අපගේ
බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන මහා විහාරයෙහි වැඩවසන සමයේ සේලා භික්ෂුණිය
මෙන් උපවාලා භික්ෂුණිය ද පෙරවරු කාලයේ පිඬු පිණිස සැවැත් නුවර හැසිර පස්වරු කාලයේ
පිණ්ඩපාතයෙන් වැළකී දිවා විවේකය පිණිස අන්ධ වනයට වැඩම කොට එක් ගසක් මුල විවේකීව
වැඩසිටිමින් කල් ගෙවු සේක. එම අවස්ථාවේ උපචාලා භික්ෂුණිය අන්ධ වනයෙහි හුදකලාව වැඩ
සිටින බව දැනගත් පාපී මාරයා එම භික්ෂුණිය වැඩසිටින අන්ධ වනයට පැමිණ ඒ උත්තමාවියට
ඇසෙනු පිණිස මෙසේ කීය.
“කත්වනුත්වං, භික්ඛුනි, උප්පජ්ජිතුකාමා’ති”
“මෙහෙණියනි, ඔබ කොහි උපදිනු කැමැත්තෝද?”
“මෙහෙණියනි, ඔබ කොහි උපදිනු කැමැත්තෝද?”
ඒ
ඇසූ උපචාලා භික්ෂුණිය පාපී මාරයාට මෙසේ කීහ.
“න
ඛ්වාහං, ආවුසො, කත්ථචි උප්පජ්ජිතුකාමා’ තී”
“ඇවැත්නි, මම වනාහි කොහේවත් උපදිනු නොකැමැත්තෙමියි” එවිට පාපී වූ මාරයා නැවතත් මෙසේ කීය.
“ඇවැත්නි, මම වනාහි කොහේවත් උපදිනු නොකැමැත්තෙමියි” එවිට පාපී වූ මාරයා නැවතත් මෙසේ කීය.
“ තාවතිංසා
ච යාමා ච, තුසිතා
චාපි දෙවතා,
නිම්මානරතිනො දෙවා, යෙ දෙවා වසවත්තිනො,
තත්ථ චිත්තං පණිධෙහි, රතිං පච්චනුහොස්සසී’ තී.
නිම්මානරතිනො දෙවා, යෙ දෙවා වසවත්තිනො,
තත්ථ චිත්තං පණිධෙහි, රතිං පච්චනුහොස්සසී’ තී.
තව්තිසා
දෙව්ලෝ වැසි දෙවියෝද, යාම
දෙව්ලෝ වැසි දෙවියෝද, තුසිත
දෙව්ලෝ වැසි දෙවියෝද, නිර්මාණ
රති දෙව්ලෝ වැසි දෙවියෝද, වශවර්ති
දෙව්ලෝ වැසි දෙවියෝද, යන
යම් දෙවි කෙනෙක් ඇද්ද, ඔවුන්
කෙරෙහි සිත පිහිටුවන්න. එවිට ඔබ එහි සැප විඳින්නෙහිය.
එයට
පිළිතුරු වශයෙන් උපචාලා භික්ෂුණීය පාපී මාරයාට මෙසේ වදාළහ.
“ තාවතිංසා
ච යාමා ච, තුසිතා
වාපී දෙවතා,
නිම්මානරතිනො දෙවා, යෙ දෙවා වසවත්තිනො,
කාමඛන්ධනබද්ධා තෙ, එන්ති මාරවසං පුන.”
“සබ්බො ආදිපිතො ලොකො, සබ්බො ලොකො පධුපිතො,
සබ්බො පජිජලිතො ලොකො, සබ්බො ලොකො පකම්පිතො”
“අකම්පිතං අපජ්ජලිතං, අපුථුජ්ජනසෙව්තං,
අගති යත්ථ මාරස්ස, නත්ථ මෙ නිරතො මනො’ති
නිම්මානරතිනො දෙවා, යෙ දෙවා වසවත්තිනො,
කාමඛන්ධනබද්ධා තෙ, එන්ති මාරවසං පුන.”
“සබ්බො ආදිපිතො ලොකො, සබ්බො ලොකො පධුපිතො,
සබ්බො පජිජලිතො ලොකො, සබ්බො ලොකො පකම්පිතො”
“අකම්පිතං අපජ්ජලිතං, අපුථුජ්ජනසෙව්තං,
අගති යත්ථ මාරස්ස, නත්ථ මෙ නිරතො මනො’ති
තව්තිසා, යාම, තුසිත, නිර්මානරති, වසවර්ති යන දෙව්ලෝ වැසි
යම් දෙවි කෙනෙක් ඇද්ද, ඔහු
කාම බැම්මෙන් බැඳුණෝ මරහුගේ වශයට නැවත එන්නාහ.
කෙලෙස්
ගින්නෙන් මුළු ලොව ඇවිලගත්තේ ය. මුළු ලොව තැවුණේ ය. සියලු ලොව දිලිහි ගියේ ය.
සියලු ලොව සැලී ගියේ ය.
යම්
තැනක මාරයාට පිහිටා සිටිය නොහැකිද, නොසැලුණු, කම්පිත නොවූ, පෘථග්ජන නොවුවන් විසින් ආර්යයන් විසින්
සෙවුනාලද යම් දහමෙක් ඇද්ද එහි ඒ නිවනෙහි මා සිත මුළුමනින් ඇලුණේය.
මෙයින්
පරාජය පිළිගන්නා මාරයා උපචාලා භික්ෂුණිය මා හඳුනා ගත්තේ යැයි අසතුටු සිතින් යුතුව
වහා එයින් පළා යයි.
චාලා
උපචාලා හා සිසුපචාලා යන භික්ෂුණීන් තෙනම දම් සෙනවි සැරියුත් මහරහතන් වහන්සේගේ
සහෝදරියන්ය. චාලා හා සිසුපචාලා යන භික්ෂුණීද අන්ධවනයෙහි හුදකලාව වෙසෙන අවස්ථාවන්හි
මාරයා එහි පැමිණ ප්‍රශ්න කර ඇත. එම අවස්ථාද සංයුක්ත නිකායේ භික්ෂුණී සංයුත්තයේම
සඳහන්ව ඇත.
උපචාලා
භික්ෂුණිය හමුවට පැමිණෙන පාපී මාරයා ඒ උත්තමාවියගෙන් විමසා සිටින්නේ මරණින් මතු
කුමන ස්ථානයක ඉපදීමට කැමති ද කියාය. ඒ උත්තමාවිය දෙනු ලබන පිළිතුර වනුයේ තමන්
කිසිදු ස්ථානයක ඉපදීමට කැමැත්තක් නැති බවයි. එය රහත් උතුමන්ගේ ස්වභාවයයි. ඒ උතුමන්
ජාතිය හෙවත් ඉපදීම නැති කරන ලදී. බඹසර වැස යුතු නිමකරන ලදී. කළයුතු සියල්ල කරන
ලදී. එබැවින් නැවත ඉපදීමක් හෙවත් ආත්ම භාවයක් ලැබීමක් නැත. (බිණාජාති වුසිතං බ්‍රහ්මචරියං
කතං කරණීයං නාපරං ඉත්ථත්ථායාති පජානාති) යනුවෙන් දහමෙහි සඳහන් වන්නේ මෙම
ස්වභාවයයි. මෙවන් ස්වභාවයෙන් යුක්ත වූ උපචාලා රහත් උත්තමාවියට දිව්‍ය ලෝක පිළිබඳ
විස්තරයක් කොට එහි සිත අලවා උපදින ලෙස ප්‍රකාශ කරයි.
පාපී මාරයා
පාපී මාරයා
තව්තිසා
දෙව්ලෝ වැසි දෙවියෝද, යාම
දෙව්ලෝ වැසි දෙවියෝද, තුසිත
දෙව්ලෝ වැසි දෙවියෝද, නිර්මාණ
රති දෙව්ලෝ වැසි දෙවියෝද, වශවර්ති
දෙව්ලෝ වැසි දෙවියෝද, යන
යම් දෙවි කෙනෙක් ඇද්ද, ඔවුන්
කෙරෙහි සිත පිහිටුවන්න. එවිට ඔබ එහි සැප විඳින්නෙහිය.
එයට
පිළිතුරු වශයෙන් උපචාලා රහත් භික්ෂුණීන් වහන්සේ දේව ලෝකයන්හි යථා ස්වභාවය මොනවට
පසක් කරමින් මෙසේ පිළිතුරු දෙයි.
උපචාලා භික්ෂුණිය
උපචාලා භික්ෂුණිය
තව්තිසා, යාම, තුසිත, නිර්මානරති, වසවර්ති යන දෙව්ලෝ වැසි
යම් දෙව් කෙනෙක් ඇද්ද, ඔහු
කාම බැම්මෙන් බැඳුණෝ මරහුගේ වසඟයට නැවත එන්නාහ. කෙලෙස් ගින්නෙන් මුළු ලොව
ඇවිලගත්තේ ය. මුළු ලොව තැවුණේ ය. සියලු ලොව දිලිහි ගියේ ය. සියලු ලොව සැලී ගියේ ය.
යම් තැනක මාරයාට පිහිටා සිටිය නොහැකිද, නොසැලුණු, කම්පිත නොවූ, පෘථග්ජන නොවුවන් විසින් ආර්යයන් විසින්
සෙවුනාලද යම් දහමෙක් ඇද්ද එහි ඒ නිවනෙහි මා සිත මුළුමනින් ඇලුණේ ය.
මිනිසුන්
දෙවියන් වශයෙන් දෙව් ලොව උපදින්නේ ඔවුන් කරන යම් යම් කුශල කර්මයන්ගේ බලවත් බව නිසා
බව අප කවුරුත් දනිමු. එහෙත් එය නිෂ්ඨාවක් හෙවත් නිමාවක් නොවේ. තාවකාලික ආශ්වාදයක්
ඇති තැනකි. එම කුශල කර්ම අවසන් වීමෙන් ඇතැම්විට දෙවියන් වශයෙන් උපන් අය දුගතිගාමී
වීමට ද පුළුවනි. එබැවින් අප උත්සාහ කළ යුත්තේ දෙව් ලොව ඉපදීමට වඩා මේ උපන් උතුම්
මිනිසත් බවෙන් උපරිම ප්‍රයෝජන ගෙන උතුම් නිවන් අවබෝධකර ගැනීමට බව උපචාලා
භික්ෂුණියගේ කතාවෙන් අපට පැහැදිලි කර දෙයි.
තෙරුවන්
සරණයි!
මහරැඹෑවැවේ
පාලිත හිමි - බුදුසරණ අන්තර්ජාල කලාපය
ක්‍ෂණසම්පත්තිය
සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත
වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!
සියළු
දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර
ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!
No comments:
Post a Comment