වාර්තාවන පිළිකා රෝගී
තත්වයන් වලින් 2/3කටම හේතු වන්නේ ෙසෙල බෙදීමේදී සිදුවන ජාන විකෘතිවීම් බව ඇමරිකානු
පර්යේෂකයින් පිරිසක් විසින් සොයාගෙන ඇතැයි වාර්තා වේ.
ජෝන් හොප්කින්ස්
විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් විසින් මෙම පර්යේෂණය සිදුකර ඇති අතර ඔවුන් පවසා
ඇත්තේ ජාන ප‍්‍රවේණිය,
ආහාර හෝ ජීවන විලාසය ආදිය මෙයට බලනොපාන බවයි.
කෙසේවෙතත් පිළිකාවලින්
ඉතිරි 1/3ක කොටස පාරිසරික තත්වයන් හෝ ප‍්‍රවේණිකව උරුම වන විකෘති ජාන නිසා හටගන්නා
බව සයන්ස් වෛද්‍ය ජර්නලයේ පළ කර ඇති වාර්තාවේ දක්වා ඇත.
නමුත් අයහපත් ජීවන
විලාසය පිළිකා සඳහා බලපාන අවාසනාව වැඩිකරන සාධකයක් විය හැකි බව ජෝන් හොප්කින්ස්
විද්‍යාඥයින්ගේ අදහසයි. එම විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බර්ට් වොගල්ස්ටයින් පවසා
ඇත්තේ සියලූම පිළිකා 1.
අවාසනාව,
2. පරිසර සාධක හා 3.
ආවේණිය යන හේතුවල එකතුවකින් ඇතිවන බවයි.
තම කණ්ඩායම සිදුකර
ඇත්තේ එම සාධක ත‍්‍රිත්වය පිළිකාවක් වර්ධනය වීමේදී බලපාන මට්ටම පිළිබඳ දර්ශකයක්
නිර්මාණය කිරීම බවද ඔහු පවසා තිබේ.
දුම්බීම හෝ වෙනත්
අයහපත් පුරුදු වලින් පිළිකා ඇතිවීමේ සම්භාවිතාව ඉහළ යන බව පර්යේෂණයෙන් තහවුරු වන
බවත් ශල්‍යකර්මයකින් සුව කළ හැකි තරමේ පවතින විට පිළිකාව කලින් සොයාගැනීම මෙයට ඇති
හොඳම විසඳුම බවත් වොල්ගන්ස්ටයින් පවසා ඇතැයි වාර්තා වේ.
“All cancers are caused by a combination
of bad luck, the environment and heredity, and we’ve created a model that may
help quantify how much of these three factors contribute to cancer development,”
Says Prof. Bert Vogelstein, the Clayton professor of oncology at the Johns Hopkins University school of medicine
Says Prof. Bert Vogelstein, the Clayton professor of oncology at the Johns Hopkins University school of medicine
1. අවාසනාව යනු
කුමක්දැයි යන්නට පිළිතුරක් බටහිර විද්‍යාවේ නැත. එය පැහැදිළි කරන්නේ බුදු දහමෙනි.
එනම් පෙර "කර්මය" යි.
2.පරිසර සාධක
සහ 3.ආවේනිය යන ඉතිරි පිළිකා හේතු දෙක බුදු දහමේ නියාම ධර්මයන්හි
"උතු" ,
"බීජ" යන ධර්මතා දෙකෙන් විග්‍රහ වෙයි. එසේම අනිත් නියාම ධර්මතා දෙක වන
"චිත්ත" සහ "ධම්ම" නියාමයන්, ද්විකෝටික
යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ බටහිර විද්‍යාඥයින්ට තවමත් හිතා ගන්නවත් නොහැකි වී
තිබීම පුදුමයක් නොවේ.
චූල කම්ම විභංග සූත්‍රයේ
පහත පරිදි බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත.
´´මානවකය, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ රෞද්‍රවූයේ ලේ තැවරුණු අත්
ඇත්තේ නැසීමෙහි වැනසීමෙහි යෙදුනේ, සියලු ප්‍රාණීන් කෙරෙහි
කරුණා නැති බවට පැමිණියේ සතුන් මරන්නේ වේද, හෙතෙම මෙසේ
සම්පූර්ණ කළාවූ මෙසේ සමාදන්වූ, ඒ මේ කර්මය හේතුකොටගෙන
ශරීරයාගේ මිදීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ දුකට ස්ථානවූ නොකැමැත්තෙන් වැටෙන්නාවූ
නිරයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ දුකට ස්ථානවූ
නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි නූපදීද, ඉදින්
මිනිසත් බවට පැමිණේද,
යම් යම් තැනක පසුව උපදීද, ස්වල්ප ආයුෂ ඇත්තෙක්
වෙයි. මානවකය,
රෞද්‍රවූයේ ලේ තැවරුණු අත් ඇත්තේ සතුන් නැසීමෙහි වැනසීමෙහි යෙදුනේ සියලු ප්‍රාණීන්
කෙරෙහි කරුණාවක් නැති බවට පැමිණියේ සතුන් මරන්නේ වේ නම්, මේ පැවැත්ම අල්පායුෂ බව පිණිස පවත්නේ වෙයි.´´
´´මානවකය,
මේ ලෝකයෙහි වනාහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ප්‍රාණඝාතය හැර ප්‍රාණඝාතයෙන්
වැළකුනේ වේද,
බහා තබන ලද දඬු මුගුරු ඇත්තේ බහා තබන ලද ආයුධ ඇත්තේ, ලජ්ජා ඇත්තේ,
කරුණාවට පැමිණියේ,
සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේ වාසය කෙරේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කරණ ලද මෙසේ සමාදන් වන ලද ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ
බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති සැපයෙන් යුක්තවූ දිව්‍යලොකයෙහි උපදියි. ඉදින්
ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතියවූ දිව්‍යලෝකයෙහි නූඋපදීද, ඉදින් මිනිසත් බවට පැමිණේද, යම් යම්
තැනෙක්හි පසුව උපදීද,
දීර්ඝායුෂ ඇත්තේ වේ. මානවකය, ප්‍රාණඝාතය
හැර ප්‍රාණඝාතයෙන් වැළකුනේ බහා තබනලද දඬු ඇත්තේ බහා තබනලද ආයුධ ඇත්තේ ලජ්ජා ඇත්තේ
දයාවට පැමිණියේ සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කෙරේ නම් මෙ පැවැත්ම
දීර්ඝායුෂ පිණිස පවත්නේ වෙයි´´
No comments:
Post a Comment