Home

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Showing posts with label ඖෂධ පිදීමේ ආනිශංස. Show all posts
Showing posts with label ඖෂධ පිදීමේ ආනිශංස. Show all posts

Thursday, March 19, 2015

ඖෂධ පිදීමේ ආනිශංස


ඖෂධ/බෙහෙත් පිදීමේ ආනිශංස දහය
ඖෂධ සූදානම් කිරීම උතුම් කටයුත්තක් නිසා අපි බොහෝම පිරිසිදුව, ගෞරවයෙන් යුතු ව තමයි මේ කටයුතු ඉටුකරන්න ඕනි. හැම ඖෂධයක් ම සකස් කරන්නට පෙර සිට ම ‘‘සියළු සත්වයෝ සුවපත් වෙත්වා!” කියන පින් සිතුවිල්ල මුදුන් පත් කරගන්න ඕනි. පූජා කිරීම සඳහා පාත‍්‍රයක් හෝ පිරිසිදු වට්ටියක් තෝරා ගැනීම සිදුකරන්න ඕනි. පාත‍්‍රය හොඳින් කහ වතුරින් හෝ සුවඳ පැනින් සෝදා පිරිසිදු කර තමන්ට රිසි සේ සරසා ගන්න පුළුවන්.ඖෂධ ලබාගන්න කලින් ඉඳලා ගස් වැල්වලට අපි ගරු බුහුමන් කරන්න ඕනි. ඒ වගේ ම ඖෂධ ලබා ගන්න පෙර සිට ම ඖෂධ සකසා අවසන් වනතුරු ම බුදුගුණ සිහි කිරීම ගොඩක් වටිනවා.
භේසජ්ජං සුගතේ දත්වා
සංඝේ ගණවරුත්තමේ
දනානිසංසේ අනුභෝමි
කම්මානුච්ඡවිකේ මම
ආයුවා බලවා වීරෝ – වණ්ණවා යසවා සුඛී
අනුපද්දවෝ අනීතීච – හෝමි අපචිතෝ සදා
න මේ පියවියෝගත්ථි – තස්ස නිස්සන්දතෝ
මම බුදුරජාණන් ප්රමුඛ මහා සංඝයා වහන්සේට අවශ්ය බෙහෙත් වර්ග පූජාකිරීමේ බලයෙන් ආනිශංස දහයක් භවයේදී ලැබූයෙමි.

1. දීර්ඝායු සම්පත් ලැබීම.
2.
ශරීර ශක්තිය ලැබීම.
3.
ධෛර්ය සම්පන්න පුද්ගලයෙක් වීම.
4.
පැහැපත් වර්ණයකින් යුක්ත වීම.
5.
යහපත් කීර්ති රාවයක් ඇත්තෙකු වීම.
6.
ශරීර සැපය ලැබීම.
7.
කවර උපද්‍රවයකට වත් හසු නොවන්නෙකු වීම.
8.
අන් අයගේ දෝෂාරෝපණයන්ගෙන් වැළකුණු කෙනෙක් වීම.
9.
කාගේත් ගෞරවයට ලක්වූ කෙනෙක් වීම.
10.
තම දරුවන්, බිරිඳ සහෝදර සහෝදරියන්, මව්පියන් අකාලයේ මරණයට පත් නොවීම – එවැනි ප්‍රිය විප්‍රයෝග දුකකට පත් නොවීම.

Mahamegha

Total Pageviews