නමෝ තස්ස පාඨය බෞද්ධ ජනතාව ගේ මන්ත්‍රයක් මෙන් එදිනෙදා භාවිතා වේ. එහෙත්
එහි පුරාවෘතය හා එහි ඇති ආනුභාව දන්නේ අතළොස්සක් පමණි. එසේ හෙයින් ඒ පිළිබඳ
අවබෝදයක් ලබාගැනීම ඉතා වැදගත් වේ.
ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබා ප්‍රථම දම්සක් දෙසුම පවත්වන
දිනයෙහි මිගදාය අවට පරිසරයෙහි දේව, බ්‍රහ්ම, මිනිස්, සිවුපා ආදී සකලවිධ
සත්වයන්ගේ සියලු සිත් සතන් තුළ නිරන්තරයෙන්ම බලවත් වී සෙත ශාන්තිය සලසා දෙන්නේම ය.
මෙම නමෝ තස්ස පාඨය ප්‍රථමයෙන් කියා බුදුන් වහන්සේට ප්‍රණාමය දැක්වූ උතුමන්
අටදෙනාගේ තොරතුරු දැන් අපි අවබෝධ කර ගනිමු. “නමෝ” පාඨය
මුලින්ම සාතා ගිරි යක්ෂ සේනාධිපතියා විසින් ද “තස්ස” පාඨය දෙවනුව රාහු අසුරෙන්ද්‍රයා
විසින් ද උතුම් මංගල දම්සක් දෙසුමට සහභාගි වූ බැව් බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.
එවන් උතුම් අවස්ථාවක බුදුන් වහන්සේ ගේ බුද්ධානුභාවය හේතුකොටගෙන සක්වල
කම්පාවීමෙන් සුරබඹ නර වර්ගයා විසින් ප්‍රථමයෙන් උන්වහන්සේට වන්දනා කරන ලද නමස්කාර
පාඨය විශ්ව දෝංකාරයෙන් නැන්වූ බැව් සඳහන් වේ.
කෙල ලක්ෂයක් ආඥා චක්‍රය පුබුදුවාලමින් සකල ලෝකවාසීන්ට මෙම වන්දනා පාඨය
වන්දනා කිරීම තුළින් විශ්ව ශක්තිය බුද්ධ පුණ්‍ය ශක්තිය භගවතෝ පාඨය තුන්වෙනුව
ධෘතරාෂ්ට, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ යන හතර වරම්
දෙවිවරු විසින් ද අරහතෝ පාඨය හතරවෙනුව ශක්‍ර දේවේන්ද්‍රයා විසින් ද සම්මා
සම්බුද්ධස්ස පාඨය පස්වෙනුව සහම්පතී මහා බ්‍රහ්මයාණෝ විසින් ද ශබ්ද නඟමින් වැඳ
නමස්කාර කළහ.
මහ හඬින් ගුවන නින්නාද කරමින් සජ්ඣායනා කොට බුදුන් වහන්සේට ප්‍රණාමය දැක්වූ
මෙම නමස්කාර පාඨය අද දක්වා මුළුමහත් ජනී ජනයා ගේ හඬින් ද සිද්ධි වී විශ්වයෙහි මහඟු
බලවේගයක්ව පවතින බැව් සඳහන් වේ.
එබැවින් තෙරුවන් වඳින විට ගාථා පැය ගණන් නොකිව්වත් මෙම නමස්කාර පාඨය නිසි
අවබෝධයෙන් සිහි නුවණින් දැඩි භක්තියෙන් සජ්ඣායනා කරන ඕනෑම කෙනකුට ග්‍රහ අපල පමණක්
නොව මුළු ජීවිතය ම යහමඟට යොමු කරගෙන චින්ත සන්තානයට සැනසීම උදාකර ගැනීමට ප්‍රබල
ශක්තියක් වන්නේය.
උත්තමංගේන වන්දේහං උතුම් අංගයන් මුල්කරගෙන වැඳිය යුතු ය. අත් දෙක වෙහෙරක
හැඩයෙන් හිස් මුදුනට ගත යුතු ය. පසඟ පිහිටුවා නළල දෙඅත් වැලමිට දෙදන නිසියුරු තබා
බිම පතිත වී නමස්කාර කළ යුතු ය. දෙඇස් පියා ගැනීම වඩාත් පහසු වේ.
අවට දසුන්වලට සිත නොයවා මනසෙහි බුදුන් වහන්සේ වැඩම කරවාගත යුතුයි. කියන
ගාථා පාඨයන්හි අර්ථය සිහිපත් කරමින් ශ්‍රද්ධා භක්තියෙන්ම නමස්කාර කළ යුතුය. මේ
මුල් අදියර සාර්ථක කරගත් පසු භාවනාව ද ඉතාමත්ම පහසු වේ.
මාධ්‍යවේදී
ඡ්‍යොතිෂවේදී, කිවිපති
මීගහවෙල
සුමනශාන්ත හිමි
මීගහවෙල
සුමනශාන්ත හිමි
No comments:
Post a Comment