Home

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, September 11, 2014

වෙදැදුරු ජීවක



ගෞතම බුදුරජාණන් වහන්සේ දිවමන් සමයෙහි භාරත දේශයෙහි පහළ වුණු අද්විතීය දක්‍ෂතාවන්ගෙන් දැනුමෙන් කුසලතාවන්ගෙන් පිරුණු ශ්‍රේෂ්ඨතම වෛද්‍යවරයාණන් වූයේ ජීවක කෝමාර භච්චය. එතුමන් රෝගීනට ප්‍රතිකාර ලබාදීමේදී පොදු ජනතාව පමණක්‌ නොව රාජ රාජ මහාමාත්‍ය - සිටුවරු ඇතුළු ප්‍රභූ පංතිය පමණක්‌ නොව තිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ ද වෛද්‍යවරයා බවට පත්වී සිටියහ.


ජීවක ගෞතම බුදුන් වහන්සේගේ පෞද්ගලික වෛද්‍යවරයා බවට පත් වීම සඳහා ප්‍රාර්ථනය ඇති කර ගනු ලැබුවේ පෙර ආත්ම භවයන් රාශියකට පෙරය. එනම් පදුමුත්තර නම් වූ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයෙහි හංසවතී නුවර උපත ලැබු ඔහු එදවස ශාස්‌තෘන් වහන්සේගේ ප්‍රසාදය ලැබූ උපාසකයකුව ජීවත් වුණු බව (මනෝරථ පුරනියෙහි) සඳහන් වන්නේය. හෙතෙම සංඝයා වහන්සේට කරන ලද පූජාවකින් අනතුරුව "මම ඒකාන්ත වශයෙන්ම අනාගත බුද්දොත්පාද කාලයෙහි උන්වහන්සේගේ වෛද්‍යවරයා ලෙස කටයුතු කරන බවට ප්‍රාර්ථනා කළ බව අපහට ප්‍රකට වේ. ජීවකගේ මෙලොව ජනිත වීම පිළිබඳ කතාන්තරය නම් අසන්නාට, කියවන්නාට එතරම් ප්‍රියමනාප වුනු එකක්‌, සිද්ධියක්‌ නොවන්නේමය.

එදවස භාරත දේශයෙහි අතිශය රූබර ළලනාවක්‌ ඉපදුනේ නම් රජ බිසවක්‌ ලෙස රජෙකුට පරිහරණය කිරීමේ දුෂ්කරතා ඇති වී තිබුණු බව ප්‍රකටව පෙනේ. එවන් අභිරූපිකාවියන් එක රජෙකුට පරිහරණය කිරීමට නොහැකි වූ විට, අදාළ පාලකයන් විසින් ම සුව පහසු මැදුරු, සේවක සේවිකාවන් හා වස්‌තුව ද සපයා දී රජවරුන්, ඇමැතිවරුන්, ක්‍ෂත්‍රියයින්, ප්‍රමුඛයන් කහවනු දහස්‌ ගණන් අය කොට පිනවීමට සුදුසු පරිදි නීත්‍යනුකූල ලෙස කටයුතු කිරීමට ඔවුනට අවස්‌ථාව සලසා දී තිබිණ. බුදුන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩ වාසය කරන සමයෙහි වේසාලි නම් වූ ධනවත් නගරයෙහි විසූ අම්බපාලි නමැති රූබර ගණිකාව එයට නිදසුනකි. බිම්බිසාර රජු පවා ඇතැම් විට තම ආශාවන් සනහාලන්නට ඇයගේ මැදුර කරා ගොස්‌ ඇය සමඟ දින ගණන් රිසි සේ සතුටින් කල් ගෙවා ඇත.

මෙදවස විශාලා මහනුවර ධනවත් සිටුවරයකුට දාව උපන් කුල කු=මරියක්‌ වූ සාලවතී ද රූපශ්‍රීයෙන් අගතැන්පත් තැනැත්තියකි. ඇය සිරිකතගේ දියණියක්‌ ලෙස හැඳින්විණ. වරක්‌ ඈ දෙස බැලූ පිරිමියෙකු රජකුමරෙකු, සිටුවරයකු නැවත ද ඈ දෙස හැරී බලනුයේ ඒ රූසිරි බවින් ආකර්ශනය වීමෙනි. ප්‍රභූ ජනතාවගේ ඉල්ලීම පරිදි රූමත් සාලවතී කුමරිය වෙත රාජ්‍ය අනුග්‍රහයෙන් සුඛෝපභෝගී මැදුරක්‌ සේවකාදීන් හා වස්‌තුව ලැබුණ අතර ඇය නගර ශෝභිනියක්‌ බවට පත්විය. සාලවතී කුමරිය රූමත් බවින් මෙන්ම නැණ නුවණින් ද යුක්‌ත වූවාය. සාලවතී කුමරිය පොකුණෙහි, නාන තොටෙහි සිය යෙහෙලියන් සමඟ දිය නෑමට ගිය විට ද, බිම්බිසාර රජුගේ කණිටු පුත් අභයරාජ කුමරා ඇයගේ දර්ශය ද, දෙවනුව ඇසුර ද ප්‍රිය කළේය. වැඩිකල් නොගොසද් කුමරිය වසන මැදුර නිසසල විය. කුමරුන් නිසා ඈ ගැබ්ගෙන සිටි නිසාය. ගැබ්බරින් පසු වූ සාලවතී නගර ශෝභිනිය දිනක්‌ අඳුරු කුටියෙහි ප්‍රසූත වේදනාවෙන් පසුවෙමින් සිට, අරුණෝදයට ආසන්න රාත්‍රියෙහි පුත්‍රයෙකු ප්‍රසූත කළාය. වැදූ ළපැටියා කොතරම් හුරුබුහුටි බැව් පෙනුනත් නගර ශෝභිනියකට පුතෙකුගෙන් ඇති ඵලය කිම? ඇතැමුන් අනුමාන කරන්නේ ඇයට වැදූගෙයි සන්නියක්‌ වැළඳෙන්නට ඇතැයි කියාය. කෙසේ හෝ ඇය සිහිවිකල්ලෙන් මෙන් තමා ප්‍රසූත කළ ඒ දයාබර ලේ කැටි පුතු උපන් සැනෙකින්ම තම සේවිකාවකට කියා මදක්‌ ඈතින් පිහිටි කසළ ගොඩක රඳවනු ලැබුවාය. මද වේලාවක්‌ ගත වෙත්ම අරුණෝදය දීප්තිමත්ව හැම තැන සිසිරා පැතිර යමින් තිබිණ.

ඒ උදැසන තරුණ අභය රාජ කුමරුන් ව්‍යායාමයක්‌ ලෙසින්දෝ තම ආරක්‍ෂක රාජ්‍ය සේවකයන් ද සමගින් අසුපිටින් මේ අසලින් පියමන් කරමින් සිටියේය. කසළ ගොඩෙහි කුණු තැවරුණු සුරුබුහුටි සිඟිති බබෙකු සිටිනු දුටු රජකුමරා නොපමාව මොහොතකට අසු නවතා දරුවා තවමත් ජීවතුන් අතර දැයි විමසීය. එසේය, කුමරුනි යයි සවනෙහි

රැඳෙත්ම, එසේ නම් වහාම දරුවා අහුලා ගන්න යෑයි රාජ්‍ය සේවකයන් දැනුවත් කළේය. ළදරුවා නිරුපද්‍රිතව ජීවතුන් අතර පසුවුණු බැවින් ඔහු රජ මැදුර කරා සෙනෙහසින් ගෙන ගොස්‌ කිරිමව්වරුන්ට භාර කළහ. සිඟිත්තා ජීවත් වන බැවින් 'ජීවක' යයි නම් තබණු ලැබුවේය. අභය රාජ කුමරා ළදරුවා වෙත සෙනෙහසින් අවශ්‍ය සැප සම්පත් ලබා දෙමින් ස්‌නේහයෙන් පෝෂණය කරගන්නා ලද්දේය. ඔහුට රජ කුමරකුට මෙන් අවශ්‍ය සියලු සුව පහසුකම් සලසා දුන් අතර 'ජීවක කෝමාර භච්ච' යන නාමයෙන් ඔහු හැඳින්විණ. ළදරුවා කුඩා කල සිටම වැඩිහිටි බසට කීකරු බුද්ධිමත් ගති ලක්‍ෂණ පෙන්නුම් කරනු ලැබුවේය. නිමිති ලක්‍ෂණ පිළිබඳ පඬිවරු ඔහු ගැන පැවසුවේ ස්‌ථිර වශයෙන් ම මොහු මහා පඬිවරයකු වීමේ වාසනා ගුණයෙන් යුතුව සිටින බවය. ජීවකයාගේ පියා තමා බව අභයරාජ කුමරු පුතුට සෙනෙහසින් පවසා ඇත. ජීවකට කුඩා කල රජ කු=මරෙකුට මෙන් පූර්ව අධ්‍යාපනය ලබා දුන්නේය. ඔහුට අවශ්‍ය වූයේ සාමාන්‍ය රජ කුමරෙකුට ලබා දෙන්නා වූ යුද ශිල්පය, ධනු ශිල්පය ආදී වශයෙන් රාජ්‍ය පාලකයකුට ලබා දෙන්නා වූ අධ්‍යාපනයන් ප්‍රගුණ කරලීම නොවේ. ජීවක කුඩා කාලයේ පටන්ම සත්ත්ව ශරීරයෙහි ඇතිවන වේදනා දැන සිටියේය. දිනක්‌ ඔහු දුනුවායකු නිසා වේදනාවෙන් ලේ ගලමින් සිටි සැළලිහිණියකු ගෙනවුත් ප්‍රතිකාර කොට සුවය ලබා දුන්නේය. ජීවකගේ සිත්හි පෙර ආත්මවල සිට පැවත ආවේ ලෝ සතුන් ශාරීරිකව සුවපත් කරලීමයි. එකී මහාර්ග අධිෂ්ඨානයක්‌ පෙරදැරි කරගෙන සිටි ඔහු දිනක්‌ කිසිවෙකුට හෝ නොදන්වා තක්‍ෂිලා නුවර විශ්වවිද්‍යාලයේ දිසාපාමොක්‌ මහැදුරු අභියසට පැමිණියේය. තමා පැමිණියේ 'වෛද්‍ය විද්‍යාව' හැදැරීමට යෑයි හෙතෙම පැවැසීය. එසේ නම් චාරිත්‍රානුකූලව ගුරු පඬුරු ගෙනැවිත් තිබේ දැයි ඇදුරුතුමන් විමසීය. තමා බිම්බිසාර රජ මාලිගයේ වසන බවත්, ඔහුට නොදන්වා මෙහි පැමිණි නිසා කහවනු නොගෙනා බවත් පවසමින්, ඒ වෙනුවට තමා මහැදුරු තුමාගේ බැල මෙහෙවරකම් කරදෙන බවත් පැවැසීය. දිසාපාමොක්‌ ඇදුරුතුමන් ජීවකගේ ශරීර ලක්‍ෂණ දෙස නිරීක්‍ෂණය කර බලා, මොහු විශිෂ්ට ඥානවන්තයකු වන බව තේරුම් ගෙන, ඔහුව වසර හතක වෛද්‍ය ශාස්‌ත්‍රය හැදැරීම පිළිබඳ වූ අධ්‍යයනය සඳහා බඳවා ගනු ලැබුවේය.

'වෛද්‍ය පීඨයේ' තක්‍ෂිලා නුවර සරසවියේ වෛද්‍ය විෂය ධාරාව හදාරා ඉතා දක්‍ෂ ලෙස අවසන් කළ ජීවක තමා අබියසට කැඳවූ වයෝවෘධ දිසාපාමොක්‌ මහැදුරුතුමා මෙවන් ඉල්ලීමක්‌ ඔහුට ඉදිරිපත් කළේය. එනම් මේ මිහිතලය තුළ ඖෂධයක්‌ නොවන කිසියම් පැළෑටියක්‌ වේ නම් එය සොයාගෙන අවුත් තමන් වෙත නොපමාව ඉදිරිපත් කරන ලෙසය. දිසාපාමොක්‌ ඇදුරුතුමා පෙන්වා දුන් පෙදෙස වූ සොළොස්‌ ගව්වක ප්‍රමාණයක්‌ ආවරණය වුනු භූමි තලයක්‌ සිසාරා විවිධ වෘක්‍ෂ හා පැළෑටිවල මුල් පොතු, කොළ, කඳ පිළිබඳව පර්යේෂණය කළ ජීවක තම වගකීම් කාර්යය නිමා කොට, සිය නිගමනය මෙලෙස හෙළි කළේය. මේ මිහිතලය මත එවන් ඖෂධයක්‌ නොවන කිසිදු පැළෑටියක්‌ නොතිබෙන බවය. දිසාපාමොක්‌ ඇදුරුතුමන් ජීවක මහා ප්‍රාඥ වෛද්‍යවරයකු ලෙස එමගින් අවසන් ලෙස නිගමනය කළ අතර 'ජීවක කෝමාර භච්ච' යන නාමයෙන්ද, (කුමාරෙන පොසාපිතො කොමාරපචෙචා) යනුවෙන් ද ඔහු හඳුන්වන ලදී.

වෛද්‍ය ජීවක කෝමාර භච්ච තක්‍ෂිලා නුවරින් ආපසු තම උපන් ප්‍රදේශයට ඒමට පිටත්ව සිටියදී, සාකේත නුවර අසූකෙළක්‌ ධනය ඇති සිටුවරයකුගේ ඇඹෙණිය සත්වසරක්‌ දැඩි හිස රුජාවෙන් පෙළෙමින් සිටි අතර, තම වෛද්‍ය ප්‍රතිකාරයෙන් ඇය සුවය ලැබුවාය. සතුටට පත් සිටුවරයා සිය ධනයෙන් කහවනු දහසයදහසක්‌ ඔහුට තිළිණ කළේය. මේසා විශාල ධනයක්‌ පිරිනැමුවේ කුමටද, මා ජීවත් වන්නේ වෛද්‍ය කර්ම කිරීමට විනා ධනය ඉපැයීමකට නම් නොවන්නේ යයි හෙතෙම සිතුවේය.

ජීවක වෛද්‍යවරයා රජගහනුවරට පැමිණි විට අභයරාජ පියා තම පුතනුවන් පැමිණීම නිසා මහත් සේ සොම්නසට පත්විය. ඔහු සතුට පළ කළේ ජීවක තමාට දාව උපන් බව පවසමිනි. ඉක්‌බිතිව අභය රාජ කුමරුන් දයාවෙන් ජීවක වෙත තම රජ මැදුරට සමීපව තවත් මැදුරක්‌ ද තනවා වාසය සඳහා පිළිගැන්වීය.

දෙවනුව ජීවක වෛද්‍ය - බිම්බිසාර රජු බගන්දරා නම් රෝගයෙන් පෙළෙමින් සිටි බැවින් එම රජුට ප්‍රතිකාර කොට සුවය ලබා දුන්නේය.

ජීවක වෛද්‍යවරයාගේ ප්‍රතිකාර මගින් රජතුමාගේ රෝගය සුව වූ අතර ප්‍රමෝදයට පත් රජු ඔහුට 'වෛද්‍ය ශිරෝමණී' නාමය සහිත තනතුරු ද ලක්‍ෂයක්‌ අගනා නියම් ගමක්‌ ද අඹ උයනක්‌ ද සිය ගණනක්‌ පරිවාර ජනයා ද ප්‍රදානය කරන ලදී.

මේ අතර උදේනි නුවර චන්ඩප්පජෝති රජුගේ ආරාධනයෙන් වෛද්‍ය මෙහෙවරක්‌ කිරීමේ අවස්‌ථාව ජීවකට උදාවිය. ජීවකගේ ප්‍රතිකාර මහිමයෙන් රජුගේ රෝගාබාධ පුදුමුකාර ලෙස නිවාරණය විය. මෙයින් ඉමහත් සතුටට පත් රජු ජීවකට මහා ධන පරිත්‍යාගයක්‌ ද මිල කළ නොහැකි අගනා සළුවක්‌ ද පරිත්‍යාග කරන ලද්දේය. ජීවක මේ අගනා සළුව බුදුන් වහන්සේට පූජා කළ බැව් සඳහන් වේ. රජගහනුවර අසූකෙළක්‌ ධනය ඇති සිටුවරයකු රෝ බියෙන් පසු වූ අතර, ඔහුගේ හදිසි මරණය දින 05 කින් සිදු වන බවට තොරතුරු පැතිරින. ජීවක වෛද්‍යවරයාණන්ගේ ප්‍රතිකර්මවලින් සුවය ලැබූ සිටුවරයා තමන්ගේ අසූ කෙළක්‌ ධනය වෛද්‍යතුමන් වෙත පවරමි යෑයි සැළකර සිටියේය. බරණැස්‌ නුවර (බාරනාසි) සිටුවරයකුගේ රෝගාබාධයකයට ද ප්‍රතිකාර කොට සුවය ලබා දී මහා ධන සම්පත් පරිත්‍යාග පිරිනැමිණ.

ජීවක වෛද්‍ය විශේෂඥවරයාණන් නොබෝ කලෙකින් දඹදිව් තලයෙහි මහා ධනවතෙකු බවට පත් වූ අතර මහමැදුරු සංකීර්ණයකින් සමන්විත ජීවකාම්බ වනයේ හිමිකරු බවට ද පත්විය.

"දික්‌ සඟියෙහි සාමඤ්ඤඵල සූත්‍ර"යෙහි සඳහන් පරිදි මේ සශ්‍රීක 'ජීවකාම්බවනය' සියලු සම්පත් සමගින් පසු කල බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝයා වෙත පූජා කරන ලද්දේය.

බුදුන් වහන්සේ සමීපව ඇසුරු කළ ජීවක වෛද්‍යවරයාණන් උන්වහන්සේ කෙරෙහි දැක්‌වූයේ අප්‍රමාණ භක්‌තියකි. ගෞරවයකි. බුදු රදුන් ප්‍රමුඛ සංඝයා වහන්සේ වෙත "ජීවකාම්බ වනය" පූජා කරලීමට පෙරාතුව, බුදුන් වහන්සේට වැඩ සිටීමටත්, භාවනා කිරීමටත්, සරිලන ආකාරයෙන් භාවනා කුටි, ධර්ම දේශන ශාලා, මණ්‌ඩප, දාන ශාලා, සක්‌මන් මළු ඇතුළු බෞද්ධ විහාරාංගයක අත්‍යවශ්‍ය ගෘහ නිර්මාණ අංගයන්ගෙන් පරිපූර්ණ සංඝාරාමයක්‌ හෙතෙම ඉදි කරවූයේය. ගොඩනැඟිලි හාත්පස අටලොස්‌ රියන් ප්‍රාකාරයක්‌ ද ඉදිකරවීය. බුදුන් වහන්සේ වඩාත් කැමැත්තෙන් මේ නිස්‌කලංක සංඝාවාසයෙහි හා ගන්ධකුටියෙහි වැඩ වෙසෙමින් 'ජීවක සූත්‍රය්' ්සාමඤ්ඤඵල සූත්‍රය්, චුල්ලසෙට්‌ටි ජාතකය ආදී සූත්‍ර රාශියක්‌ දේශනා කරමින් ශාසනික මෙහෙවරෙහි නිරත වුනු බව ත්‍රිපිටකයෙන් සනාථ වේ. ජීවක වෛද්‍ය විසින් බුදුන් වහන්සේට විහාරයක්‌ තනා පූජා කළ බව ජීවක සුත්ත වණ්‌ණනා - පපCඳචසුදනි" යෙහි සඳහන් වේ.

ජීවක කෝමාරභච්ච සෝවාන් ඵලයට පත් වූ උපාසකයෙකු බවද ප්‍රකට වන්නේය. ජීවක එක්‌ කලෙක භාග්‍යවතුන් වහන්සේගේ දොස්‌ කිපී පීඩිතව පැවැති ශරීරය සැහැල්ලුවන ආකාරයට විරේක කරවා සිවෙය්‍යක වස්‌ත්‍ර යුගලය පූජා කොට වස්‌ත්‍ර දන්දීම නිසා කළ අනුමෝදනාව අවසන සෝවාන් ඵලයෙහි පිහිටියේ යෑයි ද සඳහන් වේ

"ස්‌වාමීනි මම භාග්‍යවතුන් වහන්සේ සරණ යමි, භික්‍ෂු සංඝයා සරණ යමි. ධර්මරත්නය සරණ යමි." ජීවක සුත්ත ඛණ්‌ණනා - පපCඳච සුදනිය" ඒ බව සඳහන් කර ඇත. දම්රජාණෝ ජීවකයනට කළ ධර්ම දේශනය - මඡ්ඤ්ධිම නිකායේ - ජීවක සූත්‍ර"යෙහි සඳහන් වන්නේය.

මහාවග්ගයේ විවරක්‌ඛන්ඩක යේ සඳහන් මෙම කොටසින් ජීවක වෛද්‍යවරයාණන් බුදුන් වහන්සේගේ ශරීරයේ ඌෂ්ණාධික අවස්‌ථා නිවාරණය කොට ශරීර සුවය ලබාදීමට ඉවහල් වී ඇත. ඒ මෙසේය.

ජීවක විසින් භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයේ දොස්‌ කිපී සිටි අවධියක, භාග්‍යවතුන් වහන්සේට තිස්‌ වසරක විරේකය සඳහා බෙහෙත් ප්‍රතිකාර කර ඇත. එක්‌ එක්‌වර විරේක ප්‍රතිකාර බේත් ගැනීමෙන් පසු උණු දිය ස්‌නානය කළ යුතු බැව් සඳහන් වේ. භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය මේ ප්‍රතිකාර මාලාව මගින් ප්‍රකෘති තත්ත්වයට පත්වීමෙන් අනතුරුව සිනිඳු ආහාර ගැළපේ යෑයි ද නිගමනය කොට ඇත. අනතුරුව ගෞතමයාණන් වහන්සේගේ ශරීරය මද කාල පරිච්ඡේදයකින් අනතුරුව ප්‍රකෘති තත්ත්වයට පත් වී ඇත.

(විවරක්‌ඛන්ධකය - මහාවග්ගය.)

බුදුන් වහන්සේ වැඩ සිටි තවත් විහාරයක්‌ වූ "මද්දකුච්චි විහාරය" ජීවකාම්බ වනය නුදුරින් පිහිටි එකකි. පාපතර දෙව්දත් තෙර ගිඡ්ජකුට පර්වතයේ උඩ සිට බුදුන් වහන්සේ ඝාතනය කිරීම සඳහා මහගල් පෙරළීය. ක්‍ෂණයෙන් පොළොවෙන් මතු වූ ආධාරක කළුගල් මගින් බුදු සිරුරට රක්‍ෂාවරණය සලසන ලදී. එහෙත් මේ අවස්‌ථාවේදී කැඩී ගිය ගල් පතුරක්‌ වැදීමෙන් බුදු සිරුරට වේදනාවක්‌ ඇති වුණු අතර උන්වහන්සේට පියනගා ගමන් කිරීමට පවා දුෂ්කර විය. එහිදී භික්‍ෂුන් වහන්සේ මේ ස්‌ථානයට පැමිණ මCඳචසිවිකාවක බුදුන් වහන්සේ හොවා වඩා හිඳුවා - මද්දකුච්ච විහාරයට ඔසවා වැඩම කරවා ගෙනආ අතර, එතැන් සිට ජීවකාම්බ වනයේ උන්වහන්සේ වැඩ සිටින ගන්ධකුටියට නැවත ඔසව ගෙන එන ලද්දේය. එහිදී බුදුන් වහන්සේට ප්‍රතිකාර කරලීමට කැඳවන ලද්දේ උන්වහන්සේගේ ජීවක වෛද්‍යවරයාණන්ටය. ජීවක වෛද්‍ය වරයාණන්ගේ ප්‍රතිකාර මගින් සියලු ශාරීරික අපහසුතා දුරැලුන අතර, බුදුන් වහන්සේට නැවත ශාරීරික සුවය ළඟාවිය. පාපතර දේවදත්ත බුදුන් වහන්සේගේ ලේ සෙලවීමේ පාපකර්මය නිසා අපාගත විය.

භික්‍ෂුන් වහන්සේගේ සෞඛ්‍ය සම්පන්න බව රැකදීම සඳහා බුදුන් වහන්සේ ජීවක වෛද්‍ය වරයාණන්ගේ අනුශාසනා ඒ ආකාරයෙන්ම පිළිගත් බවත් ත්‍රිපිටකයේ සඳහන් වලින් සනාථ වේ. රස බොජුන් වළ¹ ශරීරයට නිසි ව්‍යායාම් නොලැබ වාසය කිරීමෙන් භික්‍ෂු සංඝයා වහන්සේ ශරීරික රෝගාබාධයනට ගොදුරු වන බව පළමුවෙන් ම පෙන්වා දී ඇත්තේ ජීවක වෛද්‍යතුමන්ය. ශාරීරික සෞඛ්‍ය රැකෙන ආකාරයෙන් සක්‌මන් භාවනාවෙහි යෙදීම, ආරණ්‍ය - සංඝාවාස - නිවහන, ගෙවත්ත නිසි ලෙස අතුපතු ගා පිරිසිදු කිරීම ආදී ක්‍රියාවන්හි භික්‍ෂු - භික්‍ෂුණිය නිරතවීම සුදුසු බව බුදුන් වහන්සේ ඒ අනුව සසුන දැනුවත් කර ඇත.

ජීවක, තුන්ලෝකාග්‍ර ශාන්ති නායක බුදුරදුන්ගේ වෛද්‍යවරයා බවට පත්වීමට තරම් වූ කුසල කර්මයන්ගෙන් පිරුණු මහෝත්තමයකු විය. මහණෙනි, යම් කෙනෙක්‌ මට උවටැන් කරන්නේ නම් ඔහු විසින් ගිලනුන්ට උපස්‌ථාන කළ යුතු යෑයි වදාළහ. (මහාවග්ගපාලි) ජීවක වෛද්‍යවරයා තමන් හරිහම්බු කරගත් කෝටි ගණන් ධනය බුද්ධ ශාසනික කටයුතුවලට නිර්ලෝභීව පිsරිනැමූ අතර, අන්‍යාගමික බැතිමතුනට වෙනසක්‌ නැතිව ධන පරිත්‍යාග කර ඇත.

ජීවක වෛද්‍යවරයා සිය දිවියෙහි අවසාන කාලයෙහි බුදු සසුනෙහි පැවිදි වුනු අතර මාර්ගඵල ලැබූ ප්‍රසන්න පුද්ගලයන් අතර ප්‍රධාන තැන ජීවකට හිමිවිය යුතුම යෑයි බුදුන් වහන්සේ දේශනා කළ සේක. (අංගුත්තර නිකාය)

භාර්හුට්‌ ස්‌ථූපයෙහි ඇති 'භාර්හුට්‌ කැටයමක' ජීවක අඹ වනයෙහි මණ්‌ඩමාල නම් වූ නිසීදක ශාලාව විදහා පෙන්වා දක්‌වා ඇත. ජීවක අඹ වනයෙහි ගොඩනැඟිලි සංකීර්ණය එදවස බුදුන් වැඩ සිටි කාලයෙහි ව්‍යාප්තව ඉදිවී තිබිණ. මේ සංකීර්ණයේ චතුරස්‍රාකාර ගොඩනැඟිලි නටබුන් හමු වී ඇත. ඒ අතර භාජන, පාත්‍ර, දීසි, කෝප්ප ආදී උපකරණ රාශියක නටබුන් ද ඉන්දීය පුරාවිද්‍යාඥයන් සොයා ගෙන ඇත.

තථාගතයන් වහන්සේ ලෝවැසියන්ගේ දුක්‌ කම්කටොලුවලට වෙදකම් කළ මහා වෙදාණන් 'භෙසඡ්ජගුරු' ලෙස අංගුත්තර නිකායේ සඳහන් වේ.

ආචාර්ය සිරි නිස්‌සංක පෙරේරා


Monday, September 8, 2014

මෙත් වැඩීමේ අනුසස්

මෙත් වැඩීමේ අනුසස්

කොල්ලුපිටියේ වාලුකාරාමවාසි
ගෞරව ශාස්ත්‍රවේදී
සියඹලාගොඩ ධම්මින්ද හිමි
මෛත්‍රී වඩන්නන් තමා විසින් තමා රැකෙනවාට අමතරව දෙවියන් විසින් පවා ආරක්‍ෂා කරනු ලැබෙයි. ඊට හේතුව වන්නේ ධර්මානුකූල පැවැත්මයි. මෙත් වැඩීමෙන් ලැබෙන සයවැනි ප්‍රතිලාභය මෙයයි. සක්ක සංයුක්තයේදි සක්දෙවිඳු මිනිසුන්ට වන්දනා කරන්නේ ඔවුන්ගේ යහපැවැත්ම නිසාවෙනි.
සියලු සත්වයනට එක හා සමානව මෙත් වැඩීම හෙවත් මිතුරුකම පැතිරවීම මහා අනුසස් සපිරි පිනකි. බුද්ධචරිතය පුරාත් බෝධි සත්ව අවධියෙත් අප ශාස්තෘන් වහන්සේ තුළ පැවැති ප්‍රබල ගුණයක් වන්නේ මෛත්‍රීයයි.
සමස්ත බෞද්ධ දර්ශනය තුළ මෙන්ම ධර්ම ව්‍යාප්තියේද පදනම වූයේ මෙම මෛත්‍රි ගුණයයි. මෙත් වැඩීමේ අනුසස් දැක්වෙන බොහෝ සූත්‍ර දේශනා දැක්විය හැකිය. ඒ අතර මෙත්තානිසංස සූත්‍රය ප්‍රධානය. අංගුත්තර නිකායේ ඒකාදසක නිපාතයේ හා අට්ඨක නිපාතයේ වශයෙන් මෙත්තානිසංස සූත්‍ර දෙකකි. පිරිත් පොත්වහන්සේ තුළ මෙය ආශිර්වාදාත්මක දේශනාවක් ලෙස භාවිත වේ. මෙත් වැඩීම නිසා ලැබිය හැකි ආනිශංස එකොළහක් ඒකාදසක නිපාතයේ එන මෙත්තානිසංස සූත්‍රයෙන් පැහැදිලි වේ.
මෛත්‍රියෙහි ආනිශංස නොමඳව ලැබීමට නම් කෙසේ මෙත් වැඩිය යුතුද යන්න මෙහි පැහැදිලිව දක්වා ඇත. එනම් ආසේවිතාය, භාවිතාය, බහුලීකතාය, යානිකතාය, වත්ථුකතාය, අනුට්ඨිතාය,පරිචිතාය, සුසමාරද්ධාය වශයෙනි. ආදරයෙන් ආශ්‍රය කරමින් නැවත නැවත වඩමින්, යානාවක් සේ ගෙන, වස්තුවක් සේ රැකබලා ගනිමින්, එළැඹ සිටි සිහියෙන් යුතුව, මනාව ආරම්භ කර පුරුදු කරන ලදුව, තම දෛනික අවශ්‍යතාවක් ලෙස සලකමින් මෙත් වැඩීම සිදුකළ යුතුය.
එසේ මෙත් වඩන්නන්ට පෙර සඳහන් කළ අනුසස් එකොළහ නොඅඩුව ලද හැකිය.මෛත්‍රිය වචනයට පමණක් සීමා කරන්නන්ට අනුසස් ලැබිය නොහැකි අතර එය තමා විසින් තමාම රවටා ගනු ලැබීමකි. මෙත්තානිසංස සූත්‍රය සජ්ඣායනා කරවා ගනිමින් පිරිත් පැන් ටිකක් පානය කර පිරිත් නූලක් බැඳ ගන්නවාට වඩා මෙය ප්‍රායෝගිකව පුරුදු කළ හැකි නම් ඉන් ලැබිය හැකි ආනිශංස ඉතා මහත්ය.
මෙත් වැඩීමෙහි පළමුවැනි ආනිශංසය සැපනින්දයි (සුඛංසුපති). ද්වේෂයෙන් යුත් තැනැත්තා දහවල් දවසේම ඒ වෙනුවෙන් සිත, කය වෙහෙසවනවා පමණක් නොව රාත්‍රියෙහි නින්දට පැමිණි පසුද බොහෝ වේලා ඒ ගැන සිතයි. මධ්‍යම රාත්‍රිය දක්වාම එවන් අයට නින්ද නොයෙන්නේ අයහපත් ක්ලේෂ ධර්මයන්ගෙන් සිත බරව පවතින නිසාවෙනි. සැපවත් නින්දක් බලාපොරොත්තු වන්නන් මානසික නිරවුල්භාවය ඇති කරගත යුතුය. මානසික සැහැල්ලුව හීන වීම තුළ සැප නින්දක් අත් නොවේ. එහෙත් මෛත්‍රියෙන් යුක්ත වූවන්ට මනා නින්දක් ලද හැකිය.
සැප නින්දක් ලැබූවන්ට යහපත් පිබිදීමක් ලැබේ. (සුඛං පටිබුජ්ඣති) එය දෙවැනි ආනිශංසයයි. ද්වේෂයෙන්, වෛරයෙන් නින්දට යන්නාට නින්ද නිසියාකාරව නොලැබෙන නිසා උදෑසන පිබිදීම ප්‍රබීධයට හේතුවක් නොවේ.මෛති‍්‍රය වඩන්නන්ට එසේ නොව යහපත් කායික මානසික සැහැල්ලුවකින් යුතුව පිබිදිය හැකිය.
එසේම සිත් අමනාපකම් සහිතව අයහපත් ක්ලේෂධර්මයන්ගෙන් සිත පුරවාගෙන නින්දට යන්නන්ට නරක නපුරු සිහින පෙනේ.එසේ වුවත් මෛත්‍රී සහගතව සිටින්නන්ට එසේ නරක සිහින නොපෙනේ. (න පාපකං සුපිනං පස්සති) නරක, නපුරු සිහින යනු යටිසිතේ තැන්පත්ව ඇති නොවිසැඳුණු අයහපත් සිතුවිලිය. එවිට නින්දේදී පවා ගහ බැණ ගැනීමට යෑම සාමාන්‍යයයි. එවිට සුවබර නින්දක් කොයින්ද?
කෙනකු තවකෙනකුට පි‍්‍රයවීම අතිවිශාල ලාභයකි. මෙත් වඩන්නන්ට ලැබෙන සිව්වන ප්‍රතිලාභය වන්නේ මිනිසුන්ට පි‍්‍රයවීමයි. (මනුස්සානං පියෝ හෝති) බොහෝ දෙනෙකු තව කෙනෙකුට පි‍්‍රයවීම සඳහා කෙතරම් දේ කරන්නේද? යන්ත්‍ර පැළැදීමේ සිට මන්ත්‍ර ගුරුකම් කිරීම ආදි බොහෝ ක්‍රම භාවිත කරන්නේද ඉහත කාරණාව සාධනය කර ගැනීම සදහාය. මේ කිසිවකින් තොරව මෛත්‍රියෙන් එය සිදු කළ හැකිය. එනම් මෛත්‍රි සහගත සිතුවිලි තුළින් ලේ ධාතුව පිරිසුදු වන අතර පිරිසුදු ලේ ධාතුව නිසා ඉන්ද්‍රිය ප්‍රසන්න භාවය ඇතිවේ. ද්වේෂය, වෛරය නිසා රුධිරය අපිරිසුදු වීම තුළින් මිනිස් සිරුර අප්‍රසන්න බවට පත්වේ. සසර දී පවා මෙය පුරුද්දක් වශයෙන් ගමන් කළ හැකිය.මජ්ඣිම නිකායේ චුල්ලකම්ම විභංග සූත්‍රයේ දී තෝදෙය්‍ය බමුණාට ඒ බව බුදු හිමියෝ දේශනා කළහ. ප්‍රසන්නවීම හෝ අප්‍රසන්නවීම තීරණය වන්නේ චේතනාවන්හි පවතින මෛත්‍රි සහගත බව හෝ වෛර සහගත බව තුළිනි.
මිනිසුන්ට පමණක් නොව මෛත්‍රි වඩන්නා අමනුෂ්‍යයන්ටද පි‍්‍රයවෙයි. (අමනුස්සානං පියෝ හෝති)භික්‍ෂූන් වහන්සේට කරණීය මෙත්ත සූත්‍රය උගන්වා භාවනා සඳහා යොමු කළේද ඒ නිසාවෙනි. භූතාවා සම්භවේසීවාලෙස එහි දැක්වෙන්නේ භූත අදෘශ්‍යමාන පිරිස් වෙතද මෙත් සිත් පැතිරවීමේ වැදගත් බවයි. මෛත්‍රි ගුණය නිසා ඇතිවන පස්වැනි සැපය මෙසේ අමනුෂ්‍ය කොටස්වලට පවා පි‍්‍රයශීලි වීමයි.
මෛත්‍රී වඩන්නන් තමා විසින් තමා රැකෙනවාට අමතරව දෙවියන් විසින් පවා ආරක්‍ෂා කරනු ලැබෙයි (දේවතාරක්ඛන්ති) .ඊට හේතුව වන්නේ ධර්මානුකූල පැවැත්මයි.මෙත් වැඩීමෙන් ලැබෙන සයවැනි ප්‍රතිලාභය මෙයයි.
සක්ක සංයුක්තයේදි සක්දෙවිඳු මිනිසුන්ට වන්දනා කරන්නේ ඔවුන්ගේ යහපැවැත්ම නිසාවෙනි. එහෙයින් දෙවියන්ගේ ආශිර්වාද ලබාගැනීමට පුද පඬුරු පුදා යාඥා කළ යුතු නොවේ. මෛත්‍රි සහගත කාය, වචී, මනෝ කර්ම තුළින් එය සිදු කරගත හැකිය. ගහට්ඨවන්දනා සූත්‍රයේදි ඒ බව මෙසේ දක්වා ඇත.
යේගහට්ඨා පුඤ්ඤකරා
සීලවන්තෝ උපාසකා
ධම්මේන ධාරං පෝසෙන්ති
තේ නමස්සාමි මාතලී
ස්වභාවිකව ඇතිවන විපත්වලින් පවා ආරක්‍ෂා වීමට ඇති හොඳම ආරක්‍ෂක විධි විධානය මෛත්‍රියයි. මෙත් වැඩීම නිසා වස විස, ගිනි ආදි උපද්‍රව වලින් ආරක්‍ෂාවේ. (නාස්ස අග්ගි වා විසංවා සත්ථංවා කමති) මෙය සත්වැනි ආනිශංසයයි. උත්තරා උපාසිකාව මෙන් ගිනිවලින් ආරක්‍ෂාවීමටත්, චූලසීව තෙරුන්ට මෙන් විස නොකැවීමටත්, සංකිච්ච තෙරුන්ට මෙන් හීයෙන් හානි නොවීමටත් මෛත්‍රිය හේතුවන බව විශුද්ධිමග්ගය පෙන්වාදෙයි. නාලාගිරි හස්තියා බුදුරදුන් ඉදිරියෙහි දණ නැමුවේ උන්වහන්සේගේ අප්‍රමාණ මෛත්‍රි ගුණ බලය නිසාය.
චිත්ත සමාධිය (තුවටං චිත්තං සමාධියති) ඇතිකර ගැනීම සඳහා මෛත්‍රිය හේතුවන අතර මෙත් වැඩීමේ අටවැනි අනුසස මෙයයි.
චිත්ත ඒකාග්‍රතාව ඇතිවීමට ප්‍රමුඛතම පිටිබලය මෙම මෛත්‍රී ගුණය ප්‍රගුණ කිරීමයි. සිල්වත් වූ පුද්ගලයා ඊළඟට පැමිණෙන්නේ සමාධියටයි. සමාධියෙන් තොරව ප්‍රඥාව ලද නොහැකිය. එහෙයින් දෙලොව යහපත සඳහා සිත සමාධිගතවීම අත්‍යවශ්‍යය.
මේ ලෝකයෙහි කෙනෙකු පැහැදෙන ආකාර සතරක් ධර්මය පෙන්වා දෙයි. එහි ප්‍රධාන ආකාරය රූපපසන්නබවයි. මෙත් වඩන්නාට පැහැපත් මුහුණක් ලද හැකිය. (මුඛවණ්ණෝ විප්පසීදති) මෙත්තානිසංස සූත්‍රයෙහි විස්තර වන නව වැනි ප්‍රතිලාභය මෙයයි. ආලේප ආදිය තුළින් සිද්ධවන්නේ සමේ පැහැයෙහි වෙනසක් වීම පමණි. එය ප්‍රසන්න බව ලෙස වටහානොගත යුතුය. ද්වේෂයෙන්, වෛරයෙන් පෙළෙන්නාගේ අයහපත් බව ඔහුගේ මුවින් පෙනෙන්නේ ප්‍රසන්න බව අතුරුදන් වීම නිසාවෙනි.
නිවන් ලබනතුරුම සත්වයා ඉපදෙමින් මැරෙමින් සසරෙහි ගමන් කරයි. භවයක චුති සිතෙන් අනතුරුව ඊළඟ භවයේ ප්‍රතිසන්ධි සිත පහළවේ. එබැවින් ජීවිතයක අවසාන මොහොත නොමුළා සිහියෙන් යුතුව ගතකිරීම මහත් ලාභයකි. එය සැමටම ලැබෙන භාග්‍යයක් නොවේ. එසේ වුවත් මෛත්‍රි සහගතව ජීවත් වූවන්ට ලැබෙන දස වැනි ආනිශංසය නොමුළාව කලුරිය කිරීමයි. (අසම්මූල්හෝ කාලං කරෝති) මෙය මහත් ප්‍රතිලාභයක් වන්නේ භව නිරෝධයට යන ගමනේදි උපදින උපදින භවයක් පාසා සුගතිගාමීව, සමෘද්ධිමත්ව ජීවත්වීමට හැකිවීම නිසාය. කෙනකු මරණ මඤ්චකයේදි සිහිමුළා වීමට තමන් ජීවත්ව සිටින කාලය තුළ කරන ලද අයහපත් ක්‍රියා හා සිතන ලද අයහපත් සිතුවිලි මතකයට නැඟීමත් හේතු විය හැකිය.
මෙත් වඩමින් ජීවත්වන්නන්ට ඉහත කාරණා දහය මෙලොව තමාටම ප්‍රත්‍යක්ෂ කරගත හැකි අතර මේ ජීවිතයේදි රහත් බෝධියට පත්විය නොහැකි වුවහොත් මරණෙන් මතු බඹලොව ඉපදීමට මෛත්‍රිය බොහෝ සේ දියණු කර තිබීම මහත් පිටිවහලකි. (උත්තරීං අප්පටිවිජ්ජන්තෝ බ්‍රහ්මලෝකූපගෝ හෝති) එය මෙත් වැඩීමේ එකොළොස්වැනි ආනිශංසයයි. මෙයින් අදහස් වන්නේ මෛත්‍රිය නිසා අවසාන වශයෙන් නිවනද ඉන් මෙහා තිබෙන කායික, අධ්‍යාත්මික සුවයද නොඅඩුව ලද හැකි බවයි.
සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්ථා!
සියලු සත්වයෝ සුවපත් වෙත්වා!


Sunday, September 7, 2014

මුසා බස් නොපැවසීමේ ආනිශංස

මුසා බස් නොපැවසීමේ ආනිශංස

අතිශයින් ප්‍රසන්න ඉදුරන් ඇත්තෙකු වීම
මනා මිහිරි කටහඩක් ඇත්තෙකු වීම
සමානව පිහිටි සුදු දත් දෙපලක් ඇත්තෙකු වීම
අශෝභන වූ මහත් ශරීර නොලබන්නෙකු වීම
අශෝභන වූ මිටි ශරීර නොලබන්නෙකු වීම
අශෝභන වූ උස ශරීර නොලබන්නෙකු වීම
සැප ස්පර්ශ ඇත්තෙකු වීම
දුගද නැති මල් සුවදැති මුඛයක් ඇත්තෙකු වීම
සුවච කීකරු පරිවාර ජනයා ඇති බව
විශ්වාස කළයුතු වචන ඇත්තෙකු වීම
නෙඵම් පෙත්තක් බුදු වූ මෘදු වූ රත්පැහැ දිවක් ලබන්නෙකු වීම
උඩගු නොවන බව
චපල අදහස්,ක්‍රියා නැත්තෙකු වීම
අනෙක් සිල්පද වලිනුත් ලැබෙන ආනිසංස කියවන්න
සත්ව ඝාතනයෙන් වැලකී සිටීමෙන් ලැබෙන ආනිශංස
ආරෝහ පිරිනාහ සම්පත්තියෙන් යුක්ත වීම
ජව සම්පත්තියෙන් යුක්ත වීම
මනාව පිහිටන පියවර ඇත්තෙකු වීම
රන්වන්පාට සිරුරක් ඇත්තෙකු වීම
මුදු මොළොක් සිරුරක් ලැබීම
පිරිසිදු පැවතුම් ඇති ඇත්තෙකු වීම
සූර වීර ගති ඇත්තෙකු වීම
මහා බලවන්තයෙකු වීම
නොපැකිල කිවහැකි වචන ඇත්තෙකු වීම
කාටත් ප්‍රිය මනාප පුද්ගලයෙකු වීම
පහ කළ දොස් ඇත්තෙකු වීම
කෙනෙකුට බිදවිය නොහැකි පරිවාර සම්පත්තියක් ලැබීම
තැති නොගත් කෙනෙකු වීම
විනාශ නොකළ හැකි උතුමෙකු වීම
පර උපක්‍රමවලින් අකල් මරණයට පත් නොවීම
අනන්ත වූ පරිවාර සම්පත් ඇති බව
සුරූපී පුද්ගලයෙකු වීම
මනා සටහන් ඇත්තෙකු වීම
අල්ප ආබාධ ඇත්තෙකු වීම
‍ශෝක නොකරන්නෙකු වීම
ප්‍රියයන්ගෙන් වෙන්වන්නට සිදු නොවීම
දීර්ඝායුෂ ලැබීම
මනාව පිහිටි අග පසග ඇත්තෙකු වීම
අදත්තාදානයෙන් වැළකීමෙන් ලැබෙන ආනිශංස
මහා ධනවතෙකු වීම
බොහෝ ධන ධාන්‍ය ලබන්නෙකු වීම
අනන්ත භෝග සම්පත් ඇත්තෙකු වීම
නූපන් වස්තු උපදවීමට පුණ්‍ය ශක්තිය ඇත්තෙකු වීම
ඇත්තා වූ භෝග රැකගැනීමේ වාසනාව
කැමති වස්තූන් වහා ලබන්නෙකු වීම
රාජ,සොර,ගිනි,ජල ආදියෙන් විනාශ කල නොහැකි වස්තුව ඇති වීම
සාධාරණ ධන වාසනා ඇත්තෙකු වීම
ලෝකයේ උත්තමයෙකු බවට පත්වීම
නැත යන වචනය දන්නෙකුවත් නොවීම
සැප විහරණ ඇත්තෙකු වීම
කාමයෙහි වරදවා නොහැසිරීමෙන් ලැබෙන ආනිශංස
සතුරන් නැත්තෙකු වීම
සියලු ජනතාවටම ප්‍රිය කරන්නෙකු වීම
ආහාර පානාදී සියල්ල අඩුවක් නැතිව ලැබීමේ භාග්‍ය ඇත්තෙකු වීම
සැපසේ නින්ද යාම
සැපසේ පිබිදීම
අපාය භය නැත්තෙකු වීම
නපුංසක,උභතෝ,ඛ්‍යඤ් ජනක තත්ව වලට පත් නොවීම
ක්‍රෝධය අඩු පුද්ගලයෙකු වීම
ඒ ඒ දෙය පරික්ෂෘ කොට කරන්නෙකු වීම
කර නොබාගත් කෙනෙකු වීම (කුදු නොවීම)
සැක බිය නිසා බිම බලාගෙන නොසිටින්නෙකු වීම
ඔවුනොවුන්ට ප්‍රිය මනාප අඹුසැමියන් ලැබීම
පිරිපුන් ඉදුරන් ඇති බව
පිරිපුන් ලක්ෂණ ඇති බව
සැක නැති පුද්ගලයෙකු වීම
මහන්සි නොවී ධනය ලැබීමේ භාග්‍ය ඇතිවීම
සැප විහරණ ඇත්තෙකු වීම
කිසි තැනක කුමකටවත් බිය නොවන්නෙකු වීම
ප්‍රියයන්ගෙන් වෙන් නොවන්නෙකු වීම
මත්ද්‍රව්‍ය ගැනීමෙන් වැළකීමෙන් ලැබෙන ආනිශංස
යම් කල්හි කරන යම් කටයුත්තක් වේද එය වහා වැටහෙන බව
සෑම කල්හිම එලඹ සිටි සිහි ඇත්තෙකු වීම
උම්මත්තක නොවී ඉපදීම
ඥානවන්තයෙකු වීම
අලස නොවීම
නොහික්මුණු ක්‍රියා නොකිරීම
කෙළතොලු නොවීම
තරුණ මදයෙන් ආදී මත්වුණු ස්වභාවයක් නැති බව
අප්‍රමාදී විහරණ ඇත්තෙකු වීම
මෝහයෙන් මුලාවී කටයුතු කරන්නෙකු නොවීම
තැති ගැනීම් නැත්තෙකු වීම
එකට එක නොකිරීම
ඊර්ෂියා නොකරන බව
සත්‍ය වචන කතාකරන්නෙකු වීම
කේළාම්,පරුෂ,හිස්, වචන කථාකරන්නෙකු නොවීම
අලස බවින් තොරව කටයුතු කරන්නෙකු වීම
කළගුණ දන්නෙකු වීම
කළ උපකාරයට ප්‍රති උපකාර දක්වන්නෙකු වීම
මසුරු මල ධර්ම නැත්තෙකු වීම
ත්‍යාගවන්තයෙකු වීම
මහා සිල්වතෙකු වීම
ඍජු ගති පැවතුම් ඇත්තෙකු වීම
ක්‍රෝධ නොකරන සත්පුරුෂයෙකු වීම
පව් කිරීමට ලැජ්ජා ඇති ගුණවත් අයෙකු වීම
පව් කිරීමට බිය ඇත්තෙකු වීම
ඍජු අදහස් ඇත්තෙකු වීම
මහා ප්‍රඥාවන්තයෙකු වීම
මහා චිත්ත ශක්තියක් ඇති නුවණැත්තෙකු වීම
දාර්ශනික අදහස් ඇති පණ්ඩිතයෙකු වීම



Path to Nirvana - නිවන් මාර්ගය

Saturday, September 6, 2014

Bhuddha Deshanwa


අටමහා කුසල් Atamaha Kusal

අටමහා කුසල්


අටමහා කුසල් යන නමින් විශේෂ පින්කම් අටක් පිළිබඳව ඉගැන්වේ.
එම අටමහා කුසල් දැක්වෙන ගාථාව මෙසේය.
"
කඨිනං ච පරික්ඛාරං - වාස දානංච උත්තමං
බුද්ධප්පමුඛසංඝස්ස - දානං ධම්මස්ස ලේඛනං
ඛෙත්ත දානංච සංඝස්ස - පටිමා කරණං පි ච
කරණං වච්ච කුටියා - අට්ඨ පුඤ්ඤානි වුච්චරේ 
මෙහි දැක්වෙන අටමහා කුසල් මෙසේය.
1.කඨින සිවුරක් පූජා කිරීම
2.
අටපිරිකර පූජාකිරීම
3.
ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම
4.
බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.
5.
බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම දහම් පොත්පත් මුද්රණය කරදීම බෙදා හැරීම.
6.
සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම
7.
බුදු පිළිම සෑදවීම, චෛත්ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම
8.
වැසිකිළි තනවා සඟසතු කර පිදීම.
යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ.
මේ පිංකම් අට අනෙක් පිංකම් වලට වඩා සුවිශේෂී වන්නේ විශේෂ හේතුවක් ඇති බැවිනි. අකුසල් සිත් යටපත් කර කුසල් සිත් උපදවා ගෙන මෙම අටමහා කුසල් කරන අයහට සසර තමා විසින් මව මැරීම ආදී පංචානන්තරීය අකුසල් සිදුකර නොමැති අයට වෙනත් යම් යම් අකුසල් දැන හෝ නොදැන කර තිබුණහොත් ඒවා තාවකාලිකව යටපත් කොට අකුසලයේ විපාකය විඳීන්නට නොදී අටමහා කුසලයක් ඉදිරිපත්වී එයින් සැප විපාක ලබාදීමට සමත් වන බව දහමෙහි දැක්වේ.
තවද අකුසලවිපාක සම්පූර්ණයෙන්ම අහෝසිවුවායි නොසිතිය යුතුවේ. මේ හේතුව නිසා අටමහා කුසලයන් සිදු කරගැනීමට බොහෝදෙනා උනන්දුවෙති.
එසේම මෙම පිංකම් සිදුකිරීම තුළින් පරියාප්ති, ප්රතිපත්ති, හා ප්රතිවේද යන ත්රිවිධ ශාසනයේ චිරස්ථිතියටද විශේෂයෙන් මේ කාරණය හේතුවන බවද කිවයුතු වේ. මේ පිංකම් අනාගත ශාසනයේ උන්නතිය බලාම හඳුන්වා දී ඇති බව සිතිය හැකිය. 
බොදු ජනතාවගේ ලෞකික හා ලෝකෝත්තර අභිවෘද්ධිය සළසා ගැනීමටත් මෙම අටමහා කුසලයන් හේතුවන බව ත්රිපිටකයේ සඳහන් විවිධ පිංකම්වල අනුසස් ප්රකාශකරන තැන්වල දක්නට ඇත. එහෙයින් අටමහා කුසලයන් සිදුකර ගැනීමට හොඳම කාල පරිච්ඡේදය වන්නේ මේ චීවර මාසය බව සඳහන් කළ හැකිවේ. 
අතීතයේ විසූ බොහෝ සැදැහැවත්හු මේ පුණ්යකාලය තුළ මේ අටමහා කුසලයන් සිදුකරගෙන පිංසිදු කරගත් ප්රවෘත්ති විවිධ කතා පුවත් මගින් දැනගන්නට ලැබී ඇත. 2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරන මේ මොහොතේ මේ පිළිබඳව සැමදෙනාගේ අවධානය විශේෂයෙන්ම යොමුවේවා.
කඨින චීවර පූජාව:-
අටමහා කුසල් අතර පළමු වැන්න වන්නේ කඨින චීවර පූජාව වේ. මෙම පිංකම සිදුකළ හැක්කේ වසරකට එක්වරක් පමණි. අනෙකුත් පිංකම් වසරේ ඕනෑම වේලාවක ඕනෑම ස්ථානයක සිදුකළහැකිවේ. නමුත් කඨින චීවර පූජාවක් එසේ සිදුකළ නොහැකිය. ඒ සඳහා කරුණු රාශියක් සම්පූර්ණ වීම අවශ්ය වේ. විශේෂයෙන් උපසම්පදා භික්ෂූන් වහන්සේලා ලොව වැඩසිටින තාක්කල් පමණක් කළහැකි පිංකමකි.
උපසපන් භික්ෂූන් වහන්සේලා ඇසළ පොහෝදින පොහොය කිරීම නම් වූ විනය කර්මය සිදු කොට ඇසළ අව පෑළවිය දින වස් විසීමට සුදුසු ස්ථානයක පෙරවස් සමාදන් විය යුතු වේ. මේ වස්තුන් ව මාසය මුළුල්ලේම ඒ සමාදන් වූ වස් ශික්ෂා පදය කඩනොකොට වස්සච්ඡෙදනයකට නොපැමිණ එය ආරක්ෂා කරගත යුතුවේ. 
අනතුරුව වප් පුරපසළොස්වක් පොහෝ දින මහා පවාරණයෙන් වස් පවාරණය කළයුතුවේ. ඉන්පසු වප් අව පෑළවිය දින සිට ඉල් පුරපසළොස්වක් පොහෝදින වන මාසයක කාලයක් තුළ මෙම කඨින චීවර පූජාව සිදුකළයුතු වේ. එය චීවර මාසය නමින් හැඳින්වේ. මේ කාලය බෞද්ධයාගේ පුණ්ය කාලය වශයෙන් සඳහන් කිරීම නිවැරදි වේ.
අවම වශයෙන් කඨින චීවරයක් පූජාකර ගැනීමට උපසම්පදා භික්ෂූන් වහන්සේලා පස් නමක්වත් මෙයට සම්බන්ධ කරගතයුතු වේ. කඨින වස්ත්රය පූජා කරණ දිනයේ අරුණ නැගෙන්නට පළමුව කඨින වස්ත්රය විහාරස්ථානයට ගෙනවිත් මහා සංඝයාට බාරදිය යුතු වේ. එසේ කළයුත්තේ එදිනම එම වස්ත්රය කඩ කපා මසා පඬු පොවාගෙන එදවස තුළම කඨින චීවරයක් වශයෙන් පූජාකළයුතු බැවිනි. විනය කර්මයක් මගින් එම චීවරය සුදුසු භික්ෂූන් වහන්සේ නමකට පැවරීම මහා සංඝරත්නය අතින් සිදුකෙරේ.
විනය කර්මයකින් පවරණ එකම චීවරය වන්නේ කඨින චීවරය වේ. මේ ආකාරයේ කරුණු රාශියක් සම්පූර්ණ වීමෙන්ම මෙම කඨින චීවර පූජාව සිදුකරගතයුතුවේ.
සියලුම ආමිස දාන අතරින් කඨින චීවර පූජාමය පිංකම උතුම්ම දානය වේ. කඨින යන වචනයේ අර්ථ රාශියක් ව්යවහාරයේ පවතී. තද නිසාද ස්ථිර නිසාද කම්පාකළ නොහැකි අනුසස් ඇති නිසාද කඨින යන නාමය භාවිතා කරණ බව පහත දැක්වෙන ගාථාවෙන් ඒ බව පැහැදිළි වේ.
පඨවි රිව න ජාතු කම්පතෙ - නචලකි මේරු රිවාති වායුනා
වජිර මිව න හිජ්ජතේ ඝණං - තමිද මතො කඨිනන්ති වුච්චතියන මේ ගාථාවේ අදහසට අනුව මහ පොළව මෙන් කම්පා නොවන මහමෙරමෙන් සුළඟින් නොසෙල්වෙන ඒකඝන වූ වජ්ර පර්වතයක් මෙන් නොබිෙඳන හෙයින් කඨිනය යන වචනය ව්යවහාර කෙරේ යනු ඉහත ගාථාවේ අදහස වේ. මේ අනුව කඨිනය යනු ඉතා බල සම්පන්න පිංකමකි. කඨින චීවරය ලබාගන්නා භික්ෂූන් වහන්සේටත් විශේෂ වරප්රසාද නැතහොත් අනුසස් පහක් හිමි වේ. කඨිනය පූජා කරණ පිංවතුන්ටත් මහත් වූ අනුසස් රාශියක් හිමි වේ.
උත්තම පුරුෂයෙක් වශයෙන් උපත ලැබීමටත් සියලු යසඉසුරින් පිරි දෙවියෙක් හෝ මනුෂ්යයෙක් වශයෙන් ඉපදීමටත් උසස් කුලවලම උපත ලැබීමටත් ධනවත්ව ඉපදීමටත් කාටත් ප්රිය මනාප පුද්ගලයෙක්ව සමාජයේ ජීවත් වීමටත් සක්විති රාජ්ය ලබා ගැනීමටත් තේජස් හා කීර්තිමත් ව ජීවත් වීමටත් එසේම දුගතියක සතර අපායාදී දුක්ඛිත ස්ථානයක නො ඉපදීමටත් කඨින චීවර පූජාවෙන් ලැබෙන අනුසස් වලින් කීපයකි.
කඨින චීවර පූජාවේ අනර්ඝත්වය ප්රකාශවන ගාථාවක අදහස විමසා බැලීම මෙහි වටිනාකම තේරුම් ගැනීමට හොඳ සාධකයෙකි. පිරිසිදු දඹ රත්තරන් වලින් අකනිට්ඨක බ්රහ්ම ලෝකය දක්වා උසට සෑයක් සාදවා පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස කඨින චීවරයක් පූජා කිරීමේ කුසලයේ දහසයෙන් පංගුවක් වත් නොවන බව දැක්වේ. එසේම මහමෙර උසට තුන් සිවුරු පූජා කළත් ඒ කරණ පූජාව එක් කඨින චීවර පූජාවකින් ලබන ආනිසංසයෙන් දහසයෙන් පංගුවක් වත් නොවන බව දැක්වේ.
මෙම චීවරය මැසීමට ගසන එක් ඉඳීකටු පහරකට සක්විති රජව ඉපදීමට තරම් හේතු සම්පත් ඇති බව ආරපථෙ ආරපථෙ චක්කවත්ති සිරි ලාභෙයන ගාථාවන්ගෙන් එබව තහවුරු වේ. මෙම පිංකමේ අනුසස් ප්රකට කරන ප්රසිද්ධ කථා ප්රවෘත්තිය වන්නේ නාගිත චරිතාපදානය වේ. අපේ රටේ අතීතයෙහි වාසය කළ රාජරාජ මහා මාත්යවරු දැඩි ඕනෑ කමකින් උනන්දුවකින් මෙම පිංකම් සඳහා දායක වී ඇති බව මහාවංශය ආදි ඉතිහාස ග්රන්ථවලින් මැනවින් තහවුරු වේ.
අට පිරිකර පූජාව :-
බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගේ ප්රයෝජනය සඳහා අනුදැන වදාළ පිරිකර අටක් අට පිරිකර නමින් හඳුන්වනු ලැබේ.
තිචීවරං ච පත්තෝච - වාසී සුචීව බන්ධනං
පරිස්සාවන අට්ඨෙතෙ - යුත් යෝගස්ස භික්ඛුනොයෝගාචර භික්ෂු නමකට උපකාරවන පිරිකර අට මෙයින් කියවේ. ඒවා නම්
01. දෙපට සිවුර (සංඝාටිය)
02.
තනිපට සිවුර (උත්තරා සංඝ)
03.
අඳනය (අන්තර වාසිකය)
04.
පටිය (කාය බන්ධනය)
05.
පාත්රය (පත්ත)
06.
කඩ කැත්ත (දැලිපිහිය වාසී)
07.
ඉඳීකටුව (සුචි)
08.
පෙරහන් කඩ (පරිස්සාවන) යනු ඒ පිරිකර අට වේ.
අට පිරිකර පූජා කිරීමට සැදැහැවත් පිංවත් උපාසක උපාසිකාවෝ මහත් අභිරුචියක් දක්වති. එයට හේතුව නම් මේ පිරිකර පූජාව තුළින් ද මහත් වූ අනුසස් ලැබෙන නිසාවෙනි. ඒ අනුසස් අතර සසර උපදනා ආත්ම භාවයන්හිදී විෂ ඝෝර සර්පයන් ගෙන් ද මැසි මදුරු ආදී සත්වයන් ගෙන් ද හානි සිදු නොවන බවත් එසේම හොරි දද වණ කුෂ්ට කඩුවේගන් පිළිකා සමාජය පිළිකුල් කරණ දරුණු රෝගී තත්ත්වයන්ගෙන් වන දුක් කරදර සිදු නොවන බවත් කණු කටු උල් ආදිය ඇණීම නිසා වන හානි වැළකෙන බවත් පණ්ඩක නපුංසක ආදී තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු නොවන බවත් දැක්වේ. දෙව් මිනිස් දෙගතියෙහි උපත ලබා සැප විඳීන්න අවස්ථාව උදාවෙන බවද දැක්වේ.
එසේම මෙම පිරිකර පූජාවේ අනුසස් වශයෙන් පිරිමි අයෙකුට නම් අන්තිම ආත්ම භාවයෙහි දී ඒහි භික්ෂූ භාවයෙන් මහණ උපසම්පදාව ලැබ සසර නිමා කිරීමට ලැබෙන බවත් කාන්තා පක්ෂයේ අයහට නම් විශාඛා මහා උපාසිකාවන්ට ලැබුණ වූ මහලිය පළඳනාව වැනි වටිනා ආභරණ ලබා ගැනීමට අවස්ථාව උදාවන බවත් ඒවාද ශාසනය වෙනුවෙන් වියදම් කොට උතුම් වූ නිවනට පත් වීමට භාග්ය උදාවන බවද සඳහන් වේ.
එසේම අෂ්ට පරිස්කාරයක් හෝ චීවරයක් පූජා නොකළ උදවියට සසර ඉහත සැප සම්පත් ලබා ගැනීමට අවස්ථාව නොලැබෙන බවත් සඳහන් වේ. අප ශාසනයෙහි ඛිප්පා හභිඥාලාභීන් අතර අගතනතුර ලැබූ බාහීය දාරුචීරිය කතා පුවත එම කරුණු සනාථකිරීමට හොඳ උදාහරණයෙකි. එහිමි මෙයට පෙර ආත්ම භාවයක අවුරුදු විසි දහසක් හොඳින් මහණ දම් සපුරා ඇති බව සඳහන් වේ. ඒ කාලය තුළ කිසිදිනෙක සිවුරක් හෝ අටපිරිකරක් කිසිවෙකුට පූජාකර හෝ පරිත්යාග කර නොමැතිබව දැක්වේ. 
ඒ හේතුව නිම එදා ගෞතම බුදුහමුවේද ඒහි භික්ෂු භාවයෙන් මහණ උපසම්පදාව ලබාගත නොහැකි වීමට හේතු වශයෙන් දැක්වේ. අවසානයේ ගවදෙනෙකගේ දරුණු ඇණීමකට ගොදුරුවී පිරිනිවී බව සඳහන් වේ. පෙර සසරේ අට පිරිකරක් හෝ චීවරයක් පූජාකර තිබුණේනම් එවැන්නක් එදා සිදු නොවන බව බුදුන්වහන්සේ දේශනා කළහ.
අප ගෞතම බුද්ධ ශාසනයේ ඒහි භික්ෂු භාවයෙන් මහණ උපසම්පදාව ලත් තෙරවරුන්ගේ ගණන විසි අට දහස් අටසිය පණහක් (28850) ක් බව සමන්ත පාසාදිකා විනය අටුවාවේ සඳහන් වේ. මේ ආදී හේතු නිසා අටපිරිකර පූජාවද අටමහා කුසල් අතර දෙවන තැන හිමිවී ඇතිබව සඳහන් වේ.
ආවාස දානය
බුදුසසුනට පළමු ආරාම පූජාව සිදුකළේ බිම්බිසාර මහරජතුමාය. එය වේළුවනාරාමය නමින් හැඳින්වේ. අනතුරුව අනේපිඬුසිටුතුමා පනස් හතර කෝටියක් ධනය වැයකර ජේතවනාරාමයත්, විශාඛා මහේසි උපාසිකා තොමෝ විසිහත් කෝටියක් ධනය වැයකර පූර්වාරාමයත් බුදුසසුනට පූජාකළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. 
එසේම ශාක්ය රජදරුවෝ නිග්රෝධාරාමයත්, පාවාරික සිටුවරයා පාවාරිකා රාමයද කොසඹෑ නුවර ඝෝෂිතාරාමය ආදී ආරාම සාදවා සසුනට පූජාකර ඇත. මේ ආකාරයට භාරතයේ විසූ රජවරු සිටුවරු මැති ඇමැතිවරු කෝටිගණන් ධනය වැයකර ඉතා රමණීය අලංකාර වෙහෙර විහාර සාදවා සසුනට පූජා කර තිබේ.
බුද්ධප්රමුඛ මහා සංඝරත්නයට අවශ්ය සියලු පහසුකම් මේ ආරාම තුළ තිබූ බව සඳහන් වේ. මජ්ඣිම නිකාය අටුවාවේ සේඛ සුත්රවර්ණනාවෙන් ආවාස දානයේ අනුසස් දක්වා ඇත. අතුසෙවිළිකළ පැලක් හෝ සෙවණ ඇති ලතා මණ්ඩපයක් හෝ පිදීමෙන් ලැබෙන ආනිසංස මෙතෙකැයි ප්රමාණකළ නොහැකි බව ශාක්ය රජදරුවන්ට බුදුරජාණන් වහන්සේ හා ආනන්ද තෙරුන් වහන්සේ දේශනාකර ඇත.
භික්ෂූන් වහන්සේලාගේ ප්රයෝජනය සඳහා අනුදැන වදාළ සිව්පස පරිභෝගයන්ගෙන් එකකි. සේනාසන පරිභෝගය භික්ෂූන් වහන්සේ නමක් සෙනසුනක් පරිභෝග කරන්නේ සිය ධන සම්පත් ආරක්ෂා කිරීමටත්වත් සොරසතුරන්ගෙන් වන උවදුරු වළක්වා ගැනීමටවත් නොවේ.
සීත උෂ්ණ පීඩා වලකනු පිණිසත් ලේ බොන මැසි මදුරුවන් ගෙන් වන පීඩා වළක්වා ගැනීමටත් අව්ව වැස්ස සුළඟ සහ සර්පාදී සතුන්ගෙන් වන පීඩා වළකනු පිණිසත් සෘතු විපර්යාසයන් ගෙන් වන උපද්රව වළකාලනු සඳහාත් භික්ෂූහු ආරාම භාවිතා කරති. 
ආරාම පූජාව තුළින් භික්ෂූන් වහන්සේලාට නිවන් මඟ යාමටත් ශාසනය සුරක්ෂිත කරගෙන යාමටත් ලැබෙන අනුබල සුළුපටු නොවේ. ගිහි ජනතාවටද ගෙවල් නැතහොත් නිවාසයෙන් ලැබෙන ප්රයෝජනය අපමණය. එය ජීවිතයක මූලිකම අවශ්යතාවයකි. එවැනි ආවාසයක් සාදවා පූජාකිරීමත් පරිත්යාග කිරීමත් තුළින් ලබන සතුට අපමණය. ලැබෙන ආනිසංසත් අපමණය.
මෙසේ ආවාස වෙහෙර පන්සල්, ගෙවල් දීම හෙවත් පරිත්යාගකිරීම, පූජාකිරීම මහා පිංකමක් වන බවත් එය අටමහා කුසල් අතර තුන්වන අටමහා කුසලය බව සඳහන් වේ. ආවාසගෙයක් පූජා කිරීම තුළින් ජනිත වන්නේ සියල්ල දීම තුළින් ලබන කුසලයක් බව මුලින් සඳහන්කළ සුත්ර පාඨයෙන් ප්රකාශ වේ. එය සසර සැප විපාක ලැබ නිවන් ලැබීමට මහෝපකාරී කුසල කර්මයක් බව සඳහන් කළහැකිය.
සංඝික දානය
අටමහා කුසලයන්ගේ සතරවන කුසලය වන්නේ සඟ සතු දානමය පුණ්ය කර්මය වේ. තමා අයිති දෙයක් වෙනත් අයෙකුට සතුටු සිතින් දීම පරිත්යාග කිරීම තම අයිතිය අත්හැර පූජා කිරීම දානය වශයෙන් සඳහන් කළහැකිය.
බුදු දහමේ දස දාන වස්තුවක් ගැන සඳහන් වේ. ආහාර පාන , ගෙවල්, වස්ත්ර, යාන වාහන, මාලා ආදී ඒ අතර වේ. නමුත් කෙනෙකුට කාලීනව අවශ්ය වන්නේ ප්රයෝජනවත් වන්නේ යම් දෙයක්ද ඒදේ දීම දානයට වස්තු වශයෙන් දැක්විය හැකිය. තමා පරිත්යාග කරන්නේ යම් දෙයක් ද ඒදේ සතුටු සිතින් ශ්රද්ධා දි ගුණ ධර්ම පෙරදැරිව කර්ම ඵල විශ්වාසයෙන් යුක්තව දීම හෙවත් පරිත්යාගය දානය වශයෙන් සඳහන් කෙරේ.
බුදු දහමේ බෞද්ධ ජනතාවට අනුගමනය කළයුතු පිංකම් රාශියක් දක්වා ඇත. ඒවා අතර ත්රිවිධ පුණ්ය ක්රියා දස පුණ්ය ක්රියා, දස පාරමිතා, දස රාජ ධර්ම, සතර සංග්රහ වස්තු ආදී ඒවා යින් කීපයකි.
මේ සෑම පිංකමකම පළමු අංකයට සඳහන් වන පුණ්ය ක්රියාව වන්නේ දානය බව පෙනේ. එයට විශේෂ ස්ථානයක් හිමිකර දී ඇත්තේ පරිත්යාගය තුළින් ආශාව, ලෝභය නැතිකරගැනීමට තෘෂ්ණාව නැතිකර ගැනීමට දීම හෙවත් පරිත්යාගය උපකාරී වන බැව් සිතා වියයුතුයි. ඒ අතරත් ආහාර දීමට පරිත්යාග කිරීමට බොහෝදෙනා උනන්දුවෙති. එයට හේතුව පුද්ගලයෙකුට ජීවත් වීමට අවශ්ය ප්රධානම දේ ආහාර වීමයි. ඒ බව සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා යන පාඨයෙන් දැක්වෙන්නේ සියලු සත්වයෝ ආහාරයෙන් ජීවත් වන බැවිනි.
මෙම දීමනාව නොයෙක් ආකාරයෙන් සිදුකෙරේ. විශේෂයෙන් පෞද්ගලිකව දීම හා සාංඝිකව දීම යනුවෙන් ප්රධාන කොටස් දෙකකි. පෞද්ගලික දාන 14 ක් දැක්වෙන අතර සඟ සතු දාන 07ක් දක්ඛිණා විභංග සූත්රයේ සඳහන් වේ.
පෞද්ගලික දාන 14 මෙසේය.
1.බුදුරජාණන් වහන්සේට දෙන දානය
2.
පසේ බුදුවරයන්ට දෙන දානය
3.
රහතන් වහන්සේලාට දෙන දානය
4.
රහත් මඟට පිළිපන් අයට දෙන දානය
5.
අනාගාමී පුද්ගලයන්ට දෙන දානය
6.
අනාගාමී මගට පිලිපන් පුද්ගලයාට දෙන දානය
7.
සකෘදාගාමී පුද්ගලයාට දෙන දානය
8.
සකෘදාගාමි මගට පිළිපන් පුද්ගලයාට දෙන දාමය
9.
සෝවාන් පුද්ගලයාට දෙන දානය
10.
සෝවාන් මගට පිළිපන් පුද්ගලයාට දෙන දානය
11.
ශාසනයෙන් බැහැර නිකෙළෙස් අයෙකුට දෙන දානය
12.
පෘථජ්ජන සිල්වතෙකුට දෙන දානය
13.
පෘථජ්ජන දුස්සීලයෙකුට දෙන දානය
14.
තිරිසන් සතෙකුට දෙන දානය යනු පුද්ගලික දාන 14 වේ.
සාංඝික දාන 07 ක් දැක්වේ ඒවා නම්
1.බුද්ධ ප්රමුඛ භක්ෂු භික්ෂුණී යන උභතො සංඝයා විෂයෙහි දෙන සඟ සතු දානය
2.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු භික්ෂු භික්ෂුණී උභය සංඝයාට දෙන දානය
3.
භික්ෂු සංඝයාට පමණක් දෙන දානය
4.
භික්ෂුණී සංඝයාට පමණක් දෙන දානය
5.
මාගේ දානයට මෙපමණ භික්ෂුහුද මෙපමණ භික්ෂුණීහුද වැඩම කෙරෙත්වායී පුද්ගල නියමයක් ගණන් නියමයක් නැතිව ආරාධනයෙන් පැමිණියා වූ භික්ෂු භික්ෂුණීන්ට දෙන දානය
6.
මෙතෙක් භික්ෂුන් ලැබේවායී ආරාධනා කොට දෙන සඟසතු දානය.
7.
මෙතෙක් භික්ෂුණින් ලැබේවායී ආරාධනා කොට දෙන සඟ සතු දානය වශයෙන් සාංඝික දාන හතක් දක්ඛිණ විභංග සූත්රයෙහි සඳහන්වේ. මෙකල දිය හැක්කේ අංක 03 සහ 06 යටතේ දැක්වෙන සඟසතු දානමය පිංකම් පමණක් වේ.
ධර්මය ලියවීම
අටමහා කුසලයන්ගේ පස්වන පිංකම වන්නේ ධර්මය ලියවීම වේ.
පරියත්ති, ප්රතිපත්ති, ප්රතිවේද වශයෙන් ත්රිවිධ ශාසනයක් හඳුන්වා දී ඇත. මෙහි පරියත්ති ශාසනය නම් ත්රිපිටක බුද්ධ වචනයයි. ප්රතිපත්ති ශාසනය නම් බුද්ධ දේශිත ධර්මයට අනුව පිළිපැදීමයි. සීලාදී ගුණ ධර්ම ආරක්ෂා කිරීමයි එම ගුණධර්ම වඩා වර්ධනය කිරීම තුළින් ලබාගන්නා ඵලය ප්රතිවේධ නම්වේ.
බුදුරජාණන් වහන්සේ හතළිස් පස් වර්ෂයක් මුළුල්ලේ ලෝක සත්වයාගේ හිතසුව පිණිස දේශනා කොට වදාළ සියලුම ධර්මය මේ පරියක්ති ශාසනයට ඇතුළත් වේ. ධර්ම විනය වශයෙන් සඳහන් ඒ බුද්ධ වචනය මුල් අවස්ථාවේ වාචනා මාර්ගයෙන් හෙවත් කටපාඩමෙන් මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන ආරක්ෂාකරගෙන ආහ.
විවිධ ආයතන සමිති සමාගම් මගින් ධර්ම ග්රන්ථ ලියවීම ලිවීම මුද්රණය කිරීම පැසසිය යුතු කටයුත්තකි. තවද විවිධ සමිති සමාගම් මගින් ද පරිත්යාග ශීලීන් විසින් ද ධර්ම ග්රන්ථ ලිවීම ධර්ම පත්රිකා ලිවීම මුද්රණය කර බෙදා හැරීම සිදුකරනු ලබන අතර ධර්මය ඉගෙන ගන්න උපකාර කිරීම උතුම් කටයුත්තකි. සබ්බදානං ධම්ම දානං ජිනාතියන බුදු වදනට අනුගතව ධර්මය ප්රචාරය කිරීම ලිවීම ඒ කටයුතු වලට අනුග්රහය දැක්වීම අටමහා කුසලයන්ගේ එක් පිංකමකි.
කෙත් වතු පූජාව (කුඹුරු පූජා කිරීම)
භික්ෂු ජීවිතය පවත්වාගෙන යාමට ප්රධාන වශයෙන් සිවුපසය වන චීවර පිණ්ඩපාත සේනාසන හා ගිලානපච්චය අවශ්ය වේ. මෙහි සේනාසන යන වචනයෙන් වාසස්ථාන කියවේ. වාසස්ථාන හැඳින්වීමට විවිධ වූ වචන සමූහයක් ව්යවහාරයේ පවතී. ආරාමය, පන්සල, විහාරය, අසපුව, ආශ්රමය පිරිවෙණ ඉන් කීපයකි. එමෙන්ම ආරාම ශබ්දයෙන් මල්වතු පලතුරු වතු විනෝද උයන් වෙනත් රමණීය ස්ථාන ආරාම ලෙස නම් කර ඇත.
වේළු වනයෙන් ආරම්භ වූ ආරාම නිර්මාණය භාග්යවතුන් වහන්සේ ධරමාන අවදියේම භාරතයේ ඉතා ශීඝ්රයෙන් ව්යාප්තවිය. ජේතවනය පූර්වාරාමය වැනි ස්ථාන අංග සම්පූර්ණ ගොඩනැගිලි වලින් යුක්තව තිබී ඇත. විහාරස්ථානයකට අයත් අංග හෙවත් ගොඩනැගිලි රාශියක් බද්ධව පවතී.
වර්තමානයේ වුවද මෙය මනාව දැකිය හැකිය, විහාරය, ධර්ම ශාලාව, දාන ශාලාව, චෛත්ය, බෝධිය, පොහොය සීමාව, වැසිකිළි කෙසිකිළි, මලසුන් ගෙවල් ආදී විවිධ ගොඩනැගිලි සංකීර්ණයන් විහාරස්ථානයක දක්නට ඇත. මෙම ගොඩනැගිලි පරම්පරාගණනාවක් ආරක්ෂාවන ආකාරයට ශක්ති සම්පන්නව නිර්මාණය කර ඇත. අදටත් ඉන්දියාවේ හා ලංකාවේ පුරා විද්යා ස්ථාන තුළින් ඒ අවබෝධය ලබාගත හැකිය.
මෙවැනි ගොඩනැගිලි සංකීර්ණයක් පිරිසිදුව නිර්මලව ආරක්ෂා කිරීම විහාරස්ථානයක දායක පිරිසට තනිවම කළ නොහැකිය. විහාරස්ථානයක් තුළ ඇති ගොඩනැගිලි ආරක්ෂා කිරීමත් එමෙන් විහාරස්ථාන යන්හි සිදුකරණ පෙරහැර උත්සව ආදී විවිධ කටයුතු රාශියක් වාර්ෂිකව සිදු කරනු ලබයි. ඒවාට විශාල ධනයක් අවශ්ය වේ. විශාල පිරිසක් අවශ්ය වේ.
අතීතයේ විහාරස්ථානවල දහස් ගණන් භික්ෂුහු වාසය කළහ. එහෙයින් ඒ භික්ෂූන්ට අවශ්ය සිව්පසය ලබා දීමටත් ස්ථාන නඩත්තුවටත් එහි සේවය කරණ ජනතාවට බත් වැටුප් දීමටත් විශාල මුදලක් ධනයක් අවශ්ය විය. මේ තත්වය විහාරස්ථානයේ දායක පිරිසට දැරීමට නොහැකි අවස්ථා ඇති වේ. එබඳු අවස්ථාවන්ට මුහුණ දීමටත් ශාසනයේ අනාගත චිරස්ථිතිය සඳහාත් එදා හෙළ රජදරුවන් විහාරස්ථාන වලට ගොඩ මඩ ඉඩම් කුඹුරු ආදී දේ පූජා කළේ ශාසනික කටයුතු කරගෙන යාමට උපකාර කිරීමක් වශයෙන් සළකාගෙනය.
පිළිම කරවීම
බුදුරජාණන් වහන්සේ ගේ ප්රතිමා නිර්මාණය කිරීමත් මුල් අවදියේ නොවීය. ඒ වෙනුවට ආසනය, පද්මය, ධර්ම චක්රය, නෙළුම්මල, ආදී සංකේත භාවිතා කළ බව සඳහන් වේ. සාංචි හා භාරුත් ස්ථුපවල බුද්ධ රූපය දැක්විය යුතු ස්ථානවල ඇත්තේ වෙනත් සංකේත වීම එයට නිදසුන්වේ.
නමුත් කොසොල් මහ රජතුමා විසින් බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටි අවදියේම සඳුන් ලීයෙන් බුද්ධ ප්රතිමාවක් නිර්මාණය කරවූ බව කොසල බිම්ඹ වර්ණනාවේ සඳහන් වේ. මෙය පසුකාලීන නිර්මාණ වලටත් ගුරු වූ බව සඳහන් වේ. ඒ බව පාහියන් දේශාටන භික්ෂූන් වහන්සේගේ ගමන් විස්තරයෙහි දැක්වේ. රනින් බුද්ධ ප්රතිමා නිර්මාණය කළබව කුස ජාතකයේ සඳහන්වේ. මෙසේ ඒ පිළිබඳ යම් යම් තොරතුරු සඳහන් වේ.
කෙසේවෙතත් මහින්දා ගමනයෙන් පසු දෙවනපෑතිස් රජතුමා බුදුපිළිමයක් නිර්මාණය කළබව මහා වංශයේ සඳහන් වේ. මේ කාලයේ සිට මූර්ති කලා චිත්ර නාට්ය ආදී සෑම අංශයකම පිබිදීමක් සිදුවී ඇති බව ඉතිහාස ගත තොරතුරු අනුව පැහැදිළි වේ. අනුරාධපුර යුගයේ සිට විවිධ රජවරු පිළිම නෙළීම සිදුකළබව ඉතිහාස ග්රන්ථයන්ගෙන් පැහැදිළිවේ.
අනුරපුර ථූපාරාමයෙහි රනින් කළ බුද්ධ ප්රතිමාවක් තැන්පත් කළ බවත් දුටුගැමුණු රජ රුවන්වැලි මහා සෑයේ බුද්ධ පර්යන්තයෙන් යුත් රන්පිළිමයක් ගර්භයේ තැන්පත් කළ බවත් සඳහන් වේ.
වැසිකිළි කරවීම
අටමහා කුසල් අතර අටවන මහා කුසලය වශයෙන් සඳහන් වෙන්නේ වැසිකිළි සාදවා මහ සඟනට සඟසතු කොට පූජා කිරීම හෝ පොදු ජනතාවගේ ප්රයෝජනයට අවස්ථාව උදාකිරීම මෙම පිංකමට දායක විය හැකිය.
ශිෂ්ට සම්පන්න ජන සමාජයක් තුළ වැසිකිළි භාවිතා කිරීම අවශ්යම කාරණයකි. එවිට බාහිර පරිසරය දූෂණය නොවේ. ලෙඩරෝග බෝවීම වැළකේ. නීරෝගී ජන සමාජයක් බිහි කිරීමට මෙම කරුණුද විශේෂ හේතුවකි. බුද්ධ දේශනයේදී විශේෂ අවධානය යොමුවූ කාරණයකි වත් පිළිවෙත් අනුගමනය කිරීම. ඒ වෙනුවෙන් චුල්ලවග්ග හා මහා වග්ග පාලි යේ වත්තකඛන්ධකය යනුවෙන් වෙනම කොටසක් වෙන්කර ඇත. ඒ වත් අතර වැසිකිළිවත කෙසිකිළිවත එකකි.
එම වැසිකිළි කෙසිකිළි භාවිතා කරණ ආකාරය ද දහමේ වත් මගින් පැහැදිළිකර ඇත. විනය ග්රන්ථයේ මනා විවරණයක් ඒ සඳහා වේ. නිතරම වැඩිමහළු පිළිවෙළට හෙවත් වෘද්ධ පටිපාටිය අනුගමනය කරන සංඝ සමාජය මෙම වැසිකිළි වතෙහිදි ආගත පටිපාටිය හෙවත් වැසිකිළියට යන්න ආපිළිවෙළට යාමට අවස්ථාව විනයෙන් හිමිකර දී ඇත. එය පාවිච්චි කිරීමෙන් පසු සෝදා පිරිසිදු කරණ ආකාරය පවා මෙහි දක්වා ඇත. එවැනි ස්ථාන පිරිසිදුව පවත්වාගෙන යාම එය භාවිතා කරණ සැමගේ පොදු වගකීමකි.
මාබෝපිටියේ විමලඤාණ හිමි

ශ්රද්ධා කලන මිතුරන් විසිනි
Source path to Nirvana

Mahamegha

Total Pageviews