදාරණ ,වෙද මන්ත්ර දරන්නා වූ ,ත්රිවේදය හා නොයෙක් ශාස්ත්රයන් ගේ පරප්රාප්ත ජෝතිපාල නම් මානවකයෙක්ව ඝටිකාර මිත්රයන් සමඟ බුදුන් වෙත එළඹ බණ අසා පැවිදි වී පටන් ගත වෙර ඇති වතාවත්හි දක්ෂවී , සීල සමාදානයේ කිසි තැනක් නොපිරිහෙලා බුදු සසුන පිරීම ....
෴෴වැදගත් කරුණු ෴෴
***
බ්රහ්මදේව නම් බුදුන් දවස මනොප්රනිධිය ආරම්භකළ භාවයේ පටන් යශෝධරා දේවියද නොයෙක් ආත්මභාවයන් ලබමින් බෝධි සත්වයන් වහන්සේ දීපංකර බුදුන් ගෙන් නියත විවරණ ලැබුවාසේම විවරණ ලබන ලදී ...ඒ සඳහා දීපංකර බුදුන් වඩින මඟට ගොස් මානෙල් මල් අට මිටක් පුදා සුමේධ තවුසන් බුදුවන භවයේ යස්හදරා දේවිය වීමටත් ,රාහුල නම් පුතණුවත් තම කුසින් වඩා දීමට ප්රාර්ථනා කාලය ... බුදුරදුන් නියත විවරණ දී වදාළ සේක ...දීපංකර බුදුන් දවස යශෝදරා දේවිය සුමිත්රා නම් පරිබ්රාජිකාවක ලෙස පැවිදිව සිල් රක්ෂා කරමින් සිට නියත විවරණ ලබන ලදී ....
***සම්මා සම්බුද්ධත්වය පතා පෙරුම් පුරන මේ සෑම බෝසත්වරයකු ම බුදු බව ලැබීමට නම් බුදුරජාණන් වහන්සේ ගෙන් නියත විවරණ ලැබිය යුතු ය. නියත විවරණය ලබාගැනීම ට පෙර සෑම බෝසත්වරයෙක් ම මනෝ ප්රණිධානය හා වාග් ප්රණිධානය සම්පූර්ණ කොට තිබිය යුතු ය. මනෝ ප්රණිධානය යනු පුණ්ය කර්ම කොට මේ පිනින් මට බුදුබව ලැබේ වා යි සිතින් සිතීම යි. මේ මනෝ ප්රණිධානය බෝසත්වරයකු විසින් සත් අසංඛ්ය කල්ප ලක්ෂයක් සම්පූර්ණ කළ යුතු වේ. මෙ සේ මනෝ ප්රණිධානය සම්පූර්ණ කළ බෝසත්වරයා ඊළඟ ට වාග් ප්රණිධානය පුරන්න ට පටන් ගනියි. වාග් ප්රණිධානය යනු පින්කම් සිදුකොට “ මට මේ පිනෙන් බුදුබව ලැබේ වා!" යැ යි වචනයෙන් ම ප්රකාශ කිරීම යි. මෙ සේ වාග් ප්රණිධානය නව අසංඛ්ය කල්ප ලක්ෂයක් සම්පූර්ණ කළ යුතු ය. 
මෙ සේ මනෝ ප්රණිධානය හා වාග් ප්රණිධානය සම්පූර්ණ කළ බෝසත්වරයා නියත විවරණය ලබා ගැනීමට සුදුසුකම් ලබයි. නියත විවරණය ලබා ගැනීම ට බුදුරජාණන් වහන්සේ නමක් වෙතට එළඹෙන බෝසත්වරයා කරුණු අටකින් සමන්විත විය යුතු ය.
මනුස්සත්තං ලිංග සම්පත්ති
හේතු සත්ථාර දස්සනං
පබ්බජ්ජා ගුණ සම්පත්ති
අධිකාරෝ ච ඡන්දතා
අට්ඨ ධම්ම සමෝධානා
අභිනීහාරෝ සමිජ්ඣති
යනුවෙන් දක්වා ඇත්තේ එ ම කරුණූ අටයි. මනුෂ්යත්වය යනු මිනිසකු වී සිටීම යි. පළමු වන නියත විවරණයෙන් පසු ලබන නියත විවරණවල ට මේ අවශ්යතාව නැත. අප ගෞතම බුදුරජාණන් වහන්සේ සිව් වැනි වරට සුමන බුදුරදුන්ගෙන් විවරණ ලබා ගන්නේ අතුල නම් නාරජෙක් ව සිටියදී ය. සත් වෙනුව විවරණය ලබාගත්තේ අනොමදස්සී බුදුරදුන්ගෙනි. ඒ යක්ෂ සේනාධිපතියෙක් ව සිටිය දී ය. අට වන වර පදුම බුදුරදුන්ගෙන් විවරණ ලබාගන්නේ සිංහරාජයකුව සිටිය දී ය.
ලිංග සම්පත්තිය යන්නෙන් ගණන් ගැනෙනුයේ පුරුෂයකු වීම යි. හේතු යනු නියත විවරණය ලබන ආත්මභාවයේම රහත් වී නිවන් දැකීමට හේතු සම්පත් තිබීමයි. අපේක්ෂාව පැතුම් බුද්ධත්වය බැවින් හේතු සම්පත් ඇතත් රහත් භාවයට පත් නොවේ. සත්ථාර දස්සනය නම් සම්බුදුවරයන් වහන්සේ නමක් දැකීම යි. ප්රථම නියත විවරණය චෛත්යයක් බෝධියක් ඉදිරියේ දී ලබාගත නොහැක. බුදුරදුන් පිරිනිවි කල්හි ශ්රාවකයකුගෙන් ද ලබාගත නො හැක. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරිපිට දීම ලබාගත යුතු ය. පබ්බජ්ජා වශයෙන් හඳුන්වන්නේ පැවිදි වී සිටිය යුතු බවයි. නියත විවරණය පළමුවෙන්ම ලබාගන්නා තැනැත්තා බුද්ධශාසනයෙහි හෝ කර්ම, කර්මඵල පිළිගන්නා තාපස කොටසක හෝ පැවිදි වී සිටිය යුතු ය. ගුණසම්පත්ති නම් පැවිදිව ධ්යානාදී ගුණයන් ලබා තිබීමයි. පැවිදිව සිටිය ද පඤ්ච අභිඥා අෂ්ට සමාපත්ති නොලබා සිටින කෙනකුට පළමු වැනි නියත විවරණය ලබා ගත නොහැක. අධිකාරය නම් ජීවිත පරිත්යාගය යි. එ දා අප ගෞතම බුදුරජාණන් වහන්සේ සුමේධ තාපසයන්ව දීපංකර බුදුරදුන්ගෙන් ප්රථම නියත විවරණය ලබන විට බුදුරදුන්ට සහ විසි දහසක් මහා සංඝරත්නයට තම පිට ඒදණ්ඩක් කොට මඩෙහි දිගා වි සිටියේ ජීවිත පරිත්යාගයෙනි. ඡන්දතා යනු බුදුවීම සඳහා ඇති බලවත් කැමැත්ත ය. බුදුවීම සඳහා ඕනෑ ම කැපවීමක් කිරීමට හැකියාවක් ඇති තැනැත්තාට ම නියත විවරණය ලැබේ.
ගෞතම බෝසතාණන් වහන්සේට එදා දීපංකර පාදමූලයේ දී මෙ කී කරුණු සම්පූර්ණ වී තිබුණු හෙයින් ප්රථම නියත විවරණය ලබාගැනීමට හැකි විය.
***අප ගෞතම බුදුන් වහන්සේට මෙම භද්ර කල්පයට විසි අසංඛ්ය කල්ප ලක්ෂයකට පෙර නන්ද නම් වූ අසංඛයෙහි ලොව පහල වූ බ්රහ්මදේව බුදුන් පාමුල අතිදේව නම් රජව සිට බුදුන්වෙත එළඹ පසඟ පිහිටුවා වැඳ විසිතුරු මහා පියුම් 3ක් සමඟින් නොයෙක් රුවණින් බුදුන්පුදා ලොව්තුරා බුදු වෙම්වායි සිතින් සිතා එතැන් පටන් මනොප්රනිධිය සප්තඅසංඛ්යතුල ලොව පහල වූ එක ලක්ෂ විසි පන්දහසක් (125000) බුදුන් දකිමින් මනොප්රනිධානය මස්තකප්රාප්ත කර ගත්හ ... එසේම මෙම භද්ර කල්පයට තෙලෙසාසංඛ්ය කල්ප ලක්ෂයකට පෙර සර්ව භද්ර අසංඛයෙහි ලොව පහළවී සිටි ගෞතම බුදුන් දවස සාගරන නම් සක්විති රජව රත් සඳුනෙන් ප්රසාද ලක්ෂයක් කොට බුදුන් පුදා නුඹ වහන්සේ මෙන්ම බුදුව සූවිසි අසංඛ්යයක් සත්වයන් සසර බන්ධනයෙන් මුදවමියි වචනයෙන් ප්රකාශ කොට නවාසංඛ්ය කල්ප ලක්ෂයක් තුල පහල වූ තුන් ලක්ෂ අසූ හත්දහසක් (387000)බුදුන් දකිමින් වාක් ප්රණිධානය මුදුන්පත් කළහ ...මෙසේ ලොලසසංඛ්ය කල්ප ලක්ෂයක් තුල පහල වූ පන්ලක්ෂ දොළොස් දහසක් (512000) බුදුන් දකිමින් මහදන් පවත්වා මනෝ වාක් පාරමී ඇති බෝසතුන්ට පළමු නියත විවරණය දීපංකර බුදුන් පාද මූලයෙහි ලැබිණි ...එතැන් පටන් සාරාසංඛ්ය කල්ප ලක්ෂයක් සමතිස් පාරමිතා සම්පූර්ණ කරමින් සූවිසි විවරණ ලැබූහ ..


Mahamegha

Total Pageviews