බුදුරජාණන්වහන්සේ
සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වසන සමයෙහි තෝදෙය්‍ය නම් පුරෝහිත බමුණාගේ පුත් සුභ නම්
මානවකයා උන්වහන්සේ වෙත පැමිණ "තථාගත බුදුරජාණන්වහන්ස, මා මේ ප්‍රශ්න සියල්ලක් ම විමසනු ලබන්නේ මනුෂ්‍යයන්
පිළිබදවයි මේ මනුෂ්‍යයන් අතර විවිධාකාර වෙනස්කම් ඇති මනුෂ්‍යයෝ සිටිති. මේ පිළිබද
විමසා දැන ගැනීම මගේ බලවත් කැමැත්තයි. මා අසන මෙකී කරුණු දාහතර පිළිබද ව ඔබවහන්සේ
කාරුණික අවධානය යොමු කොට පැහැදිලි කර දෙනු මැනවි" යැයි පැවසුවහ.
බුදුන්
වහන්සේ වෙත ප්‍රශ්න දාහතරක් ඉදිරිපත් කරනු ලැබීය. ඒ ප්‍රශ්න අතරින් සුභ මානවකයා
බුදුන් වහන්සේගෙන් විමසු තෙවෙනි සහ සිව්වන ප්‍රශ්නය වූයේ,
"බුදුරජාණන්වහන්ස, මේ
ලෝකයෙහි විවිධ රෝගාබාධ සහිතව ජීවත්වන්නෝ සිටිති. භයානක රෝගයන්ටද ගොදුරුව බොහෝ දුක්
විඳිති. කැස්ස, පීනස, පිළිකා රෝග, උණ
රෝග, පපුවේ රෝග මේ ආකාරයට නොයෙකුත්
චර්ම රෝග සහ අට අනූවක් වූ රෝගයාබාධයන්ගෙන් සහ එකක් දෙකක් හෝ තුනක් නිසා වේදනා
විඳින්නෝ බොහෝය. මෙයට හේතුව කිමෙක්ද?"
"බුදුරජාණන්වහන්ස, එසේම
රෝගාබාධ නැතැයි කිව හැකි තරම් අයද ඉතා අඩුවෙන් කලාතුරකින්, රෝගාබාධයක් වැළදෙනන් අප අතර සිටිති. කෙනෙක් ඉහත සඳහන් කල
පරිදි අපමණ රෝග ආබාධයන්ගෙන් පීඩා විඳීමටත් තව කෙනෙකු කිසිඳු රෝගයක් නොමැතිව ජීවත්
වීමටත් හේතුව කුමක්ද?"
එයට
පිළිතුරු වශයෙන් බුදුන් වහන්සේ මෙසේ වදාරන ලද සේක.
"මානවකය තම තමන් කරනු ලබන හිංසාකාරී ක්‍රියාවන්ගෙන් ලැබෙන
විපාක පිළිබද සිතා නොබලන බොහෝ දෙනා සත්ත්වයන්ට අතින්, පයින් පහර දෙති. අන් අයට අතින් පයින් ගසති. අවමන්
කෙරෙති. නින්දා අපහාස කෙරෙති. අනුන්ගේ ගුණ මැකී යන පරිදි කතා කරති. ඕපාදූප කතා
කරමින් අන් අයට නිග්‍රහ කෙරෙති. කෙනෙකුට හෝ සත්ත්වයෙකුටවත් ආහාර පාන ටිකක් නොදෙති.
සැලකීමක් නොකරති. කාට හෝ වේවා නින්දාවක් ඇනුම් පදයක් කියති. බේත්-හේත් නොදෙති.
ආත්මාර්ථකාමී ව වසංගත රෝග බෝවන හේතුවක් දුටු විට ඒවා වැළක්වීමට කිසිඳු වෑයමක්
නොගනිති. අන් අයගේ දියුණුවට ඊර්ෂ්‍යා කෙරෙති. කෝපවන ගතියෙන් යුතුව නිතරම අන් අයට
හිංසා පීඩා කරති. සතුන් කෙරේද කිසිඳු මානව දයාවක් නොදක්වති."
සුභ
මානවකය මෙවන් වැරදි දේ අකුසල් කර ගත් ස්ත්‍රී පුරුෂ දෙපිරිසම ඔවුන් උපන් උපන්
ආත්මවල අපරිමිත රෝගයන්ගෙන් පීඩිතව, ලැබූ
ජීවිතය ප්‍රයෝජනයක් ගත නොහැකිව තදබල කුෂ්ඨරෝග, උමතු
රෝග, අතපය අහිමිවීම් වැනි
රෝගාබාධයන්ගෙන් අන් අයට එපාවුණු පුද්ගලයන්ව කාගේත් ඇනුම්,බැනුම් මත පිළිසරණයක් නොමැතිව ජීවත් වීම ඉහත සඳහන් අකුසල
කර්මවල විපාක වශයෙන් සැලකිය යුතු යැයි වදාළ සේක. රෝග පීඩාදියට හේතු වශයෙන් මෙම
කරුණු වදාළ පසු නිරෝගිතාවයෙන් යුතු ලෙඩ දුක් නැති ජීවිතයක් ලැබීමට හේතුව කුමක්දැයි
සුභ මානවකයා ඊළඟට ප්‍රශ්න කළේය.
එයට
පිළිතුරු දෙමින් බුදුන් වහන්සේ 'සුභ
මානවකය, මොලොව දී ගුණයට ගරු කරන බොහෝ
දෙනා සිටිති. ඔවුහු තව කෙනෙකුට වචනයෙන්වත් හිංසාවක් නොකරති. අවමන් නොකරති. අනුන්ගේ
ඇද පලුදු නොසොයති. කෙකෙකුගේ ගුණය ඉස්මතු කොට පෙන්වති. කෝප නොවෙති.ඊර්ෂ්‍යා නොකරති.
අනුන්ගේ දියුණුවට කැමතිවෙති. කාටත් සැපතක් වේවායි මෛතී‍්‍ර සහගත සිතම ඇත්තෙක්ව
වෙසෙති. කරුණාවෙන් යුක්තය. ප්‍රියශීලීගති පැවතුම්වලින් යුක්තය. තව කෙනෙකුට කිසිඳු
අයුරකින් හිරිහැරයක් හිංසාවක් නොකිරීම මෙබඳු අයගේ සිරිතයි. ගිලනුන්ට ඇප උපස්ථාන
කෙරෙති. ගිලන් ශාලා ආරෝග්‍ය ශාලා තැනවීමට ඒවා ආරක්ෂා කිරීමට දියුණු කිරීමට ක්‍රියා
කරති. ලෙඩ දුක් වසංගත රෝග වැළඳෙන ක්‍රම රෝග වැලක්වීමට කටයුතු කෙරෙති. රෝගීන්ට ඇප
උපස්ථාන කෙරෙති.මෙවන් පුද්ගලයන් උපදින හැම ආත්මයකදීම ලෙඩ දුක් කරදර හිරිහැරවලින්
තොර නිරෝගී සම්පතින් දුටු දුටුවන් පිනවන පැහැපත් පෙනුමකින් හා ප්‍රියශීලී කතා
බහින් යුත් ඇත්තන් සේම උපත ලබතියි.' වදාළ
සේක.
බුදුන්
වහන්සේ තම ධර්මය දේශනාවන්ට පමණක් සීමා නොකොට ක්‍රියාවෙන් ම ඔප්පු කොට වදාළහ.
ගිලනුන්ට උපස්ථාන කිරීම, වසංගත රෝග පීඩාවල දී රෝගීන්
එයින් මුදා ගැනීම සඳහා සිදුකල කර්තව්‍යයන් පිළිබද ව සැලකීමේදී ඒ පිළිබද මනා ලෙස
පැහැදිලි කර ගත හැකිය.
ගිලානෝපස්ථානය
මෙන්ම වෛද්‍ය වෘත්තීය පිළිබද බුදු දහමේ විවිධ තැන්වල සඳහන් වේ. බුදුන් වහන්සේ
බුදුවීමට පෙර සිටම ඉන්දියාවේ රෝගීන් සුවපත් කිරීම සඳහා භාවිත කර ඇත්තේ ආයුර්වේද
වෛද්‍ය ක්‍රමයයි. බුදුදහම සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අතර වෙසෙසි සම්බන්ධතාවයක් ඇත.
බෞද්ධ
දර්ශනය සහ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පෙරදිග ආරම්භ වූ දර්ශනයකි. මූලික ව පැරණිවේද
දර්ශනයන් වන ආයුර්වේදය සිද්ධාර්ථ කුමාරයා හැදෑරූ බව පැහැදිලි කරුණකි.
ආයුර්වේද
වේදයේ කොටසක් වන අථර්වන් සහ සෘග්වේදයේ ආභාෂයක් මෙහි දක්නට ඇති බව පැහැදිලිය. එමෙන්
ම බොහෝ අය දක්වන්නේ බුදුදහම ලෝකෝත්තර හා මිනිසාගේ ආධ්‍යාත්මිකත්වය සහ හිත සම්බන්ද
වැඩිපුර යොමුවක් ලෙසය. එය ලඝුකර දැක්වීමේදී කායික පාර්ශවයෙන් නොව මානසික අංශයට වඩා
යොමු වූවක් ලෙස සැලකිය යුතුවේ. එහෙත් නමුත් බෞද්ධ ත්‍රිපිටක ග්‍රන්ථයක් පෙර
හැදෑරීමේදී,
විනය
පිටකයේ මහාවග්ග පාලියේ භෛෂජ්ජඛන්ධක සූත්‍රයෙහි,
ශරීරයෙහි හට ගන්න වූ රෝග හා ඒවාට ප්‍රතිකාර සඳහන් ව ඇත. මේ සියල්ල ආයුර්වේද මූලධර්ම මත පිහිටා කරන විග්‍රහයන්ය.
ශරීරයෙහි හට ගන්න වූ රෝග හා ඒවාට ප්‍රතිකාර සඳහන් ව ඇත. මේ සියල්ල ආයුර්වේද මූලධර්ම මත පිහිටා කරන විග්‍රහයන්ය.
තවද විනය
විනිශ්චය, සිඛවලද විනිස වැනි පොත්වලද ඕනෑම
පැරණි බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථයකද අඩංගු බෞද්ධමය හා සෞඛ්‍යමය කරුණු ආයුර්වේද
මූලධර්ම පදනම් කර පවතී.
ත්‍රිදෝෂ
පංචෙන්ද්‍රිය , පංචඤාන , සප්තධාතු පදනම් වූ දර්ශනයක් ආයුර්වේදයේ ඇත. මින් අදහස්
කරනුයේ බුදුදහමට පෙර බිහි වූ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයක් (ආයුර්වේද චතුර්වේදයේ
අංගයකි.) බුදුදහම විසින් පෝෂණය කල බවත් එය එසේ වීම යුක්තියුක්ත බවත්ය.අනිත් වැදගත්
කරුණ වන්නේ,
ආයුර්වේද
මූල ග්‍රන්ථයන්ගේ ප්‍රධාන ග්‍රන්ථයක් වන චරක සංහිතාවේ දැක්වෙන මෙම ඡේද අතිශය
වැදගත්ය. බුදු දහම සහ ආයුර්වේදය අතර ඇති සම්බන්ධතාවය මෙන්ම ආයුර්වේදයේ හා බුදුදහම
එකම මාර්ගයක ගමන් ගත්තා යැයි සිතිය හැක. එනම්,
දර්ශාදී
ඉන්ද්‍රියත් සැපතට හා දුකට හේතු නොවේ. රූප ආදී ඉන්ද්‍රයාර්ථයෝත් සුඛ-දු:ඛම හේතු
නොවෙති.
ආත්ම -
ඉන්ද්‍රි - මනස - බුද්ධිය ගෝචර වූ සැප - දුක කර්මයෙන් තොරව නොවන්නේය. සැප දුක්
දෙකින් ඉච්ඡා ද්වෙෂාත්මක තෘෂ්ණාව පැමිණෙන්නේය.(උපදී) නැවත තෘෂ්ණාව ද සුඛ - දුකට
කාරණයන්ය. තෘෂ්ණාව වේදනාවන්ගේ ආශ්‍රයයි.
රජස්
නමස් ගුණයන්ගේ අභාවය කර්මයන්ගේ ක්ෂය වීම කර්ම සංයෝගයන්ගේ වියෝගය නිසා ඇතිවේ.
අපූනර්මය (නැවත නොඉපදීම)නිවනට පත්වේ.
ඉපදීමෙන්
මිදුනා වූ පුරුෂයන් විසින් මේ ස්මුර්තිය ම මොක්ෂයාගේ එකම උපාය යැයි නිර්දේශ කරන
ලදී. යෝග කරණකොටගෙන ස්ව ස්මතෘ රූප මේවායේ බලලැබුවා වූ යොගීහු ශරීර හැර දැමීමෙන්
පසු නැවත නොඋපදී.(නැවත නූපදී ) ත්‍රිපිටකයේ සඳහන්වන සෞඛ්‍ය විධි විධාන ආයුර්වේද
මූල ග්‍රන්ථ හා එකඟ වූවක් වන අතර විශ්ව සාධාරණ මතයන්ය. මිනිසාගේ මෙන්ම සඳහන් කර
සෞඛ්‍යට හිතකරය.
භික්ෂූන්
වහන්සේ අරබයා කල දේශනා සහ ප්‍රකාශවල භික්ෂූන්ට සුදුසු ස්ථාන ශාලා, ආහාර ශාලා, වැසිකිලි
හදන ස්ථානය, භාවනා ස්ථාන ගැන පැහැදිලි කර
ඇත.
ගිරිමානන්ද
සූත්‍රය ද බුදුන් වහන්සේ සතුව තිබූ වෛද්‍ය ඥානය පැහැදිලි ව දක්වාලයි. බලවත් සේ
ගිලන් වූ ගිරිමානන්ද තෙරණුවන් අරභයා උන්වහන්සේ ආනන්ද හිමියන්ටද සංඥා දේශනා කල සූත්‍රය
"ගිරිමානන්ද සූත්‍රය"යි. ආනන්ද හිමියෝ ගිරිමානන්ද තෙරුන් වෙත එළඹ මේ
සූත්‍රය දේශනා කල කල්හි එම තෙරුන් සුවපත් වූ බව සූත්‍රයේ සඳහන්ය.
දස සංඥා
අතරින් බුදුන් වහන්සේ ආදීනව සංඥා කවරේද යත් මෙසේ වදාළහ.
"ආනන්දයෙහි, මේ
සස්නෙහි මහණ වනයට ගියේ වේවායි රුක් මුලට ගියේ වේවායි ශුන්‍යාගාරයට ගියේ වේවායි මෙසේ
පළ කරන්නේය. බොහෝ දුක් ඇති මේ කය බොහෝ ආදීනව ඇත්තේය.මෙසේ මේ කයෙහි විවිධ ආබාධයෝ
උපදනාහ. ඔහු කවරේද යත්?
චක්ඛු
රෝගය, සෝත රෝගය, ඝාත රෝගය, ජීව්හා
රෝගය, කාය රෝගය, සීස රෝගය,කණ්ණා
රෝගය, දන්ත රෝගය, කසාය, ශ්වාසය, පීනසය, දාහය, පවරය, තුව්ජ්
රෝගය, මුර්ජාය, පක්ඛන්දිකාය, ශූලය, විතූපිකාය, කුෂටය, ගණ්දය, කීලාසය, ස්වාසය, අපස්මාරය, දද්දුය, කණ්ඩුය, කච්ජුය, රඛසාය, විතච්ඡකාය, ලෝහිත
පිත්තය, මධුමේහය, අසය, පිළිකාය, භගන්දරාය, පිතින්
උපදිනා ආබාධය, වාතයෙන් උපදිනා ආබාධය, සන්නිපාතික ආබාධය, සෘතු
පරිතාවයෙන් වන ආබාධය ,විෂම පරිහාරයෙන් උපදනා ආබාධය , උපනුවයෙන් උපදනා ආබාධය, කර්ම විපාකයෙන් උපදනා ආබාධය, ශීතය, උෂ්ණය, සා ය පව්‍යය, උච්චාරය, පස්සාවයි..." මෙසේ දක්වන ලද සියලුම රෝගාබාධයෝ
ආයුර්වේදයෙහි ද දක්වා තිබේ.
ධම්පියා
අටුවා ගැට පදය සහ ආයුර්වේද බෞද්ධ විද්‍යාව අතර පැහැදිලි සම්බන්ධතාවයක් ඇත. එහි
සඳහන් ආයුර්වේද වෛද්‍ය වාක්‍ය වචන බොහොමයක් පවතී.
සුභානුපස්සිංහ
විරන්තං
ඉන්ද්‍රියෙසු අසංවුතං
භොජනම්හි අමන්තඤ්ඩිං
කූසිත හීන වීරියං
තාවෝ පහසති මාරෝ
වනෝ රුක්ඛං ච දුබ්බලං
ඉන්ද්‍රියෙසු අසංවුතං
භොජනම්හි අමන්තඤ්ඩිං
කූසිත හීන වීරියං
තාවෝ පහසති මාරෝ
වනෝ රුක්ඛං ච දුබ්බලං
යමෙක්
රූපාදී අරමුණු සුබ වශයෙන් සලකමින් ඉන්ද්‍රිය සංවරයකුත් නැතිව කාමෙහි පමණකුත් නොදැන
මාලිව වීර්යෙන් හීනව වෙසේද මාරයා හෙවත් මරණය ඔහු මැඩලයි. දුබල ගසක් මුලින් උපුටා
හෙලන්නාක් මෙනි. (ධම්මපදය යමක වග්ගය)
ආරෝග්‍ය
පරමා ලාභා
සන්තුඨී පරමං ධනං
විස්සාස පරමා ඤාති
නිබ්බාණං පරමං සුඛං
සන්තුඨී පරමං ධනං
විස්සාස පරමා ඤාති
නිබ්බාණං පරමං සුඛං
සියලු
ලාභවලට වඩා උතුම්ම ලාභය නිරෝගීකමයි. සතුටුවීම තරම් උසස් ධනයක් නැත. විශ්වාසය තරම්
වෙන නෑයෙක් ද නැත. නිවන තරම් උසස් සුවයක් නැත.
මෙකී
කරුණු හැදෑරීමේ දී හා ගැලපීමේදී පෙනී යන්නේ බුදුදහමේ අඩංගු කරුණු ආයුර්වේදයේද
අඩංගු බවය.