Home

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, May 31, 2015

කරණීයමෙත්ත සූත්‍රය - පදයෙන් පදය අර්ථය


කරණීය මෙත්ත සූත්‍රය (මෙත්ත සූත්‍රය) බෞද්ධයන් අතර ආරක්ෂක පිරිතක් ලෙස ද භාවනා ධර්මයක් ලෙස ද ඉතා ප්‍රකටය. තුන් සූත්‍රය ලෙස මහා මංගල සහ රතන සූත්‍ර සමගද භාවිත වන්නක් වීමෙන් පිරිත් දේශනාවන්හිද නැතිවම බැරි අංගයක් වන මෙත්ත සූත්‍රය එහි පදයෙන් පදය අර්ථයත් සමග දහම් පිපාසිත ඔට අතට පත් කිරීමට මෙසේ අදහස් කරමි. මේ සූත්‍ර දේශනාව කුඩා කල පටන් අසන අප එහි අරුතද දැන සිටීම වටින්නේය. මෙය පස්වැනි ඛුද්දක නිකායේ ඉතා පැරණිම ශ්‍රී මුඛ දේශනා ඇතුළත් සුත්ත නිපාතයේ ඇතුලත් දේශනාවකි.
නිධාන කතාව: බුදුරජාණන්වහන්සේ සැවැත්නුවර වැඩවාසය කරන සමයක පන්සියයක් භික්ෂුන් වහන්සේලා සුදුසු කමටහන් ලබාගෙන බුදුන් වහන්සේගේ අනතුරු ඇඟවීම් මැද වුවත් වස් තුන් මස විවේකීව බවුන් වැඩීමේ අදහසින් සුදුසු තැනක් සොයා පිටත්ව ගියහ. උන්වහන්සේලා එක්තරා ගමකට වැඩම කළ අවස්ථාවේදී එහි වාසය කළ මිනිස්සු උන්වහන්සේලාගේ අදහස දැනගෙන ගම අසල ඇති වන ලැහැබක් ඊට සුදුසු බව දන්වා සිටියහ. ගමට ඉතා ආසන්න නොවී ඉතා දුරින්ද නොපිහිටි වන ලැහැබක් බැවින් භික්ෂූන්වහන්සේලාත් ඒ වන ලැහැබට වැඩම කර තම භාවනා කර්මය පටන් ගත්හ.
මේ වනලැහැබට අරක්ගත් රුක්ෂ දේවතාවුන් සමූහය මේ සිල්වත් භික්ෂූන්වහන්සේලා බිම හිඳිද්දී තමන් උඩ හිඳීම නුසුදුසු යැයි සිතා බිමට බැස්සහ. ඊළඟ දිනයෙත් පිඬුසිඟා වැඩීමෙන් පසු උන්වහන්සේලා පැමිණීමෙන් දේවතාවුන්ට බිමට බැසීමට සිදුවිය. මේ ආකාරයට දින කිහිපයක් ගතවීමෙන් පසු දේවතාවන්ට පෙනීගියේ මේ යෝගාවචර සඟ පිරිස දිගු කලක් නැවතී සිටිනු ඇති බවය.ඔවුහු කතිකා කර භික්ෂූන්වහන්සේලා බියගන්වා එලවාදැමීමට උපක්‍රම යෙදූහ. දේවතාවුන් විසින් අමනුෂ්‍ය රූප මළකඳවල් ආදී බියජනක දෑ මවා පෙන්වීමෙන් ඒ ස්වාමීන්වහන්සේලාගේ බවුන් වැඩීමට බාධා කළහ. උන්වහන්සේලාගේ ශරීර සුදුමැලිව බියෙන් තැති ගැණුනහ. සිත් එකඟ කළ නොහැකිව භාවනා අසාර්ථක විය. දිනක් පැන් ගෙන ඒමට දිය කඩිත්තට ගිය අවස්ථාවේ සංඝ ස්ථවිරයන් වහන්සේ තමන් වහන්සේ සේම අන්‍ය භික්ෂූන් ද ශරීරයෙන් කෘෂව වැහැරී සිටිනු දැක මෞන වෘතය රැකීම හෙවත් මුවින් ඩචනයක් පිට නොකර සීටීම යන භාවනා වෘතය එතෙකින් නවතා අනෙකුත් ස්වාමීන් වහන්සේලාගෙන් මේ ගැන විමසා බැලූහ. කිමෙක්ද ඇවැත්නි, ඔබ වහන්සේලා ශරීරයෙන් කෘෂව සුදුමැලි බවට පත් වූයේ කිනම් කරැණකින්දැයි විමසූහ. එවිට තමන්වහන්සේට සේම සද්ධිවිහාරික අනෙකුත් භික්ෂූන් වහන්සේලාට ද ඇත්තේ අමුනුෂ්‍ය කරදර බව දැන එතැන තමන්ට සුදුසු තැනක් නොවන්නේ යැයි සිතූ උන්වහන්සේලා පෙරළා බුදුහිමියන් වෙත පැමිණ තම අත්දැකීම සැල කළහ.
ස්වාමීනි, මේ විදියෙ උපද්‍රව වලට මුහුණදෙන්න වුණ එම සෙනසුන බවුන් වැඩීමට සුදුසු නැති බවයි පේන්නෙ.
නැහැ මහණෙනි, එතැනමයි සුදුසු. මේ වතාවේ නුඹලා ආයුධයක් අරගෙනයි යා යුත්තේ.
ස්වාමීනි, කුමක්ද ඒ ආයුධය?”
ඒ අයුධය තමයි කරණීයමෙත්ත සූත්‍රය. මෙම පිරිත ඉගෙන ගොස් මසකට අට වරක් බණ අසන දිනයන්හිදී සජ්ඣායනා කරන්න........මෙය පදනම් කර ධර්ම සභාව රැස් වන්න..... මෙය කර්මස්ථානයක් වශයෙන් වඩන්නැයි" අවවාද දී කරණීය මෙත්ත සූත්‍රය දේශනා කළ සේක. මේ උපදෙස් අනුගමනය කළ එම භික්ෂූන්වහන්සේලාට දේවතාවුන්ගේ හිරිහැර නැති වී ගොස් නිතිපතා දෙවිදේවතාවුන්ගේ ද උපකාර ලැබ භාවනා කිරීමෙන් වස්තුන් මස අවසානයේ දී උන්වහන්සේලා පන්සිය නමම අර්හත් ඵල සමාපත්තියට පත්ව උත්තරීතර නිවන් අවබෝධයෙන් සැනසිල්ල උදාකරගත්හ. සාධු! සාධු! සාධු!
මෙම අනර්ඝ සූත්‍ර දේශනාවේ මෛත්‍රීය වැඩීමේ උපදෙස්මාලාවක් ඇතුලත් වන අතර එම බුද්ධ වචන භාවනා කර්මයක් දක්වා පහසුවෙන් වැඩීමට ඔබටත් හැකිය. නිවසේදී පිරිත් කියන විට ඔබ අර්ථය බලමින් කියවා මෙම අර්ථ ඔබට හුරු කරවාගෙන නිතර මෙනෙහි කරන විට අර්ථ සහිතවම මෙනෙහි කිරීමෙන් තම තමන්ට ආලෝකයක් තමාවිසින්ම සපයා ගත හැකිය. සූත්‍රයේ අවසානයට සඳහන්වන පරිදි ඔබත් නැවත මව් කුසක පිළිසිඳ නොගැනීමට භාවනා වීර්යය උපදවන්නේ නම් මේ ඔබට සුදුසුම සූත්‍ර දේශනාවයි. එයින් ඔබට නිරන්තර ආරක්ෂාව ලැබෙනු ඇත. එසේ වන්නේ ඔබේ මෛත්‍රී චිත්තයේ මහිමයෙන් සලිත වී යන අමනුෂ්‍යයෝ ඔබට කරදර නොකොට පිං බලාපොරොත්තුවෙන් ඔබව ආරක්ෂා කිරීමට පෙළඹෙන නිසාය. දෙවියෝ ද ඔබ උපද්‍රව වලින් වලක්වනු ඇත. ඔබේ සිත ද සැමට සුව සළසන මෛත්‍රී පිණ්ඬයක් වේවා! මේ දිනූ මනුෂ්‍ය ජීවිතයේ දීම ධර්ම ප්‍රාර්ථනා සමෘද කොට ගෙන ශාන්ත ලක්ඛණ අමා නිවනින් සැනසීම උදා කරගැනීමට මේ මහඟු බුද්ධ වචන ඔබට නිතිපතා උපකාරී වේවා!
කරණීයමත්ථ කුසලෙන (=කරණීය+ අත්ථ) තමාට අර්ථයක් හෙවත් යහපතක් කරගන්නෙක් විසින්
යං තං සන්තං පදං අභිසමෙච්ච ඒ ශාන්ත පදය(නිවන) අවබෝධයෙන්
සක්කො දක්ෂයෙක්
උජු ච ඍජු/අවංක (වූවෙක්)
සූජු ච වඩාත් / සිතින් පවා අවංක (වූවෙක්)
සුවචො චස්ස කීකරු වූවෙක්
මුදු අනතිමානී මුදු නිහතමානී (වූවෙක් විය යුතුය)
සන්තුස්සකො ච ලද දෙයින් සතුටු වන
සුභරො ච පහසුවෙන් රැකිය හැකි
අප්ප කිච්චො ච අල්ප වූ වැඩ කටයුතු ඇති
සල්ලහුක වුත්ති ලහුක (සැහැල්ලු) පැවතුම් ඇති
සන්තින්ද්‍රියො ච සන්සුන් (පස්) ඉඳුරන් ඇති
නිපකො ච - ඥානවන්ත වූ
අප්පගබ්භො - (ප්‍රගල්භ නොවන හෙවත්) සැහැසි /රළු නොවූ
කුලෙසු අනනුගිද්ධෝ - කුලයන්හි නොඇලුණු (හෙවත් දායක පවුල් වලට නොඇලුණු අයෙක් වියයුතුය)
න ච ඛුද්දං සමාචරෙ සුළු වූත් හැසිරීමක් නැත
කිඤ්චි යෙන විඤ්ඤූ පරෙ යම් ඒ අනෙක් නුවණැත්තන්
උපවදෙය්‍යුං - විසින් ගැරහීමට ලක්විය හැකි
සුඛිනො වා - (කයිනුත්) සුවපත්
ඛෙමිනො හොන්තු නොබිය වූ
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා - සියලු සත්වයෝ (සිතිනුත්) සුවපත් වේවා!
යෙ කෙචි පාණ භූතත්ථි - යම්තාක් පණඇතියවුන් සිටින්නේ නම්
තසා වා - තැතිගත් හෝ
ථාවරා වා - ස්ථාවර හෙවත් තැති නොගත් (අර්හත්ඵල සමාපත්තියට පැමිණී උතුමන් තැති නොගත් යන්නෙන් අදහස් වේ) 
අනවසෙසා - ඉතුරු නැතිවම
දීඝා වා දිග් වූ හෝ
යෙ මහන්තා වා මහත් වූ
මජ්ඣිමා- මධ්‍යම ප්‍රමාණ කය ඇති
රස්සක කෙටි ප්‍රමාණ කය ඇති
(
අ)ණුක - ඉතා සියුම්
ථූලා ස්ථූල වූ
දිට්ඨා වා - දුටු සත්ත්වයන් (මෙන්ම)
යෙව අද්දිට්ඨා - යම් නුදුටු සත්ත්වයන් ද
යෙ ච දූරෙ - යම් දුර සිටින සත්ත්වයන් හෝ
වසන්ති අවිදූරෙ නොදුරේ හෙවත් ළඟ වසන සත්ත්වයන්
භූතා වා - හටගත් හෙවත් ඉපදුණු හෝ
සම්භවෙසී වා- නොඉපදුනු, (මවුකුස සිටින හෝ බිත්තර අවස්ථාවේ සිටින)
සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා සියලු සත්ත්වයෝ සුවපත් (සිතැති) වේවා!
න පරො පරං නිකුබ්බෙථ එකෙක් තවකෙකුට වංචා නොකෙරේවා
නාතිමඤ්ඤෙත smile emoticon න+අතිමඤ්ඤෙත) - හෙලා නොදකිත්වා
කත්ථචි නං කඤ්චි කොතැන කිසිවෙකුත්
බ්‍යාරොසනා කෝපවී
පඨිඝසඤ්ඤා ගැටෙන අදහසින්
න+(අ)ඤ්ඤමඤ්ඤස්ස එකෙක් අනෙකෙකුගේ
දුක්ඛම්+ඉච්ඡෙය්‍ය දුක කැමතිවන්නේ නැත
මාතා යථා යම් මවක් මෙන්
නියං පුත්තං පුතෙකු සිටින
ආයුසා පණ වැනිව
එක පුත්තං+අනුරක්ඛෙ - එක ම පුතු රකියි ද
එවම්පිඑලෙසම
සබ්බ භූතෙසු - සියලු සත්ත්වයනට
මානසං භාවයෙ අපරිමාණං අපරිමිතවූ මනසක් වැඩිය යුතුය
මෙත්තං ච සබ්බ ලොකස්මිං - සකල ලෝකය වෙත මෙත පතුරවා
මානසං භාවයෙ අපරිමාණං අපරිමිත වූ මනසක් වැඩිය යුතුය
උද්ධං - උඩ ද
අධො ච යට ද
තිරියං ච හරහට /තිරස / ආදී දිසානු දිසාවන්ද
අසම්බාධං බාධා නැතිව
අවෙරං අවෛරීව
අසපත්තං - සතුරු නැතිව
තිට්ඨං - හිටගෙන සිටිද්දී හෝ
චරං ඇවිදින විට හෝ
නිසින්නො වා ආසනයක හිඳගෙන විටින විට හෝ
සයානො වා සයනය කරමින් හෝ
යාවතස්ස විගතමිද්ධො නින්දෙන් වෙන්ව සිටිනතාක් හෙවෙත් අවදියෙන් සිටින සෑම විට ම
එතං සතිං අධිට්ඨෙය්‍ය මෙසේ සිහිය අදිටන් කොටගත යුත්තේය
බ්‍රහ්මං+එතං විහාරං ඉධං+ආහු මෙසේ විසීම බ්‍රහ්ම විහරණයකැයි ලොව (නුවණැත්තෝ) කියත්
දිට්ඨිංච අනුපගම්ම - ‍(සත්වයෙක් පුද්ගලයෙක් ඇත යන) දෘෂ්ඨියට නොගොස්
සීලවා - (සිදුරු නැතිව) සිල්වත් වන්නේ
දස්සනෙන සම්පන්නො නිවැරදි දැක්මෙන් යුතුව
කාමෙසු විනෙය්‍ය ගෙධං පංචකාමයන් කෙරෙහි ගිජුබව හෙවත් ඇලෙන ස්වභාවය දුරු කොටගෙන (අනාගාමී වී)
න හි ජාතු ගබ්භසෙය්‍යං පුනරෙතී ති. මවු ගැබක සැතපීමට නැවත නොපැමිණෙන්නේ මය.
සියලු සත්වයෝ සුවපත් වෙත්වා!!!
මෙම දහම් පඬුර සකස් කළේ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල කුසලඤාණ හිමි- බාහිර කථිකාචාර්ය -පේරාදෙණිය විශ්ව විද්‍යාලය


Saturday, May 23, 2015

~ සසර පුරා සැප ගෙන දෙන වස්ත්‍ර දානය ~


දානයෙහි අනුසස් පිළිබඳව බෞද්ධ ජනතාව පැහැදිලිව කරුණු දනිති. දානයන් අතර මෙහිදී අපගේ අවධානය යොමුවන්නේ වස්ත්‍ර දානය හා එහි ආනිසංස පිළිබඳවය. පූජා වශයෙන් හෝ අනුග්‍රහ වශයෙන් හෝ තමා සතු වස්ත්‍රයක් කර්මඵල සලකා දීම හෙවත් පූජා කිරීම වස්ත්‍ර දාන නම් වේ. මෙසේ සලකා සිදු කරන වස්ත්‍ර දානය සසර පුරා සැප විපාක උදාකරයි.
වස්ත්‍රයනු මනුෂ්‍ය ජීවිතයට අවශ්‍ය කරන මූලික අවශ්‍යතාවයන්ගෙන් ප්‍රධාන එකකි. දානය අතර කඨින වස්ත්‍ර පූජාව අටමහ පින්කම් අතර පළමුවැන්න වේ. එමෙන්ම චීවර දානය සිව්පසයෙහි පළමුවැන්න ද වේ. සීතෝෂ්ණ නැසීම පිණිස, මැසි,මදුරු අව්, සුළඟ සර්ප ආදීන්ගේ ස්පර්ශය නැසීම පිණිස විලිබිය රඳවා සංවරය පිණිස වස්ත්‍ර භාවිතය අවශ්‍ය කරන බව සියලු දෙනා දන්නා කරුණු අතර වේ. මෙම අවශ්‍යතා සපිරෙන පරිදි යමෙක් සිල්වත් කෙනෙකුට හෝ දුසිල්වත් කෙනෙකුට යම් වස්ත්‍ර පූජාවක් සිදු කරයි ද, එය ඔහුට සසර පුරා පින් වැඩෙන මහඟු පුණ්‍ය කර්මයකි.
වස්ත්‍ර පූජාවක් සිදු නොකර කෘතපුණ්‍යානුභාවයේ දේව භවයක ඉපිද දේව සම්පත් ලැබුවද වස්ත්‍ර අහිමිව යා හැකි බව බෞද්ධ සාහිත්‍යයේ දෙවියන් පිළිබඳ කතා පුවත් විමසීමෙන් පැහැදිලි වේ. අතීතයේ පටන් සැදැහැති බෞද්ධයෝ මිය ගිය ඤාතීන් උදෙසා සිදු කරන දානමය පින්කම් අවස්ථාවකදී එයටම වස්ත්‍ර පූජාවක් ද එකතු කරති. එලෙස සිදු කරනුයේ ඉහත කරුණු සැලකිල්ලට ගෙන බව පැහැදිලි වේ.
වස්ත්‍ර පිදීමේ ආනිසංස අපදාන පාලියේ ස්ථවිරස්ථවීරී අපදානයන්හි දැකිය හැකිය. පිළින්දවච්ඡ මහරහතන් වහන්සේ පෙර භවයක බුදුරජාණන් වහන්සේට සහ මහා සංඝයාට ද වස්ත්‍ර අටක් පුදා ඵලානිසංස අටක් ලැබූ බව අපදානපාලිය තුළ දක්වා ඇත.
තමන්ගේ අතීත චරිතය ප්‍රකාශ කරන්නාවූ උන්වහන්සේ වස්ත්‍ර දානයේ ඵලානිශංසයක් වෙන වෙනම ප්‍රකාශ කළහ. ඒ අනුව උන්වහන්සේට උපන් සෑම භවයකදීම රන්වන් සිරුරක් ද, රජස් රහිත සිරුරක් ද, රැස් විහිදෙන සිරුරක් ද, ප්‍රතාපවත් සිරුරක් ද, සිනිඳු සිරුරක් ද හිමි වූහ. තවද භවයෙහි සැරිසරන උන්වහන්සේගේ හිස මත සුදු පැහැය ඇත්තාවූද, කහ පැහැය ඇත්තාවූ ද, රතු පැහැය ඇත්තාවූ ද ලක්‍ෂ ගණන් වස්ත්‍ර දැරූහ. එසේම උන්වහන්සේ ගෞතම බුද්ධ ශාසනයේ ශ්‍රාවකයෙක් වී දේවතාවන්ට පි‍්‍රයමනාප පුද්ගලයන් අතුරෙන් අගතනතුරට ද පත් වූහ.
එසේම උප්පලදායිකා මෙහෙණ තමන් පෙර භවයකදී කරන ලද වස්ත්‍ර දානය ආනිසංස පිළිබඳව මෙසේ අපදානපාලියේ දක්වා ඇත. මම ශ්‍රද්ධාදී ඉඳුරන් ඇති මහණකුගේ පාත්‍රයගෙන උතුම් අහරින් පුරවා දහසක් අගනා වස්ත්‍රයක් පූජා කළෙමි.
ඒ පින්කමෙන් මිනිස් කය හැරපියා තව්තිසා දෙව් ලොව ගියෙමි. දහසක් දෙව් රජුන්ට මෙහෙසි බව කළෙමි. දහසක් සක්විති රජවරුන්ට මෙහෙසි බව කළෙමි. මාගේ පැහැය උපුලකට බඳු වෙයි. අභිරූප වූ දැකුම්කලු වූ සර්වාංග සම්පන්න අභිජාත වූ සෝභාවන් ස්ත්‍රියක් වීමි.
ශාසනයේ පැවිදිව සත්වැනි රාත්‍රියට නොපැමිණ චතුස්සත්‍යාවබෝධයට පැමිණියෙමි. යනුවෙන් දක්වා ඇත. එසේම මහාප්‍රජාපතී ගෝතමී පටාචාරා ආදී ස්ථවිරී අපදානයන්හි වස්ත්‍ර පූජාවක් හා ලැබූ ඵලානිසංසයන් ගැන විස්තර දක්වා ඇත.
එමෙන්ම ඒතදස්ස තෙරුන් වහන්සේ පෙර භවයක දී තමා සතු එකම වස්ත්‍රය පදුමුත්තර බුදුරජාණන් වහන්සේට පුදා ආනිසංස අටක් ලැබූ බව බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ. උන්වහන්සේ සිදු කළ එකම වස්ත්‍ර දානයේ ආනිසංස බලයෙන් කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියකට නොගියහ. ශක්‍රදේවේන්ද්‍රව සතිස් වරක් ද, සක්විති රජව තෙතිස් වරක් ද, ප්‍රදේශ රාජ්‍යව මෙතෙකැයි ගිණිය නොහැකි වාර ගණනක් ද ඉපදුනහ. මිනිස් ලොවෙහි හා දෙව්ලොවෙහි පමණක් සැරි සැරූ උන්වහන්සේ රූප සම්පත්තිය ද මැඬලිය නොහැකි ප්‍රතාපවත් සිරුරු සම්පත්තිය ද ගිණිය නොහැකි අපමණ වූ වස්ත්‍ර සම්පත්තිය ද සිත් වූ පරිදි ලැබූහ.
සසර පුරාවට සැප විපාක උදාකරවන වස්ත්‍ර දානයට අතීතයේ මෙන්ම අදද සැදැහැති බොහෝ බෞද්ධයෝ මහත් අභිරුචියක් දක්වති. ජීවිතයේ කවරම හෝ අවස්ථාවකදී තමාට වඩා සීලයෙන් ගුණයෙන් උසස් පැවතුම් ඇති උතුමෙකුට වස්ත්‍රයක් පිදීමට ලැබීම පින් කැමති බෞද්ධයෝ මහත් භාග්‍යයක් කොට සලකති. ඒ අනුව භික්‍ෂූන් වහන්සේලා උදෙසා චීවර දානය ද, සිල්වත් උපාසක උපාසිකාවන් උදෙසා සිල් රෙදිද පූජා කරති.
දුගී මගී යාචක ආදීන් උදෙසා ද ඇඳුම් පැලඳුම් ලබාදෙති. වස්ත්‍ර දානයේ දී වඩාත් ආනිශංස දායක වන්නේ බොහෝ දෙනෙකුට සැදැහැ සිත් ඇති කරවන වස්ත්‍ර පිදීමෙන් ය. ඒ ආකාරයෙන් බැලූ විට මහත්ඵල මහානිසංස උදාකරවන චීවර දානය හැරුණු කොට වස්ත්‍ර පිදීම වඩාත් ආනිසංස දායක වන බව පැහැදිලි වේ.
ඔබ සැමට තෙරුවන් සරණයි..
බුදුසරණ අන්තර්ජාල කලාපය -දේවාලේගම ඤාණරතන හිමි
බක් මස 12 වන ඉරු දින මාතලේ මඩවල උල්පත මහමෙව්නාව භාවනා අසපුවේදී රුධිර දානමය පුණ්‍ය කර්මය පැවැත්වේ.පින් කැමැත්තෝ තව කෙනෙකුගේ දිවි සුරැකීමට ඉවහල්වන, කෘතිමව නිපදවිය නොහැකි වූ රුධිර බිඳු දන් දී අපමණ පින් රැස් කර ගනිත්වා...!


කාමේසුමිච්ඡාචාරා හෙවත් වැරදි ලෙස මෙවුන් දම් සේවනය කිරීම Sexual Misconduct


අරියකන්ත ශීලය හෙවත් පඤ්චසීලයේ තෙවන සිල්පද ''කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්‌ඛාපදං සමාදියාමි'' යනුයි. එහි සාමාන්‍ය අදහස ''මම කාමයෙහි වරදවා හැසිරීමෙන් වළකින සිල්පදය සමාදම් වෙමි'' යනුයි. කාමේසු මිච්ඡාචාරා කියන්නේ කාමයෙහි වරදවා හැසිරීමටයි. තවදුරටත් පැහැදිලි කරන්නේ නම් ලෝක සම්මත චාරිත්‍රයට අනුකූල නොවන පරිදි කාමයෙහි හෙවත් මෛථූනයේ හැසිරීම කාමේසු මිච්ඡාචාරයයි. එයම කාම මිත්‍යාචාරය වශයෙන්ද ව්‍යවහාර කරනවා. එනිසා ලෝක සම්මත චාරිත්‍රයට අනුකූලව ආවාහ විවාහවී අඹුසැමියන් වශයෙන් හැසිරීම ''කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්‌Cඛාපදං සමාදියාමි'' සිල් පදයේ අදහසයි.

මේ සිල් පදය පිළිබඳ ත්‍රිපිටකයේ විවිධ සූත්‍රවල සඳහන් වෙනවා. අපි මෙහි අරුත් තවදුරටත් මඡ්Cධිම නිකාය කියන බණ පොතේ ඇතුළත් ''සාලෙය්‍යක සූත්‍රය'' අනුව කරුණු විමසා බලමු. බුදුරජාණන් වහන්සේ සාලෙය්‍යක ගම්වැසියන්ට දේශනා කළේ ''කාමේසුමිච්ඡාචාරා ඛො පන හොතී යා තා මාතු රක්‌තා පීතූරක්‌තා මාතා පිතූ රක්‌තා භාතුරක්‌තා භගිනි රක්‌තා තිරක්‌තා ගොත්ත රක්‌තා ධම්ම රත්තා සස්‌සාමිකා සපරිදණ්‌ඩා, අන්තමසො මාලාගුණ පරික්‌ත්තාපි තථා රුපාසු චාරිත්තං අපඡ්ජිතා හොති''
ඒ අනුව කාමේසු මිච්ඡාචාරා (කාම මිත්‍යාචාරය කාමය වරදවා හැසිරීම) හෙවත් අනියම් ලෙස ලිංගික හැසිරීමට හේතුවන කාන්තාවන් දස දෙනෙක්‌ මෙහි සඳහන් වන බව ප්‍රකටයි. එනම්
1. මාතු රක්‌තා - මව විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
2. පිතූ රක්‌තා - පියා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
3. මාතා පිතූ රක්‌තා - මවුපිය දෙදෙනා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය
4. භාතු රක්‌තා - සොහොයුරකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
5. භගිනි රක්‌තා - සොහොයුරියක විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
6. C¹ති රක්‌තා - නෑයකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය
7. ගොත්තරක්‌තා - සිය කුලයේ කෙනකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
8. ධම්ම රක්‌තා - ධර්මය රකින්නී.
9. සාරක්‌ඛා - පුරුෂයකු විසින් සිය බිරිඳ කර ගැනීමට නියම කරගෙන රක්‌නා ස්‌ත්‍රිය.
10. සපරිදණ්‌ඩා - දඬුවමට බැඳුන තැනැත්තිය.
දීඝ නිකායේ සංගීති සූත්‍රයේ ''කාමේසු මිච්චාචාරා වේරමණී'' යන්න විවරණය කරන දීඝ නිකාය අටුවාවේ කාම මිත්‍යාචාරය පාපයට හේතුවන තවත් කාන්තාවන් දස දෙනකු ගැන සඳහන් වෙනවා. එනම්,
1. ධනක්‌තා - මිලයට ගන්නා ලද්දී
2. ඡන්වාසිනී - කැමැත්තෙන් පැමිණි තැනැත්තිය.
3. භෝගවාසිනී - සම්පත් දී ලබාගත් තැනැත්තිය.
4. පටවාසිනී - වස්‌ත්‍රදී ලබාගත් තැනැත්තිය.
5. ඔපත්තකිනී - අරක්‌කැමිකමට ගත් තැනැත්තිය.
6. ඕභතචුම්බටා - ආධාරය පිණිස ගෙනා තැනැත්තිය
7. දාසභරියා - දාසිය වශයෙන් ගෙනා බිරිඳ කරගත් තැන්තිය
8. කම්මකරි භරියා - කම්කරුකමට ගෙන පසුව බිරිඳ කරගත් තැනැත්තිය.
9. ධජාභටා - යුද්ධයකදී අල්ලාගත් තැනැත්තිය.
10. මුහුත්තිකා - තාවකාලිකව භාර්යාව භාවයෙහි සිටින වෛශ්‍යා තැනැත්තිය.
ඇත්ත වශයෙන්ම මේ වචනවලට මේ ආකාරයෙන් අර්ථදීම සම්පූර්ණ නෑ. තත්කාලීන සමාජ පරිසරය අනුව පැවැති රටා තේරුම් ගැනීමට පාලි සාහිත්‍යය මනාව අධ්‍යයනය කරන්න ඕනෑ. කෙසේ වුවත් තවදුරටත් පසුව මේ ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.
කාම මිත්‍යාචාරය සිදුවීමටද කරුණු හතරක්‌ සම්පූර්ණ වියයුතු බව අටුවාවේ සඳහන් වෙනවා. එනම්
1. අන්සතු ස්‌ත්‍රීයක හෝ පුරුෂයකුවීම - අගම නීයවත්ථු
2. සේවනය කිරීමේ සිත - සේවන චිත්තං
3. සේවනය කිරීමට උත්සාහය - උපක්‍රමය - සේවන පයෝගෝ
4. සේවනය ඉවසීම - මග්ගෙන මග්ගං පටිපත්ති අධිවාසනත්ති
කාමමිත්‍යාචාරයේ ස්‌වභාවය පිළිබඳ විවරණය කරමින් රේණුකානේ චන්දවිමල මහානාහිමියන් මෙසේ පවසති. එනම් ''සැමියකු විසින් හෝ මා පිය සහෝදරාදීන් විසින් හෝ ආරක්‍ෂා කරන්නා වූ ස්‌ත්‍රියක හා බලයෙන් හෝ සතුටු කරවා ගැනීමෙන් හෝ කාමයෙහි වරදවා හැසිරීමෙන් පුරුෂයනට කාමමිත්‍යාචාර පාපය වේ. තමන් රක්‍ෂා කරන්නාවූ පුරුෂයකු සිටියදී පරපුරුෂයන් (වෙනත් මිනිසෙක්‌) හා කාමයෙහි හැසිරීමෙන් ස්‌ත්‍රීන්ට කාම මිත්‍යාචාරය පාපය වේ. හිමියන් නැති මාපියාදීන් විසින් රක්‍ෂා කරන ස්‌ත්‍රිය හා කාමයේ හැසිරීමෙන් පුqරුෂයන්ට පමණක්‌ කාමමිත්‍යාචාරය පාපය වේ. සැමියකු විසින් රක්‍ෂා කරන ස්‌ත්‍රියක හා කාමයෙහි වරදවා හැසිරීමෙන් ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාටම පාපය වේ.
ඇත්තවශයෙන්ම ඉහතකී කාම මිත්‍යාචාරය සිදුවන විසිදෙනා අතරින් මාතුරක්‌ත, පීතු රක්‌ත, මාතාපිතූ රක්‌තා, භාතු රක්‌තා, භගිනි රක්‌තා, Cඳාති රක්‌තා, ගොත්ත රක්‌තා, ධම්ම රක්‌තා, යන ස්‌ත්‍රීන් බාරකරුවන්ගේ අනුදැනුම ඇතිව තම කාමය සංසිදවා ගන්නවා නම් ඊට එකඟ වන පුරුෂයාට කාම මිත්‍යාචාරය අකුශලය නොවන බව සඳහන් වෙනවා. එම ස්‌ත්‍රීන්ටද සැමියන් නොමැති නිසා එම අකුශලය සිදු නොවේ. එහෙත් මේ දෙපක්‍ෂයටම හෝ එක පාර්ශ්වයකට හෝ අවැඩක්‌ හෝ වැරදිවලට හේතුවනවා නම් අකුශලයක්‌ සිදුවෙනවා. මඡ්ජිම නිකායේ ජීවක සූත්‍රය අනුව ඒ බව පැහැදිලි වෙනවා. මේ සෑම ධර්ම කරුණකින්ම පැහැදිලි කරන්නේ මිනිසාගේ යහපත් සුන්දර ජිවිතයකට වටිනාකමයි. මේ පැහැදිලි කිරීම අනුව යමෙක්‌ වරදවා තේරුම් ගන්න හැකිවන නිසා ඉදිරියේදී ඉහත කරුණු ගැන පහදා දෙනවා.
කාම මිත්‍යාචාරය මිනිස්‌කම වනසන පවක්‌. අංගුත්තර නිකායේ අට්‌ඨක නිපාතයේ මෙහෙම සඳහන් වෙනවා.
''යො සබ්බ ලහුසො කාමෙසු මිච්චාචාරස්‌ස
විපා කෝ මනුස්‌ස භූතස්‌ස සපත්ත වෙර
සංවත්තනිකො හොති''
මේ පව්කම කළ අය මෙලොවත් වැන සෙනවා. සතර අපායේ උපදිනවා. යම් කිසි පිනකින් මිනිසත් බව ලැබුවොත් සතුරන් බහුල කොට දුක්‌කරදර බහුල කොට ඇති වෙනවා.
ලෝවැඩ සඟරාවේ මේ ගැන සඳහන් කරන්නේ
කාම් මිත්‍යාචාරය අකුශලය සුළු කොට නොසලකන්න. එපා කියාය. එනම්
අසු කොට ගත නොතබති ආදර ය
වද කොට මැරුවත් නැත එ විචාර ය
ලගු කොට නොසිතමි පව් පරදාර ය
නිරයට ඇදගෙන යන එම පා රය
මහා නිද්දෙස පාලියේ සත්වයාගේ කාම ගතිය මෙසේ සඳහන් වෙනවා. එනම්,
''ප්‍රජාව කාමෙසු (කාමයන්හි) රත්තා (ඇලුණුහුය) ගිද්ධා (ගුඡවාග්‍රය) ගථිතා ඉතා (අලුණුහුය) මුච්ජිතා (සිහිනැති වූවාහුය) අජෙCධාපන්නා (බැසගත්තාහුය) ලග්නා (ඇලුණුහුය) ලග්ගිතා (ඇවුරුණාහුය) පළිබුද්ධා (කිළිටිනුවාහුය) මේ සමාන වචන යොදා තිබෙන්නේ එක අදහසක්‌ පිණිසම නොවේ. එ ඒ වචනවලට ඉතා සියුම් අර්ථ තිබෙනවා. එසේම සමාන වචන එකළඟ පාවිච්චි කිරීමෙන් එහි කාමයේ බරපතලකම හැඟවෙනවා.
සංස්‌කෘත සාහිත්‍යයේ විශිෂ්ට කවියකු වන අශ්වඝෝෂ හාමුදුරුවන් ස්‌වකීය සෞන්දරනන්ද මහා කාව්‍යයේ එකොළොස්‌ වැනි පරිච්ඡේදයේදී කාම නමැති ගින්න ගැන මෙහෙම කියනවා.
"තෘප්තිර්නාස්‌තිJධනෛරග්නෙර්
නාම්භසා ලවණාම්භසඃ
නාපි කාමෙඃ සතෘෂ්ණස්‌වි
තස්‌මාත් කාමාන තෘප්තයේ"
ගින්නට දරවලින් තෘප්තියක්‌ නැහැ. සයුරට ජලයෙන් තෘප්තියක්‌ නැහැ. තෘෂ්ණා සහිතයාට කාමයෙන් තෘප්තියක්‌ නැහැ. ඒනිසා කාමය තෘප්තිය පිණිස පවතින්නේ නෑ.
අරියකන්ත ශීලය හෙවත් පඤ්ච ශීලයේ තෙවැනි "කාමෙසුමිච්ඡාචාරා යන ශික්‍ෂා පදය හුදෙක්‌ ස්‌ත්‍රී පුරුෂ සංභෝගයම අදහස්‌ කරනවා. ඒ නිසා ඒ ඒ සත්ත්ව නිකායවල මෛථුන සම්භෝගය හෙවත් ලිංගික සංසර්ගය පිළිබඳ තලල්ලේ ධම්මානන්ද මහානායක හාමුදුරුවන්ගේ
"ත්‍රිපිටකයෙහි සංස්‌කෘතික ලක්‍ෂණ "ග්‍රන්ථය ආශ්‍රයෙන් කරුණු දක්‌වන්නම්.
එනම්, නරකයෙහි උපන් සත්ත්වයන් තුළ මෛථුන සම්භෝගයක්‌ කුලම (කොහෙත්ම) නැහැ. එහි නිරතුරුව ඇති දුකින් පුරුෂයනට ස්‌ත්‍රීන් කෙරෙහි හෝ ස්‌ත්‍රීන්ට පුරුෂයන් කෙරෙහි හෝ උපදනා කාමච්ඡන්දයක්‌ නොවෙයි. එසේ අෙන්‍යාන්‍ය කාමච්ඡන්ද වශයෙන් පවත්නා චිත්තෝත්පාද මාත්‍රයක්‌ හෝ නැති ඔවුනට මෛථුන සම්භෝගයක්‌ ඇති වන්නේ ම නැත. සුවදුක්‌ මිශ්‍රව පවත්නා තිරිසන් ප්‍රේත, මනුෂ්‍ය යන මොවුන් අතර මෛථුන සම්භෝගය වෙයි. ඔවුන්ගේ අෙන්‍යාන්‍ය (ඔවුනොවුන්) සම්භෝගයෙන් ශුක්‍ර ශ්‍රොaණිතයන්ගේ නික්‌මීමද වෙයි. කාමාවචර දෙවියන් අතර මෛථුන සම්භෝගය ඇතත් ශුක්‍ර ශ්‍රොaණිත වහනය නොවේ. ඔවුන්ගේ සම්භෝගපෛdහෙයන් නික්‌මෙන්නේ වායුව පමණකි. චාතුර්මහාරාජකායික දෙවියන් තෘප්තිමත් වන්නේ ද්වයංද්වයසමාපත්තියෙනි. ඒ චාතුර්මහාරාජකායිකයන් සෙයින්ම තාවතිංසය, යාමය යන දෙව් ලෝ වැසි දෙවියෝ ද ඔවුනොවුන් වැළඳ ගැනීම් පමණකින් කාම ඩාහය සන්සිඳුවා ගනිති. තුසිත වැසි දෙවියෝ ඔවුනොවුන් පරිග්‍රහණය (අල්ලා ගැනීම) මාත්‍රයෙන් ද නිර්මාණරති දෙවියෝ ඔවුනොවුන් සිනාසීම් පමණින්ද පරනිර්මිත වසවර්ති දෙවියෝ ඔවුනොවුන් දර්ශන මාත්‍රයෙන්ද (දැකීම් පමණකින්ද) කාමඩාහය සන්සිඳුවා ගනිති.
මෙතෙක්‌ අප සාකච්ඡා කරන ලද කරුණුවලින් පැහැදිලි කරන්නේ "කාමෙසුමිච්ඡාචාරා" යන පදයෙහි අදහස වැරැදි ලෙස මෛථුන හෙවත් මෙවුන් දම් සේවනය කිරීමමයි. ඇතැමෙක්‌ කාමෙසු " යන බහුවචන රූපය නිසා මෙය "කාමයන්හි" යනුවෙන් අරුත් කියනවා. ගිහියා අරබයා එවැනි නිගමනයකට කොහෙත්ම එන්නට බෑ. ඒ පිළිබඳ පුළුල්ව සාකච්ඡා කරන්ට අපේක්‍ෂා කරනවා.
ඉහත දැක්‌වූ සාලෙය්‍යක සූත්‍රයේදී කාමය වරදවා හැසිරීමට හේතු වන ස්‌ත්‍රීන් පිළිබඳව සඳහන් කළා. ඇස්‌, කන්, නාසාදී ඉන්ද්‍රිය සංවරය "කාමෙසු" වශයෙන් දේශනා කළා නම් එහි ස්‌ත්‍රී වර්ග කිරීමක්‌ සිදුවන්නේ නැහැ"
කාමෙසුති, මෙථුන සමාචාරෙසු මෙථුනවත්ථුසුවා
එහි තේරුම - කාමෙසු යනු මෙවුන්දම් පිණිස හැසිරීම්වලදී හෝ මෛථුන වස්‌තූන්හි දී හෝ යනු මිච්ඡාචාරොති, එකන්ත නින්දිතො ලාමකාචාරෝ මිච්ඡාචාර යනු ඒකාන්තයෙන්ම නින්දිත ලාමක (පහත්) හැසිරීමයි. මෙසේ පැහැදිලි කරන්නේ දීඝ නිකාය අටුවාවයි. ඒ නිසා කාමමිච්ඡාචාරය යනු පුරුෂයන්ට අන් ස්‌ත්‍රීන් සේවනයේද, ස්‌ත්‍රීන්ට අන් පුරුෂ සේවනයේද උපදින ආස්‌වාද ෙච්තනාවයි. තෙවැනි සික පදය පිළිබඳ ව්‍යාකරණමය ස්‌වරූපය තවදුරටත් පසුව කතා කරනවා. කෙසේ වුවත් පරදාර සේවනය මහත් ගිනි ජාලාවක්‌. මාරාන්තික ඒඩ්ස්‌ වැනි රෝගාබාධයන්ට තිබෙන හොඳම බෙහෙත බුදුරජාණන් වහන්සේ වදාළ මෙම තුන්වැනි ශික්‍ෂාපදය ආරක්‍ෂා කිරීමයි.
"සංයුක්‌ත නිකායේ වේළුද්වාරෙය්‍ය සූත්‍රයේ සඳහන් වෙනවා. කාමයේ වරදවා හැසිරීමෙන් වැළකීමට අවශ්‍ය කරන ත්‍රිකෝටිපාරිශුද්ධියක්‌ පුනචපරං ගහපතයො අරියසාවකො ඉති පටිසඤ්චික්‌ඛති. යොඛොමෙ දාරෙසු චාරිත්තං ආපඡ්ජෙය්‍ය, න මෙ තං අස්‌ස පියං මනාපං අහඤ්ෙච්ච ඛො පන පරස්‌ස දාරෙසු
චාරිත්තං ආපඡ්ජෙය්‍යං, පරස්‌සපි තං අස්‌ස අප්පියං අමනාපං, යො ඛො ම්‍යායං ධම්මෝ අප්පියෝ අමනාපෝ පරස්‌ස පෙසො ධම්මෝ අප්පියෝ
අමනාපො යො ඛො ම්‍යායං ධම්මෝ අප්පියෝ අමනාපො තථාහං පරන්තෙන සංයොජෙය්‍යන්ති සො ඉතිපටිසංඛාය අත්තනාච කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, පරඤ්ච කාමෙසුමිච්ඡාචාරා වේරමණියා සමාදපෙති කාමෙසු මිච්ඡාචාරා වේරමණියා ච වණ්‌ණං භාසති, එවමස්‌සායං කායසමාචාරො තිකොටිපරිසුද්ධො හොති.
යමෙක්‌ මාගේ අඹුවන් කෙරෙහි හැසිරීමට පැමිණෙන්නේ නම් මට එය ප්‍රියමනාප නොවන්නේය. මමත් අනුන්ගේ අඹුව කෙරෙහි හැසිරීමට යන්නේ නම් ඒ අඹුවගේ සැමියා මාහටද අප්‍රිය අමනාප වන්නේය. ඒ නිසා යම් දහමක්‌ මට අප්‍රිය අමනාප වේ නම් අනුන්ටද මා හටද ඒ දහම අප්‍රිය අමනාප වේ. යම් දහමක්‌ මට අප්‍රිය අමනාප වේ නම් කෙසේ මම අනුන්ට ඒ සමග යොදන්නෙම්දැයි මෙසේ නුවණින් සලකා කාමයේ වරදවා හැසිරීමෙන් වැළකුණේය.
එය නොවරදින දහමකි. ඒ අනුව හික්‌මෙන්නේ නම් මේ සමාජය කොතෙක්‌ දුරට සුන්දර නොවෙයිද?
********
රාත්මලාන ධර්ම පර්යේෂණාලයේ
හෑගොඩ විපස්‌සී හිමි


Mahamegha

Total Pageviews