Home

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, November 16, 2014

තීතයේ සිට පැවත එන ආරක්ෂක භාවනා හතරක්

තීතයේ සිට පැවත එන ආරක්ෂක භාවනා හතරක්


 us @ Mahamegha :::: මහාමේඝ
විශේෂයෙන් ම, වර්තමානය වෙද්දී අපි ගොඩාක් සීල, සමාධි, ප‍්‍රඥා ගැන කතා කරන්නේ ගෘහස්ත ජනතාවටනේ. නමුත් බුද්ධ කාලයේ සීල, සමාධි, ප‍්‍රඥා බහුලව කතා කරලා තියෙන්නේ පැවිදි පිරිසට. එ්කනේ බුදුරජාණන් වහන්සේගේ හැම දේශනාවක ම වගේ ‘‘භික්ඛවේ..කියලා අමතලා තියෙන්නේ. එ් කියන්නේ එකල උන් වහන්සේ ඉදිරිපෙළ ම වාඩිවෙලා ඉඳලා තියෙන්නේ භික්ෂූන් වහන්සේලා. නමුත් කාලයාගේ ඇවෑමෙන් අපි බණ කියන පිරිසක් බවට පත්වුණා. ගිහි පිරිස බණ අහන පිරිසක් බවට පත්වුණා. ඉතින් මේ කාරණා නිසා අද ගොඩාක් සංකීර්ණ වෙලා. නමුත් අපි කුඩා කාලයේ පැවිදි වුණා ම මූලික සාධක ඇතුළත් කරලා සාමණේර බණ දහම් පොතකියලා පොතක් දෙනවා. එ්කේ තියෙන්නේ හෙරණ (පැවිද්දා) මුලින් ම ආරම්භක පැවිදි ජීවිතයේ භාවනාව දියුණු කරන්න ඕන ආකාරය පිළිබඳවයි.
එ්ක හරි ලස්සනයි. එහි චතුරාරක්ඛාකියලා ආරක්ෂා භාවනා හතරක් සඳහන් වෙනවා. එ් තමයි (බුද්ධානුස්සති මෙත්තා ච අසුභං මරණස්සති, ඉති ඉමා චතුරාරක්ඛා භික්ඛු භාව්‍යෙය සීලවා) සීලවන්ත භික්ෂුව, බුද්ධානුස්සතිය, මෛත‍්‍රිය, අසුභ, මරණසති කියන කමටහන් හතර ආරක්ෂක භාවනා හතරක් හැටියට වැඩිය යුතුයි කියනවා. ඊළඟට එ්කේ සඳහන් වෙනවා, ‘(අනන්තවිත්ථාරගුණං ගුණතෝනුස්සරං මුනිං, භාවෙය්‍ය බුද්ධිමා භික්ඛු බුද්ධානුස්සති මාදිතෝ) අනන්ත ගුණ සමුදායන්ගෙන් හෙබි භාග්‍යවතුන් වහන්සේ ගැන සිහිකිරීම බුද්ධිමත් භික්ෂුව මුලින් ම කළයුතු භාවනාවයිකියලා. එතකොට එ් කාලයේ මුලින් ම කළ යුතු භාවනාව හැටියට විස්තර කරලා තියෙන්නේ බුද්ධානුස්සතිය. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ මුලින් ම කළ යුතු භාවනාවක් හැටියට ගොඩක් තැන්වල තියෙන්නෙත් බුද්ධානුස්සතිය තමයි. නමුත් එ් කාලයේ ශාස්තෘන් වහන්සේ ජීවමානව ඉන්න නිසාත්, උන් වහන්සේගේ දේශනාවත් එක්කම ශ‍්‍රද්ධාව ඇතිවන නිසාත්, එ්ක වඩාත් පහසුවෙලා තියෙනවා. එ්ක බුද්ධ දේශනාවල හොඳින් පැහැදිලි වෙනවා.
සමහර තැන්වල සඳහන් වෙනවා, (සද්ධා ජාතෝ උපසංකමති) පැහැදීම ඇතිවෙලා යනවා. (උපසංකමිත්වා පයිරුපාසති) ගිහිල්ලා ඇසුරු කරනවා. (පයිරුපාසන්තෝ සෝතං ඕදහතිි) ඇසුරු කරද්දී කන් යොමාගෙන ඉන්නවා. ( ඕහිතසෝතෝ ධම්මං සුණාති) අවධානය මනාකොට යොමුකරගෙන ධර්මය අසනවා. එතකොට අපට වර්තමානයේත් වීර්ය ඇතිවෙන්න වුවමනා කරන මූලික පසුබිම සැකසෙන්නේ භාග්‍යවතුන් වහන්සේ ගැන හිත පහදවා ගත්තොත් තමයි. එතකොට තමයි අවශේෂ භාවනාවලට වුණත් එන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නම් බුද්ධානුස්සතිය තමයි මුල්ම කාලයේ ආරම්භක භාවනාවක් හැටියට තිබිලා තියෙන්නේ. එ්කෙ කෙටියෙන් වුණත් හරි ම ලස්සනට ආරක්ෂක භාවනා හතර භාවිත වෙලා තියෙනවා. එතකොට බුද්ධානුස්සතියෙන් කරන්නේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දීපු ධර්ම විනය කෙරෙහි විශ්වාසය ඇති කරවන එකයි. මොකද, ශාසනය කියලා කියන්නේ ධර්ම විනයනේ. කෙනෙක් ධර්ම විනය තුළ පිහිටියොත් විතරනේ පිහිට තියෙන්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගැනීමෙන් ධර්ම විනය කෙරෙහි විශ්වාසය ඇතිවෙනවා.
පොඩි ප‍්‍රශ්නයක් ලොකු දුරක් ගියා
අපි හිතමු කෙනෙක් ධර්ම විනය කෙරෙහි විශ්වාසය ඇතුව, භාග්‍යවතුන් වහන්සේ ගැන චිත්ත ප‍්‍රසාදයෙන් පැවිදි වෙනවා කියලා. එක්කෝ මාර්ගයට එනවා කියමුකෝ. නමුත් සමහර අවස්ථාවන් එන්න පුළුවන් ගැටීම් ඇතිවෙන. කොසඹෑ නුවර භික්ෂූන් අතර ඇතිවුණ කෝලාහලයත් එබඳු දෙයක්නේ. එ් කියන්නේ දවසක් ස්වාමීන් වහන්සේනමක් කැසිකිළියකට වැඩලා එද්දී භාජනයේ වතුර පොඞ්ඩක් ඉතිරි වුණා. ඉතින් තවත් ස්වාමීන් වහන්සේනමක් ගිහිල්ලා කවුද මේක ඉතුරු කළේ.. මේක විනයට ගැළපෙනව ද?’ කියලා චූටි දේ විශාල අර්බුදයක් කරගත්තා. ඇත්ත වශයෙන් ම එ් ස්වාමීන් වහන්සේ එ් වතුර ටික විසි කළා නම් එතැන දී එ් ප‍්‍රශ්නය හටගන්නේ නෑ. ඉතින් ඊට පස්සේ හරියට චූටි දේ ලොකුවට අරගෙන සංඝයා බෙදුණා. එ් කියන්නේ සම්පූර්ණයෙන් ම සංඝභේදය වුණා.
එතකොට අපට පැහැදිලිව පේනවා, මෙත්සිත වඩන්න බැරිවීම පැවිදි ජීවිතයට සිද්ධවෙන විශාල හානියක්. මෛතී‍්‍ර චිත්තය පැවැත්්වීමෙන් පැවිදි ජීවිතයට සිද්ධවෙන එ් හානිය වළක්වනවා. පැවිදි අයට විතරක් නෙවෙයි, ගිහි අයටත් එහෙමයි. ගිහි අයටත් මෛතී‍්‍ර චිත්තය පවත්වන්න බැරි නම් එ් අයගේ ජීවිත විශාල හානියකට පත්වෙනවා. මට බුදුරජාණන් වහන්සේ වදාළ හරි ලස්සන සූත‍්‍රයක් හම්බ වුණා. එ්කේ තියෙනවා මහණෙනි, මහා වෘක්ෂ තියෙනවා. එ් කියන්නේ දිඹුල් වෘක්ෂ, නුග වෘක්ෂ, අතු පතර විහිදුන සුවිශාල වෘක්ෂ තියෙනවා. එ් විශාල වෘක්ෂ අනෙක් පුංචි වටිනා ගස්වලට වැඩෙන්න දෙන්නේ නෑ. එ් විශාල වෘක්ෂ අනෙක් ගසුත් කාගෙන, එ්කේ පෝරත් කාගෙන එ් ගසුත් විනාශ කරගෙන හැදිලා පොඩි ගසුත් කඩාගෙන ම වැටෙනවා. මහණෙනි, මේ වගේ තමයි පංච නීවරණ. පංච නීවරණ වර්ධනය වුණාට පස්සේ තමන්ගේ ජීවිතය තුළ ගුණයක් වර්ධනය වෙන්න දෙන්නේ නෑ. තියෙන ගුණත් විනාශ කරගෙන එ් පුද්ගලයාව අපායට ගෙනියනවා. එ් වගේ ම මහණෙනි, සමහර කුලපුත‍්‍රයන්, ශ‍්‍රද්ධාවෙන් පැවිදි වෙනවා. නමුත් පංච නීවරණයන් ප‍්‍රහාණය කරගන්න බැරිවීම නිසා එ් අය විනාශයට යනවා.
එ් පංච නීවරණයන්ගෙන් වන හානිය වළක්වන්න තමයි මේ මෛතී‍්‍ර භාවනාව තියෙන්නේ. මෛත‍්‍රිය කියන වචනයේ තේරුම මිත‍්‍රත්වය. මිත‍්‍රභාවයක් නැත්නම් හැරෙන්නේ සතුරුභාවයකට. එ් කියන්නේ සතුරෙක්. යම් කෙනෙකුට තමන්ට සතුරෙක් ඉන්නවා කියන අදහස ආවාම එ් සතුරා සුවපත් කරන්න එයාට කල්පනාවක්් එන්නේ නෑනේ. එ් නිසයි සමහර මිනිස්සු කේන්ති ගියාම කියන්නේ මම අසවලාව අත්හැරලා අන් හැමෝටම මෛති‍්‍රය වඩනවාකියලා. එ් කියන්නේ එයා විනාශ වුණාට කමක් නෑ. එ් හානිය තියෙන්නේ තමන්ගේ හිතේ. හරියට මෛත‍්‍රිය වැඩුණේ නැති නිසයි ලෝකයේ තියෙන බහුතරයක් ප‍්‍රශ්න හටගන්නේ. ජාති, කුල, ගෝත‍්‍ර, ආගම් වශයෙන් බෙදෙන හැම ප‍්‍රශ්නයක් ම හටගන්නේ එ් නිසයි. එ් තුළ අපට මනුස්සයා ඉපදීම නිසා විඳින පොදු දුක තේරුම් ගන්න තියෙන අවස්ථාව නැතිවෙලා යනවා. එ් නිසා මෛති‍්‍රය කියන්නේ හරී වටිනා මාතෘකාවක්. බුදුරජාණන් වහන්සේ මෛත‍්‍රිය පිළිබඳව වදාළ විවිධ ක‍්‍රම ගැන කතාකිරීම අපට මෛති‍්‍රය වඩන්න උපකාරි වෙනවා.

සම්පූර්ණ ලිපියට>>>http://mahamegha.lk/all-time-favourites/bhawana-krama

Monday, November 3, 2014

මල් පිදීමේ අනුසස්

මල් පිදීමේ අනුසස්

සුමන මල්කරු
අප බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ රජගහනුවර බිම්බිසාර රජතුමාට දිනපතා මල් සපයන සුමන නම් මිනිසෙක් විය. එක් සමයෙක්හි තථාගතයන් වහන්සේ පෙරවරු කාලයේ මහා භික්ෂූ සංඝයා විසින් පිරිවරන ලදුව සවනක් ඝන බුදුරැස් මාලාවන් විහිදුවමින් මහත් වු බුද්ධානුභාවයෙන් බුද්ධලීලාවෙන් පිඬු පිණිස රජගහනුවරට වන් සේක.
රජුට සමන් මල් අට නැළියක් ගෙන යන්නා වූ සුමන මල්කරු ෂඩ්වර්ණ රශ්මි මාලාවෙන් හා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අසූ අනුව්‍යඤ්ජනයෙන් ශෝභාවත් වූ රුවන් පහන් ගසක් වැනි තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහය දැක, අතිශය පහන් වූ සිත් ඇත්තේ කුමකින් තථාගතයන් වහන්සේට පූජාවක් කරන්නෙම්දෝ යි සිතනුයේ පූජා කිරීමට අන් දෙයක් නො දක්නේ රජුට ගෙන යන්නා වූ මේ මලින් තථාගතයන් වහන්සේ පුදමියි සිතා නැවත දිනපතා රජුට ගෙන යන මේ මල් නො ගෙන ගියහොත් රජු කිපී මා සිර කරන්නට ද පිළිවන, රටින් නෙරපන්නට ද පිළිවන, මරන්නට ද පිළි වෙන, එහෙත් කරන්නට දෙයක් නැත, රජු මට කරන දෙයක් කරාවා, මේවා රජුට ගෙන යාමෙන් ඔහු මට දෙතත් දෙන්නේ මේ ආත්ම භාවයේ ජීවත් වීමට තරම් සුළු දෙයකි. මේ මලින් බුදුන් වහන්සේ පිදුව හොත් මට එය අනේක කල්ප කෝටීන්හි සැපගෙන දෙන පිනක් වන්නේ ය.
ඒ නිසා වන්නක් වේවා. මේ මල් මම බුදුනට ම පුදමියි සිතා පළමුවෙන් මල් දෙමිටක් ගෙන තථාගතයන් වහන්සේ දෙසට විසි කළේ ය.
ඒ මල් එකකුදු බිම නොවැටී තථාගතයන් වහන්සේ මතුයෙහි අහස්හි වියනක් මෙන් සැදී සිටියේ ය. එය දැක අතිශයින් පහන් වූ සුමන තවත් මල් දෙමිටක් ගෙන බුදුරදුන් දෙසට විසි කළේ ය. ඒ මල් බුදුරදුන් දකුණු පසින් තිරයක් මෙන් සෑදී අහස්හි සිටියේය. තවත් දෙමිටක් විසි කෙළේය. ඒවා තථාගතයන් වහන්සේ පිටිපසින් තිරයක් සේ සෑදී සිටියේ ය. තවත් දෙමිටක් විසි කළේය. ඒවා තථාගතයන් වහන්සේගේ වම් පසින් තිරයක් සේ සෑදී සිට ගත්තේ ය.
බුදුරජාණන් වහන්සේ රිදීපටින් වසන ලද්දකු සේ ඉදිරියට වැඩම කළහ. මල් ද එකකුදු නො වැටී නො විසිරී තථාගතයන් වහන්සේ අනුව ගියේය. තථාගත ශරීරයෙන් නික්ම උන් වහන්සේ වටා තුන්යලක් ගමන් කොට ඉදිරියට දුවන්නා වූ බුදුරැස් දහරාවන් නිසා ඒ මල් වඩාත් ශෝභාවත් විය. ඒ ප්‍රාතිහාර්යය දැක සතුටට පත් මහජනයා ඔල්වරසන් නඟමින් සළු උඩ දමමින් සළු හිසවට කරකවමින් බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් ගමන් ගත්හ. තථාගතයන් වහන්සේ ද මල්කරුගේ ගුණය ප්‍රසිද්ධවනු පිණිස නගරයේ ප්‍රධාන මාර්ගයේ ම ගමන් කළහ.
මල්කරුගේ සකල ශරීරය පස්වනක් ප්‍රීතියෙන් පිරී ඉතිරී ගියේය. ඔහු මඳ දුරක් තථාගතයන් වහන්සේ හා ගමන් කොට මනෝසිලා රසයෙහි ගැලෙන්නාක් මෙන් බුදුරැස් තුළට වැද උන් වහන්සේට ස්තුති කොට වැඳ හිස් පැස ගෙන ගෙදර ගියේ ය.
ඔහු හිස් පැස ගෙන ගෙදර ගිය කල්හි භාර්යාව මල්වලට කුමක් කෙළෙහි දැයි ඇසීය. තථාගතයන් වහන්සේට පිදුවෙමියි මල්කරු කීය. දැන් රජුට කුමක් කරන්නෙහිදයි භාර්යාව ඇසූ කල්හි රජු මට කරන දඬුවමක් කෙරේවා යි ජීවිත පරිත්‍යාග කොට මම මල් පිදුවෙමියිකියා සිදුවූ සියලු ප්‍රාතිහාර්්‍යය ද ඇයට කීය. ඈ බිය වී සැමියාට ද බැණ වැදී දරුවන් ද ගෙන රජු වෙත ගොස්, “දේවයන් වහන්ස, මාගේ සැමියා නුඹ වහන්සේට ගෙනෙන මල් බුදුරදුන් පුදා හිස් පැස ගෙන ගෙදර ආයේය. මා විසින් මල්වලට කුමක් කළෙහිදැයි අසූ කල්හි ඒ බව මට කීයේ ය.
ඔහු කළ වරදින් මටත් විපතක් වේදෝයි මම ඔහු හැර දරුවන්ද ගෙන නුඹ වහන්සේ වෙත පැමිණියෙමි. දේවයන් වහන්ස, ඔහු කළ දෙය යහපතක් ද, නපුරක් ද කියා මම නො දනිමි. එය කුමක් වුවත් එය ගැන මගේ සම්බන්ධයක් නැත. මම ඔහු අත්හැර දැමීමියි කීවාය. රජතුමා බුදුරදුන් ගේ ප්‍රථම දර්ශනයේ දී ම සෝවාන් ඵලයට පැමිණි ආර්ය ශ්‍රාවකයෙකි. එතුමා මේ අනුවණ ගැහැනියට මෙතරම් මහත් ප්‍රාතිහාර්යයකදී ද සිත පහදා ගත හැකි නොවී යයි සිතා, කිපුණු ආකාරයක් දක්වා කිමෙක්ද මට ගෙනා මල් තිගේ සැමියා බුදුනට පිදුවේ දැයි ඇසීය. එසේය, දේවයන් වහන්සයි පිළිතුරු දුන්නීය. එකල්හි රජතුමා ඒ මිනිසා හැර දැමීමෙන් තී කළ දෙය ඉතා යහපති, මාගේ මල් පූජා කළහුට කළ යුත්ත මම දනිමියි කියා ඇය පිටත් කර හැර වහා ගොස් ඒ ප්‍රාතිහාර්ය නරඹමින් තථාගතයන් වහන්සේ සමඟ ම ගමන්කෙළේය.
ශාස්තෘන් වහන්සේ රජුගේ ප්‍රසාදය දැක අණබෙර හසුරුවන වීථියෙහි ම ගමන් කොට රජගෙදර සමීපයට පැමිණි සේක. රජතුමා පාත්‍රය ගෙන තථාගතයන් වහන්සේ රජමැදුරට වැඩමවා ගන්නට සිතුවේය. තථාගතයන් වහන්සේ රජමිදුලෙහි ම වැඩ හිඳිනු කැමති ආකාරය දැක්වූහ. රජතුමා ලෝකනාථයන් වහන්සේ ගේ අදහස දැන වහ වහා එහි මණ්ඩපයක් කරවීය. භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා හා එහි වැඩහුන් සේක. තථාගතයන් වහන්සේ රජගෙට නො වැඩ එළිමහනෙහි ම වැඩ සිටියේ මල්කරුගේ ගුණය මහජනයා අතර වඩාත් ප්‍රකටවනු පිණිස ය. රජතුමා බුදුන් ප්‍රමුඛ මහා සඟනට දන් දිණ. තථාගතයන් වහන්සේ වළඳා අවසානයේ අනුමෙවෙනි බණ වදාරා පළමු පරිදි ම මල් වියන් මල්තිර තිබිය දී ම මහ පෙරහරින් මහජනයා සමඟ ම වෙහෙරට වැඩම කළ සේක. උන්වහන්සේ ගඳකිළියට පිවිසෙන කල්හි ඒ මල් ගඳකිළිය දොරකඩ වැටිණ.
රජතුමා මඳ දුරක් තථාගතයන් වහන්සේ හා ගමන් කොට නැවතී මල්කරුවා ගෙන්වා නුඹ මට ගෙනෙන මල් කුමක් සිතා බුදුනට පිදුවෙහි දැයි ඇසීය. එකෙණෙහි මට ඇති වු බලවත් චිත්ත ප්‍රසාදය නිසා රජ්ජුරුවන් වහන්සේ මා මරතොත් මරත්වා රටින් නෙරපතොත් නෙරපත්වා යි ජීවිතය පරිත්‍යාග කොට ඒ මල් පිදුවෙමියි මල්කරු කීය. රජතුමා ඔහුගේ ක්‍රියාව ගැන පැහැදී නුඹ මහා පුරුෂයෙකැයියි ඔහුට පවසා ඇතුන් අටදෙනෙකුන් ද, අසුන් අට දෙනකුන් ද, දාසයන් අට දෙනකුන් ද, දාසියන් අට දෙනකුන් ද, මහාර්ඝ පළඳනා ද, කහවනු අට දහසක් ද, සර්වාලංකාරයෙන් සැරසූ කාන්තාවන් අට දෙනකුන් ද, ගම් අටක් ද යන මේ සියල්ල ඔහුට ප්‍රදානය කෙළේය. සියල්ලෙන් අට බැගින් ඇති බැවින් සර්වාෂ්ටක නම් වූ ඒ පරිත්‍යාගය මල්කරු ඒ පූජාවෙන් එදින ම ලැබූ අනුසස් ය.
ආනන්ද ස්ථවිරයන් වහන්සේ සුමන මල්කරුගේ පූජාව නිමිත්තෙන් අද උදෑසන පටන් ම මහා ප්‍රීති ඝෝෂාවක් පවත්නේය. ඔහුට ඉන් ලැබෙන්නා වූ විපාකය කුමක් දෝයි තථාගතයන් වහන්සේගෙන් අසමියි සිතා උන්වහන්සේ වෙත එළඹ මල්කරුට ඒ පූජාවෙන් වන විපාක කවරේදයි ඇසූහ. ආනන්දය! මේ මල්කරු විසින් කරන ලද්ද සුළු කොට නො සිතව. හෙතෙමෙ මාහට දිවි පුදා ඒ පූජාව කෙළේ ය. හෙතෙමේ මා කෙරෙහි ඇති කරගත් ඒ චිත්ත ප්‍රසාදයෙන් කල්ප ලක්ෂයක් දුර්ගතියකට නො පැමිණෙත් ය. එතෙක් කල් ඔහු දෙව් මිනිස් සැප විඳ අන්තිමේදී සුමන නම් පසේ බුදු වන්නේ යයි තථාගතයන් වහන්සේ වදාළ සේක.
(මේ කථාව දම්පියා අටුවාවෙන් ගන්නා ලදී)


Mahamegha

Total Pageviews